17 October 2015

 

   සිහින පලාපල පිළිබඳ විවිධ මතිමතාන්තර පැරැණි පොත්වල සඳහන් වෙයි. මෙම සිහින යාම හතරකට බෙදා වෙන් කරනු ලැබේ. සවස 6.00 සිට 9.00 දක්වා ප්‍රථම යාමය වශයෙන්ද, රාත්‍රි 9.00 සිට 12.00 දක්වා දෙවැනි යාමය වශයෙන්ද, රාත්‍රි 12.00 - 3.00 දක්වා තෙවැනි යාමය වශයෙන්ද, පූ.භා. 3.00 - 6.00 දක්වා සතර වැනි යාමය වශයෙන්ද ගණන් ගැනේ.
ප්‍රථම යාමයෙහි දකින සිහින වසරකින්ද, දෙවැනි යාමයෙහි දකින සිහින මාස අටකින්ද, තෙවැනි යාමයෙහි දකින සිහින පස් මාසයකින්ද, සිවුවැනි යාමයෙහි දකින සිහින දින දහයකින්ද විපාක දෙන බව ප්‍රකාශිතව ඇත. මෙතැන් සිට ඔබ දකින සිහින පලාපලයන් පිළිබඳ කරුණු ඉදිරිපත් කරනු ලැබේ. විද්‍යාලයකට යෑම හෝ ඉගෙනීමක් පිළිබඳ සිහිනයක් දුටුවේ නම් කීර්ති ප්‍රශංසා ගරු නම්බු ආදිය ලැබීමට හේතු වෙයි. සිහිනෙන් මඟුල් ගෙවල් දැකීම යහපත් නොවේ. අශුභ පල ගෙනදීමට සමත් වනු ඇත. සිහිනෙන් පන්සල් හෝ තෙල් මල් පහන් පුදනු දැකීම යහපත්ය. කිත් පැසසුම් ලැබීමට ඉවහල් වනු ඇත. බොර වතුර සිහිනෙන් දැකීම යහපත් නොවේ. අර්බුදකාරී ප්‍රශ්න මතුවීමට ඉඩ ප්‍රස්තාව ඇති කෙරේ. උඩු ඇන්දේ දත් වැටෙනු සිහිනෙන් දැකීම තමන් දන්නා හඳුනන අයකුගේ අවමංගල්‍යයකට සහභාගිවීමට සිදුවන බව පෙන්නුම් කරයි.
කොඩි, සේසත්, බෙර හා පිරිවර සහිත පෙරහරක සිහිනෙන් ගමන් කරනු දැකීම සැප සම්පත් ලැබීමට හේතු වෙයි. සිහිනෙන් අශූචි මත වැටී සිටිනු දැකීමද යහපත්ය. තමාට සිදුවන ලාභයක් පිළිබඳ මින් පිළිඹිබු කරයි. ඇතෙකු පිට යනු දැකීමද තාන්න මාන්න ලැබීම්වලට ඉවහල් වනු ඇත. සුදු අශ්වයකු පිට යනු දැකීමද තනතුරු ලැබීම්වලට ඉවහල් වනු ඇත. ධනවත් භාවය ලැබීමට කදිම පිහිටීමකි. සිහිනෙන් කපුටන් දැකීම නොයෙක් දුක් කරදර ඇති වීමට හේතු වනු ඇත. මොනරුන්, කුකුළන්, කොවුලන් සිහිනෙන් දර්ශනය වූයේ නම් ආදරවන්ත පෙම්වතකුගේ අත ගැනීමට සමත් වනු ඇත.
පහන් දැල්වීම, සුදු වස්ත්‍ර, කණ්ණාඩි ආදිය සිහිනෙන් දර්ශනය වූයේ නම් ධන ලාභ ලැබීමට ඉවහල් වන බව සැලකිල්ලට ගත යුතුය. රන්, රිදී ආභරණ ආදිය සිහිනෙන් දුටුවේ නම් සම්පත් ලැබීමට ඉවහල් වනු ඇත. දියෙහි පිහිනනු දැකීම, සළු - පිළි දැකීම, තමාගේ සිරුරෙහි මදුරුවන් ලේ බොනු දැකීම යස ඉසුරු ලැබීමට හා ලොතරැයි දිනුම් ආදිය හිමිවීමටද ඉවහල් වනු ඇත. කූඩැල්ලන් තමාගේ ශරීරයෙහි ලේ බොනු දැකීම හා නෙලුම් කොළයේ කිරි බොනු දැකීමද ශේ‍ර්ෂ්ඨ පුත්‍රරත්නයක් තමාට ලැබෙන බවට පෙර නිමිත්තකි. සිහිනෙන් සිනාසෙනු දැකීමද විපතක් අත ළඟ බව කියාපාන්නකි. දුර ගමනකදී රිය පෙරළෙනු දැකීමද විපතක් සිදුවන බවට අනතුරු හැඟවීමකි. ආහාර අනුභව කරනු සිහිනෙන් දුටුවේ නම් දුක් කරදර ඇතිවීමට හේතුවකි.
වෙනත් අයකු තමා සමඟ ආහාර අනුභව කරනු දුටුවේ නම් වස්තු ලාභ පෙන්නුම් කරයි. කෙනෙක් විසින් තවත් කෙනකුට ආහාර දෙනවා දුටුහොත් සතුරු බලවේග ඇති කිරීමට සමත් වනු ඇත. අශ්වයන් සිහිනෙන් දැකීමෙන් ලිංගික ආශා මතු කිරීමක් පෙන්නුම් කෙරේ. සර්පයන් දැකීම කාම සම්භෝගයට රුචියක් දක්වන බව පෙන්නුම් කෙරේ. කොටි සිහිනෙන් දැකීමෙන් ඔබේ වැඩ කටයුතුවලට මහත් බාධාවක් ඇති කිරීමට සමත් වනු ඇත.
උස් ගස් වර්ග දර්ශනය වූයේ නම් මහත් ආයාසයකින් යුතුව සිය අදහස් සඵල කරගත යුතුව ඇත. යතුරක් වතුරට විසිකරනවා දැකීම ලිංගික ශක්තිය පිරිහීමට හේතු වනු ඇත. තැපැල්කරුවකු සිහිනෙන් දුටුවේ නම් ප්‍රමාද වී තිබුණ කරුණක් ගැන සතුටුදායක ආරංචියක් ලැබෙනු ඇත. රූමත් විවාහක කතක් සිහිනෙන් දුටුවේ නම් සැප සම්පත් ලැබීමට හේතුවේ. සිහිනෙන් දියේ ගිලෙනු දුටුවේ නම් සැප සම්පත් ලැබීමට හා සිතැඟි ඉටුවීමට ඉවහල් වනු ඇත. ළිඳක් දුටුවේ නම් ශුභ පලදායක කාලයක් අත ළඟ බව පෙන්නුම් කෙරේ. මල් පැළවලට වතුර දමනවා සිහිනෙන් දුටුවේ නම් ධන ලාභයකට ඉවහල් වනු ඇත. පුත්‍ර සම්පත් ලැබීමට ද බලපැවැත්මක් ඇති කෙරෙනු ඇත. හිස් මුදල් පසුම්බියක් සිහිනෙන් දුටුවේ නම් බලාපොරොත්තු රහිතව අනපේක්‍ෂිත මුදල් ලාභයක් ලැබීමට ඉවහල් වනු ඇත.

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව