13 May 2017


  බොහෝ දෙනෙකු තම බිලිඳාට නම තැබීමේ පටන් වෙලෙඳ ව්‍යාපාරයකට නම තැබීම දක්වා කටයුතු කරන්නට පුරුදුව සිටින්නේ ජ්‍යොතිෂයට අනුවය. එ නිසා ජ්‍යොතිෂ් ශාස්ත්‍රවේදීයා ජන්ම මෙන්ම නාම නැකැත් වලට ශුභ දායක සිද්ධි චක්‍ර වලට ගලපා නමක් සකස් කරදීම සිරිතක් වශයෙන් කරයි.


ව්‍යාපාර නාම පුවරු .
  අද අපගේ විමසුමට ලක් වෙන්නේ ව්‍යාපාර නාම පිළිබඳවයි . ඉහත සඳහන් සේ ජන්ම , නාම නක්ශාස්ත්‍ර වලට ගළපා ශුභ අක්ෂර ගණ යොදා සකස්කර දෙනු ලබන ව්‍යාපාර නාමය සුදුසු දිග පළලක් නැති පුවරුවක ඇඳීමෙන් දොස් ඇතිවේ. කරදර කම්කටොලු එන්නට පටන් ගනී.

දිග පළල.
  මන්ත්‍ර ශාස්ත්‍රය නිපඳවු ඉසිවරයන් විසින් යන්ත්‍රයක දිග පළල කෙරෙහි විශේෂිත වු අවධානයක් යොමුකර තිබේ. ඒ අනුව යන්ත්‍රයකට බලපාන එම දිග පළල නාම පුවරු සඳහාද බලපාන බව මතක තබාගත යුතුය. යන්ත්‍රයක දිග පළල අඟල් වලින් මනින අතර , නාම පුවරු සඳහා අඩි භාවිතා කළ හැකිය. සුභ පාට ලග්නය අනුව නාම පුවරුවට වර්ණය යොදා ගැනීමද අවශ්‍යය. 


මේෂ ලග්නයට - නිල්,රතු ශුභය.
වෘෂභ ලග්නයට- කොළ ,සුදු ශුභය
මිථුන ලග්නයට- කොළ ,කහ ශුභය
කටක ලග්නයට- සුදු ,කහ ශුභය
සිංහ ලග්නයට- රතු ,රත්‍රං පාට ශුභය
කන්‍යා ලග්නයට- සුදු ,කහ ශුභය
තුලා ලග්නයට- සුදු ,රතු ශුභය
වෘශ්චික ලග්නයට- කහ ,රතු ශුභය
ධනු ලග්නයට- කොළ ,සුදු ශුභය
මකර ලග්නයට- රතු ,නිල් ශුභය
කුම්භ ලග්නයට- කහ ,රතු ,සුදු ශුභය
මීන ලග්නයට- රතු ,කහ ,ශුභය.


  පුවරුව සෑදීමට වර්ණ කිහිපයක් භාවිතා කරන්නේ නම් අදාළ පුද්ගලයාගේ සුබ වර්ණය වැඩිපුර භාවිතා කරන්න. මෙසේ සාදා ගන්නා නාම පුවරුව මිනිසුන්ට හොඳින් පෙනෙන ආකාරයට එල්ලීම හෝ තාප්පයකට ගිල්ලීම හෝ කළ යුතුයි. මෙසේ කිරීමෙන් ජන්මියාට උපරිම සුබඵල උදා වෙයි. එහෙත් ලග්න හා වර්ණ සම්බන්ධයෙන් වෙනත් මත ද ඇත.

නමක බලය.
  පුද්ගල නාමය ,නිවාස නාමය , ව්‍යාපාර නාමය යන ඕනෑම නාමයක් මන්ත්‍රයක් හා සමාන වේ. එසේම ඕනෑම නමක් නිතර කියවීමෙන් දස දහස් වර ජප වේ. එවිට එම නම සිද්ධි වී ශුභ අශුභ පල දීමට පටන් ගනියි. එනිසා තබන නම ශාස්ත්‍රානුකූලව සකස්කර යුතුය .

අශුභ ගණ.
  වෙළෙඳ ව්‍යාපාරයක නාම පුවරුවේ සටහන් කරන නාමයට අනුව පලමු ගණය සුභ වී ඊලඟ ගණය අශුභ වුව හොත් සම්පත් විනාශ වී ආර්ථික පරිහානිය ඇති වේ. එසේ යෙදී ඊලඟ ගණය ශුභ වුවහොත් ඉහත සඳහන් දෝෂය මදක් අඩු වේ. එහෙත් හතර වැනි ගණය අශුභ වූ විට සාමය බිඳ වැටී ව්‍යාපාර හිමියා දුකට පත්වේ. ව්‍යාපාර බිඳ වැටේ.

සුදුසු ආය වර්ග .
  වාස්තු විද්‍යාවේදී නිවසක දිග පළල අනුව ගොඩනැගෙන ක්ෂේත්‍ර ඵලය පොරොන්දම් එකොළහකට බෙදෙන අතර ,එම පොරොන්දම් එකොළහෙන් තුන්වැනි තැනට වැටෙන යෝනි පොරොන්දම "නාම පුවරු " සඳහා ද යොදා ගැනීමෙන් මහඟු පල ලැබේ. එම යෝනි පොරොන්දමට , ධවජ යෝනිය, ධූම යෝනිය , සිංහ යෝනිය , සුනඛ යෝනිය , වෘෂභ යෝනිය , කොටළු යෝනිය , ගජ යෝනිය අයත් වේ.

  මෙම යෝනි වර්ග සොයා ගන්නේ ක්ෂේත්‍ර ඵලය තුනෙන් වැඩිකර අටෙන් බෙදීමෙනි. ඒ අනුව නාම පුවරුවේ දිග පළල තුනෙන් වැඩිකර අටෙන් බෙදීමෙන් ලැබෙන ශේෂය එක වුවහොත් එය ධවජ යෝනි වශයෙන් සැලකේ. නාම පුවරුවේ දිග පළල ධවජ යෝනි වර්ගයට අයත් වන ලෙස සකසා ගත හැකිනම් විශිෂ්ටතම ඵල ලැබේ.මෙහිදී ලැබෙන ශේෂයට අනුව යෝනිය පහත ආකාර වේ.

ශේෂය 1 නම් - ද්වජ යෝනිය වේ.
ශේෂය 2 නම් - කොටළු යෝනිය වේ.
ශේෂය 3 නම් - සිංහ යෝනිය වේ.
ශේෂය 4 නම් - සුනඛ යෝනිය වේ.
ශේෂය 5 නම් - වෘෂභ යෝනිය වේ.
ශේෂය 6 නම් - දුමා යෝනිය වේ.
ශේෂය 7 නම් - ගජ යෝනිය වේ.
ශේෂය 8 නම් - කාක යෝනිය වේ. (ඉතිරි නැතිව බෙදීම)


  ද්වජ යෝනිය ව්‍යාපාර නාම පුවරුවක් සඳහා සුදුසුම යෝනියයි. මීට අමතරව සිංහ, ගජ හා වෘෂභ යෝනිද සුබ ගනයේ ලා සැලකේ.

  නාම පුවරුවක් තැනීමේ දී ගැනිය යුතු දිග පළල ඔත්තේ විය යුතු බව ඉහත සඳහන් කළ අතර ඉරට්ටේ වූ විට අශුභ ඵල ගෙන දෙන බවද සඳහන් වේ. මෙයට අමතරව නාම පුවරුවක් සෑදීමට ගන්නා දිග, පළල අනුපාතය අනුව වර්ග 8කට වාස්තු විද්‍යාවේ වර්ග කර ඇත. ඒවා නම් ශුභ, මාරක, ජය, රෝග, ලාබ, නිශ්ඵල ශ්‍රියා හා හානි ලෙසය. මේවා කුමන අනුපාත වලද යන්න පහත සඳහන් වේ.


1- ශුභ වර්ගය. 
නාම පුවරුවේ දිග පළල සම චතුරශ්‍ර නොහොත් හරි හතරැස් වීම ශුභය .(1:1 අනුපාතය)
2-මාරක වර්ගය .
නාම පුවරුවේ පළල මෙන් 2 දිගවීම මාරකයි.
(1:2 අනුපාතය)
3-ජය වර්ගය .
නාම පුවරුවේ පළල මෙන් 3 දිග වීම ශුභය .
(1:3 අනුපාතය)
4- රෝග වර්ගය .
නාම පුවරුවේ පළල මෙන් 4 දිග වීම ඉතා අශුභය.
(1:4 අනුපාතය)
5- ලාභ වර්ගය .
නාම පුවරුව පළල මෙන් 5 ගුණයක් දිග වීම ශුභය .
(1:5 අනුපාතය)
6- නිශ්ඵල වර්ගය .
නාම පුවරුවේ පළල මෙන් 6 ගුණයක් දිග වීම අශුභය .
(1:6 අනුපාතය)
7- ශ්‍රියාව වර්ගය .
නාම පුවරුවේ පළල මෙන් 7 ගුණයක් දිග වීම ශුභය .
(1:7 අනුපාතය)
8- හානි වර්ගය .
නාම පුවරුවේ පළල මෙන් 8 ගුණයක් දිග වීම ඉතා ශුභය . 
(1:8 අනුපාතය)

  නම පුවරු සඳහා ශුභාශුභ චක්‍රය එසේය.ඉහත අනුපාතයන්ගෙන් ශුභ ගනයේ ලා සැලකෙන්නේ ශුභ , ජය, ලාභ හා ශ්‍රියා යන අනුපාතයන්ට අදාළ දිග පළල පමණි. අනිත්වා අශුභ දිග පළල වන බැවින් භාවිතයට නොගනී.
Print Friendly and PDF

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව