13 September 2019

  
 

   සුනිල්වන් දිගු කේෂ කලාපය යුවතියකගේ සොඳුරු බව වඩවයි. පංච කල්‍යාණයෙන් එක් අංගයක් ලෙස කෙස් කලඹ හැඳින්වෙන්නේ ද එනිසාමයි. එහෙත් එයම ඇගේ රුව අවලස්සන කිරීමට හේතු වෙනවා නම්..?
රුව නසන, කෙස් කලඹ අවලස්සන කරන හිසකෙස්වලට වැළඳෙන රෝගී තත්ත්වයන් කිහිපයක් ම තිබෙනවා. ඉන් බහුතරයක් ම පීඩා විඳින හිස්හොරි පිළිබඳ හා එම රෝගයෙන් මිදිය හැකි ස්වාභාවික ප්‍රතිකර්ම අපි පසුගිය සතියේ පාඩම මඟින් ඔබට ඉදිරිපත් කළෙමු.

  අද දින අප දැනුවත් කරන්නේ බොහොමයක් පාසල් දැරියන් හා ඇතැම් කාන්තාවන් පීඩා විඳින උකුණු කරදරය පිළිබඳයි. උකුණන් බෝවීම ඉතා ඉක්මනින් ම සිදු වන්නක්. උකුණන් ඇති අයකු පාවිච්චි කළ කොට්ටඋර, ඇඳ ඇතිරිලි, තුවා මෙන්ම විශේෂයෙන් ම පනාව, කොණ්ඩය සරසන උපකරණ ආදිය පාවිච්චි කිරීමෙන් ඔබටත් උකුණන් බෝවිය හැකියි.

  එයට අමතරව වසංගතයක් ලෙස හිසෙහි ඉතාමත් අධික සංඛ්‍යාවක් උකුණන් සිටින අයකුට ළංව සිටීමෙන් ද උකුණන් බෝවීම සිදු විය හැකියි. එසේ බෝවන උකුණන් ඔබ අපිරිසුදුව සිටින්නේ නම් ඉතා ඉක්මනින් ම ඔබේ හිසේ උකුණු ජනපද ඇතිකර ගනී.

  රුව ලස්සන සමඟින් පිරිසුදු බව ගැන ද උනන්දු විය යුතුයි. එසේ නොමැතිව ලස්සන ගැන පමණක් ම සිතීමෙන් සැබෑ ලස්සනක් ලබා ගත නොහැකියි. උකුණු කරදරයෙන් බේරීම සඳහා සිදු කළ හැකි ස්වාභාවික ප්‍රතිකර්මයක් පහතින් දැක්වේ.

  මෙම ප්‍රතිකර්මය සිදු කිරීම සඳහා ඔබට කොහොඹ දලු හා වෙරළු දළු අවශ්‍ය වේ. පිරිසුදු කරගත් කොහොඹ දළුත් වෙරළු දළුත් එකට කොටා තලපයක් සාදා ගත යුතුයි.

  දැන් මෙම තලපය හිසේ හොඳින් ආලේප කරන්න. එය විනාඩි 20ක් පමණ වේලාවක් තබන්න. ඉන්පසුව දැති සිහින් පනාවකින් හිස හොඳින් පීරන්න. ඉන් අනතුරුව ඔබ හිස සේදීම හෝ නෑම සිදු කළ යුතුයි.

  මෙම ප්‍රතිකර්මය කිරීමේ දී ඔබ තම සෞඛ්‍ය තත්ත්වය ගැන ද මඳක් සැලකිලිමත් වීම වැදගත් වේ.

  ඔබ සෙම් අධික, පීනස් ආදී ලෙඩ රෝග ඇති අයෙක් නම් මෙය සිදු කළ යුත්තේ හොඳින් සූර්යාලෝකය පවතින උණුසුම් දිනවල දී ය. නැතිනම් මේ කොළවර්ග දෙකම සීතල බවින් යුතු නිසා සෙම වැඩි වීමක් සිදු විය හැකියි. මෙය උදෑසන හෝ සවස් වරුවේ සිදු කිරීමෙන් ද සෙම් තත්ත්වන් වැඩි විය හැකිය.

  උකුණු කරදරය නිසා සමාජයේ පිළිකුලට ලක් වී කොන් වීමට අවශ්‍ය වන්නේ නැහැ. වෙළෙඳපොළේ ඇති කෘත්‍රිම ආලේපනයන්හි රසායනික ද්‍රව්‍ය අඩංගු නිසා ඒවා භාවිත කිරීමට අකැමැති ඔබට මේ ස්වාභාවික ප්‍රතිකර්මය සිදු කළ හැකියි.

  මානසිකව හා ශාරීරිකව වද දුන් උකුණු කරදරයෙන් දැන් ඔබට ඉක්මනින් ම මිදෙන්නට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔබේ උනන්දුව හා ඕනෑකම පමණයි.


(සැ.යු, උපුටා ගැනීමකි )

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව