23 September 2016

  ඉඩමක නිවෙසක් සෑදීමේදී නිතරම උතුරු පැත්ත හා ඊසාන පැත්ත ඉඩ සිටින ලෙස ගැනීමට උත්සාහ ගත යුතුය. නිවස දිසා ගත කිරීමේ දී මුළුතැන් ගෙය ‍පෝරනුව ගිනිකොණට ගැනීමට හැකි තරම් උනන්දු වන්න.
ඉඳුල් වතුර වැසිකිළිවල ආදිය නිරිත හා දකුණ අතරට ගන්න. ළිඳ හා ජල ටැංකි උතුරට - ඊසානට ගැනීම ඉතා සුබදායක වන්නේය. ඒ හැරෙන්නට වෙනත් අපිරිසිදු කටයුතු උතුරට හා ඊසානට නොගත යුතුය.
අපද්‍රව්‍ය වළ ඉතා අසුබදායී වන හෙයින් එය බටහිරට, නිරිතට ගන්න. කෙසේවත් උතුරට නම් සුදුසු නැත. ඊසානට ද සුදුසු නැත. එම දිසාවලට හිතුවක්කාර ලෙස ඒවා ගත හොත් නිවසේ නිතර නිතර ලෙඩ රෝග, අසමඟිය ඇති කෙරේ.

  වාස්තු පුරුෂයාගේ හිස පිහිටා ඇත්තේ උතුර හා ඊසානට යාබදවය. පාද පිහිටා ඇත්තේ නිරිත කොටසටය. ඒ අනුව වැසිකිළිවළත් ඊසාන හා උතුරට ගතහොත් වාස්තු පුරුෂයා පීඩනයට පත් වී කෝප වේ. ඒ නිසා නිවසේ රෝ දුක්, අසමඟිය, භූත දෝෂ සැමදා ඇති වේ. සැනසීම නැති වී දුකට පත් වේ. ගෘහ මූලිකයා අසනීපයකට ගොදුරු වී එක් තැන් වේ. දරුවන් නිවසින් පිට වී යනු ඇත.

  වාහන දමන ගැරේජය , දර මඩුව, බලු කූඩුව මේ ආදී කොටසද අසුබ දායක වේ. වාහන ගාල් කරන ‍ස්ථානය වයඹ දෙසට ගන්න. දර මඩුව, බලු කූඩුව බටහිරට ගන්න.
උතුරට ඊසානට තැඹිලි ගස්, නාරං, මැංගුස්, රඹුටන් ආදී ගස් වර්ග සිටවීම සුදුසු නැත. මලයක්ෂ දෝෂ නිවසට බැල්ම දමන්නේ එම ගස්වලට අරක් ගෙනයි.

  සමහර නිවාසවල උතුරු පැත්තේ කුකුල් කොටු, එළුවන්, හරක් ගාල් ආදිය සකස් කර ඇත. ඒ අනුව අපිරිසිදුවීම ඉතා අධික වේ. මෙය ද ඉතා අසුබ දායකය . එම සතුන්ට පවා හිටි හැටියේ සන්නි රෝග, බෝවන රෝග හට ගෙන විනාසයට පත්වනු ඇත.

  ඉඩමට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුව ඊසාන කෙළවරට ගැනීම ද ඉතා අසුබදායක වේ. ගෙහිමියාට හිසේ ආබාධයක් හටගෙන එය සුවපත් කළ නොහැකි වේ. අඩු ආයුෂින් අවසන් වීමට ද එය හේතු වේ.
උ‍දේට මිදුල අතු ගා සුද්ධ කිරීමේ දී එකතු වන කොළ රොඩු අපද්‍රව්‍ය උතුර හා ඊසාන දිසාවන්හි ගොඩ ගසා ගිනි තැබීම සුදුසු නැත. නිවසට විශාල ධන හානියක් ගෙන දෙනු ඇත.

  රෙදි වැල් ඇදීම ද උතුරු පැත්තේ හා ඊසාන දිසාව ඉතා අසුබ දායක වේ. නිවසේ දියුණුවට බාධා ගෙන දෙයි. රෙදි වැල් බටහිර පැත්තට ගන්න.

  උතුරෙන් හෝ ඊසාන පැත්තෙන් පිට ඉඩමකින් අපිරිසිදු ජලය හෝ වැස්සෙන් ඉඩම සේදී එන ජලය ඔබේ ඉඩමට ගලා එයි නම් එය ද ඉතා අසුබ දායක වේ. සතුරු කරදර, භූත දෝෂ පැමිණීමට හේතුවේ. එය වෙනස් කර ගන්න.

  මේ ආකාර‍යෙන් ‍නිවසේ උතුර හා ඊසාන වරදවා යොදා ගැනීමෙන් නිවසට අසහනය ගෙන එනවා විනා සැනසීමක් නම් ඇති නොවේ. එම නිසා එය හැකි තරම් පිරිසිදුව තබාගෙන සුදුසු පරිදි බුදු ගෙයක් සකස් කර ගන්න. ඒ සඳහා වාස්තු විද්‍යාවේ උතුර හෝ ඊසාන සුදුසු බව පෙන්වා දී ඇත. මල් පහන් සුවඳ පූජා කිරීමට, භාවනා කිරීමට ඉඩ සරිලන පරිදි එය සකස් කර ගන්න. දෙවියන්ට පහන් තබන්නේ නම් එයට ද සුදුසු වේ. කෙසේ නමුත් ආගමික කටයුතු කිරීමට නිවස ඇතුලට වඩා පිටස්තරින් එම දසාවන් ඉතා සුබදායක වන අතර නිවසට සැනසීම ද උදා වේ.

  බුදු ගෙය උතුරු පැත්තේ සෑදීමේ දී ඉඩමේ මායිමට අඩි 3ක්වත් ඉඩ හැර සෑදිය යුතුය. උතුර බලා පහන් තැබීමට වැඳීමට සුදුසු පරිදි එය සකස් කර ගන්න.

  අද සමාජයේ බොහෝ දෙනා වාස්තු දෝෂ ගැන ඉතා කල්පනාකාරීව සොයා බලා කටයුතු කරමින් තම නිවස සකස් කර ගැනීමට උනන්දු වේ. නමුත් සමහර නිවාස සැලසුම් මේවා පිළිනොගෙන සකස් කර දෙන අය සිටිති. එයින් පීඩාවට පත්වන්නේ ගෘහ මූලිකයා මිසක් සැලසුම් ශිල්පියා නොවේ. ඒ නිසා උගත් අවංක සැලසුම් ශිල්පීන් මේ ගැන උනන්දුවන්නේ නම් ගෙහිමියා පීඩාවට පත් නොවේ.


ජ්‍යොතිෂවේදී ජේ. ගුණපාල

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව