26 February 2016

     අපගේ ජීවිතයේ විවිධ ක්‍රියාකාරකම් තුළින් සේම අපගේ සිරුරින්ද විවිධ අනාවැකි පළවන බව ඔබ දන්නේද?.මේ දේවල් පැරණි අයගේ හණමිටි අදහස්‌ ලෙස සලකා ඉවත දැමීම බොහෝ දෙනාගේ පුරුද්දකි. නමුත් අධිමානසික විද්‍යාවෙන් පවා හුදෙකලා සිදුවීම් කිසිවක්‌ යම් අර්ථයක්‌ නොමැතිව සිදුනොවන බව පවසයි.   
           නැතිනම් එවන් දේවල් අපි ගණන් නොගන්නා කමය. එසේම අපෙන් දෛනික වශයෙන් සිදුවන විවිධ ක්‍රියා කාරකම් ඔස්‌සේද අනාවැකි පැවසෙන බව අධි මානසික විද්‍යාව පවසයි. ඒ අනුව අවබෝධ කළ යුතු කරුණු ස්‌වල්පයක්‌ ඔබවෙත මෙසේ ගෙන එමි. ප්‍රථම කොට අපගේ ශරීරය විසින් ගෙන එන ඇඟෙහි මස් නැටීමේ අනාවැකි කීපයක්‌ දකිමු.

       ඇතැම් අවස්‌ථාවල අප ශරීරයේ විවිධ ස්‌ථානවල ඇඟ මස්‌ නැටීම යන තත්ත්වයන් ඇතිවෙයි. හරියට යම් ශරීර ස්‌ථානක උඩයට පනින ආකාරයේ දෙයකි. මෙය මස්‌ නැටීම ලෙස පැවසෙයි. මෙසේ ශරීරය වම දකුණ වශයෙන් බෙදීමේදී ස්‌ත්‍රීන්ගේ සිරුරේ වම් පැත්තෙත් පුරුෂයන්ගේ සිරුරේ දකුණු පැත්තේත් මස්‌ නැටීම සුබ ලකුණක්‌ පිළිබඳ අනාවැකියක්‌ බව පැවසේ. එසේම ස්‌ත්‍රීන්ගේ දකුණු පසත්, පුරුෂයන්ගේ වම් පසත් මස්‌ නැටීමෙන් අසුබ නිමිත්තක්‌ ප්‍රකාශ වන බව පැවසේ.  
        හිස්‌ මුදුන මස්‌ නැටීමට ගොදුරු වී නම් ධන ලාභ, වස්‌තු ඉඩකඩම් ලාභ, ඇස්‌වලට කිට්‌ටුව නම් තමාට හිතවත්, යහපත් සේවකාදීන් සේවයට ලැබීම මෙන්ම තම දියුණුවට අවශ්‍ය සියලුම දේ ඔවුන් නොපිරිහෙලා ඉටුකරන බව ද පවසයි.

ඇස්‌බන්ධන ප්‍රදේශයෙහි මස්‌ නැටීම සිදුවී නම් තමන් කරන කියන දෙයින් සාර්ථක ප්‍රතිඵල ඇතිවීම මෙන්ම නඩුවක්‌ තරඟයක්‌ සම්මුඛ පරීක්‍ෂණයක්‌ වැනි තරඟකාරි දෙයකට ඉදිරිපත් වී සිටී නම් එයින් ජයග්‍රහණය හිමිවන බව පෙනේ. කර්ණාතයන්හි මස්‌ නැටීමෙන් තමන් අසන්නට කැමැති ජයග්‍රහණ, ධනලාභ ආදී සිතට ප්‍රියජනක දෙයක්‌ සිදුවීමත්, පිට කොන්දෙහි නම් තමා කරන දෙයින් ඵල ප්‍රයෝජන අත්නොවීම හෝ පරාජය අත්වන බවක්‌ පෙනේ. යම් අයකුගේ අතේ මුල ප්‍රදේශයෙහි මස්‌ නැටීම සිදුවී නම් තමන් ඇසුරු කරන මිත්‍රයන්ගේ උදව් උපකාර ලාභ, ප්‍රයෝජන හිමිවීමට හේතුවන බවත් පතුල් දෙක තුළ මස්‌ නැටීමෙන් තමන්ට වාසනාව භාග්‍ය උදාකරන භූමි ලාභ හිමිවීමත්, සමාජයේ කීර්ති ප්‍රශංසා ගෞරව ආදියට අවස්‌ථා උදාවන බවත් පැරණි ජෝතිශ්‍ය ග්‍රන්ථයන්හි සඳහන් වෙයි.

මනුෂ්‍ය ශරීරයේ ඇසේ දෙකෙළවර මස්‌ නැටීමෙන් කියෑවෙනුයේ යම් යම් ක්‍රමයන්ගෙන් තමාට ලාභ ප්‍රයෝජන අත්වන බවත් ඇසේ මධ්‍ය කොටසෙහි නම් තමන් කරගෙන යන වැඩකටයුතු පිළිබඳව කළකිරීමෙන් අලස බවක්‌ ඇතිවිය හැකි බව පෙන්වීමකි. ඇඟ මස්‌ නැටීම බෙල්ලෙහි සිදුවීමක්‌ කියාපාන්නේ තමන් අපේක්‌ෂා නොකළ ප්‍රසිද්ධියත් සමාජයත් ප්‍රශංසා ආදියත් ලැබී ජීවිතයේ දීප්තිමත් කාලයක්‌ උදාවන බවයි. නැබෙයි මස්‌ නැටීමෙන් හදිසි ධනලාභ, වස්‌තු ලාභ, වෙළෙඳ ව්‍යාපාර ආදියේ දියුණුව ඇතිවීමට හේතුවන බවත්. නාසයෙහි එවැනි අවස්‌ථා ඇතිවීමෙන් තමන් අපේක්‌ෂිත අදහස්‌ සඵල වී ප්‍රීතිමත් සැපවත් වාසනාවන්ත වකවානුවක්‌ ළඟදීම උදාවිය හැකි බව පෙන්නුම් කරයි. ඇඟ මස්‌, නැටීම නළල ප්‍රදේශයේ සිදුවී නම් තමන් පදිංචි ස්‌ථානයේ දියුණුව මෙන්ම තම ව්‍යාපාර, රැකියා ආදියෙහි ලාභ ප්‍රයෝජන උසස්‌වීම් ආදියට හේතුවන බවත් පෙනී යයි. තමන් ලැබීමට අපේක්‌ෂා කරන ප්‍රියකරන, දේ ලැබීමෙන්, සතුටක්‌, ප්‍රීතියක්‌ හිමිවන බව තොලෙහි මස්‌ නැටීමෙන් හෙළිවෙයි. උඩු තොලෙහි සිදුවී නම් වාසනාව, භාග්‍ය අත ළඟම ඇති බව පැරණි ජෝතිශ්‍ය  ග්‍රන්ථවල සඳහන් වෙයි.

ශරීරයක ඇඟ මස්‌ නැටීමට යොමුවූයේ බැමෙහි නම් ස්‌ථානයෙහි නම් මංගල උත්සව, ප්‍රිය සම්භාෂණ වැනි උත්සවයන් ට සහභාගි වීමට අවස්‌ථාව ඉක්‌මනින් එළඹෙන බව කියාපයි. උරහිස්‌ ප්‍රදේශයේ මස්‌ නැටීමෙන් තමන් කරන ව්‍යාපාර ආදියේ දියුණුවත්, ධන ධාන්‍ය, භව භෝගයන්හි සාර්ථක ඵල නෙළා ගැනීමට අවස්‌ථා උදාවන බවත් දැක්‌වේ. දෙඅත්හි මස්‌ නැටීම ධනලාභ, දේපළ, ඉඩකඩම් ලාභ ආදී ලාභ ප්‍රයෝජන අත්වීමත්, පිටකොන්දේ නම් තමන් යන එන ගමන් බිමන් හෝ කරන දේ වලින් ප්‍රතිඵල අත් නොවීමත් නඩු, රැකී රක්‌ෂා ආදී කටයුතුවලට සහභාගි වීමට සිටින අවස්‌ථාවකදී නම් එයින් තමාට පරාජය හිමිවිය හැකි බවත් කල්වේලා ඇතිව පෙන්නුම් කිරීමක්‌ බව පෙනේ. මස්‌ නැටීම වක්‌ෂස්‌ඵලයෙහි සිදුවීමෙන් තමන් අපේක්‌ෂිත සියලුම දෙයින් ජයග්‍රහණය අත්වීමත් බඩ ප්‍රදේශයේ සිදුවී නම් සිතට සැනසුම, ප්‍රීතිය උදාකිරීමට හේතුවන දේ සිදුවන බවත් පෙන්නුම් කිරීමකි. ස්‌ත්‍රියක හෝ පුරුෂයකු ගේ යෝනියෙහි මස්‌ නැටීම සිදුවීම නම් දරුවෙක්‌ පිළිසිඳ ගැනීමට හේතුවන බවත් හෘදය වස්‌තුවෙහි සිදුවීම ලෙඩ රෝග ආදී ශරීරයට අහිතකර සිදුවීම් ඇති විය හැකි බවත් පෙන්නුම් කරයි. පාදයක දනහිසෙහි මස්‌ නැටීම ස්‌වකීය ගමට හෝ ජීවත්වන ප්‍රදේශයෙහි පළාතෙහි සැලකිය යුතු තනතුරකට පත්වීම හෝ මිල මුදල් ආදිය ලැබීමෙන් සමාජයේ ප්‍රධානත්වයට පත්වීම බව පෙනේ. යටිපතුල්වල කැසීම ඇඟ මස්‌ නැටීමට සමාන යෑයි සලකන අතර එවෙනි දෙයක්‌ සිදුවීම තමන් බලාපොරොත්තු නොවූ දුර බැහැර ගමන් බිමන් යැමට හේතුවන බවත් ගමනේදී හෝ තම රැකීරක්‌ෂා ව්‍යාපාර ආදියෙන් පාඩු අලාභ සිදු විය හැකි බවත් කල්වේලා ඇතිව හැඟීමක්‌ වෙයි. ඉහත සඳහන් ප්‍රතිඵලයන්හි පලාපල ගෙනදීමේදී පුරුෂයන්ගේ වම් ප්‍රදේශයේදී ද ස්‌ත්‍රීන්ගේ දකුණු පැත්තෙහි ද සිදුවී නම් වෙනස්‌කම් ඇතිවන බවත් එම ස්‌ථානයන්හි ලප කලු පාටට හුරුවීම මස්‌වල පිපීමක්‌ ඇතිවිම හෝ කැසීම හේතුවෙන්ද ඉහත සඳහන් පලාපල ගෙන දෙන බවත්, පැරණි ජෝතිශ්‍ය  ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. දකුණතෙහි අල්ල ප්‍රදේශය කැසීම තමාට මිල මුදල් ලැබීම පෙන්නුම් කිරීමක්‌ බවත් වම් අල්ල කැසීම වියදම් අධික බව පෙන්නුම් කිරීමක්‌ බවත් දැක්‌වේ. වම දකුණ යන දෙපැත්ත අනුව ඉහත සඳහන් ප්‍රතිඵලයන් වෙනස්‌ වීමට හේතු වන බවත් සඳහන් කරමි.

       මේ අන්දමින් මිනිස්‌ සිරුරින් අනාවැකි ප්‍රකාශවන්නා සේම අපගේ ඇතැම් ක්‍රියාකාරකම් තුළින්ද අනාවැකි ප්‍රකාශ වෙයි. ඒවායේද සත්‍යතාවක්‌ පවතින බව තීක්‍ෂණව කල්පනා කාරීව අධ්‍යයනය කළහොත් පෙනෙන්නට තිබේ. මෙයින් වඩාත් ප්‍රකට කරුණක්‌ වන්නේ බලළෙක්‌ වාහනයකට යටවීමය. එය ඉතා අසුබ දෙයක්‌ ලෙස පිළිගනී. ඇතැම් විට එම වාහනය විකුණා දැමීමද සිදුකරයි.

නමුත් එවැනි අසුබ රැසක්‌ ඇතිවන සිදුවීම් රැසක්‌ම පවතින නමුත් බොහෝ අය ඒ කෙරේ අවධානයක්‌ නැත. එවැනි අසුබ සිදුවීම් කීපයක්‌ මෙයින් දක්‌වනු ලැබේ.

රෙදි වැලක්‌ යටින් රිංගා යැම ඉතාම අසුබ දෙයකි. එය තමන්ගේ පෞරුෂත්වය බිඳීයැම, අන් අයගේ පිළිගැනීමට ලක්‌නොවීම, කරන කියන කටයුතු කඩාකප්පල් වී යැම වැනි බලවත් අසුබතා දිගු කලක්‌ පැවතීම ඇතිවන වැරදි ක්‍රියාවකි. ගමනක්‌ යැමට සැරසෙන විට උඩුකය ඇඳුමේ බොත්තම් වැරදියට දැමුනොත් ගමනේ අරමුණ අසාර්ථක බවට ඉඟියකි. ගමනක්‌ යාමට නිවසින් එළියට බසින විට යමක්‌ අමතකව ආපසු පැමිණිය හොත් පුටුවක වාඩිවී මදවේලාවක්‌ සිට නැවත යා යුතුය. එසේ කළත් වැරදුණ අවස්‌ථා තිබේ.

රාත්‍රි කාලයේ නිවසට බිත්තර ගෙන ඒමත් බිත්තර නිවසින් පිටතට ගෙනයැමත් අමුනුෂ්‍ය දොaෂ බලවත් වීමට ප්‍රධාන හේතුවක්‌ වේ. නිදන ඇඳ හිස උතුරට තිබෙන සේ ඇත්නම් ආයු කෙටි වේ. දකුණට නම් දීර්ඝායු ඇති වේ. නැගෙනහිරට නම් ධනවත් බව වර්ධනය වේ. බටහිරට සාමාන්‍යයෙන් තබන්නේ නැත. තැබුවොත් ගමන් බිමන් වැඩිවන බව කියෑවේ. ගිනි පෙට්‌ටියක්‌ විවර කරද්දී එය ඉහිරී යැම සේම කතිර හැඩයට ගිනිකූර කිහිප තැනක පිහිටීම වූවිට එය ඉතාම සුබ ලකුණක්‌ බව කියෑවේ.

මේ අන්දමින් බොහෝ දේවල් ශරීරය සේම අපගේ ක්‍රියාකාරකම් හේතුවෙන් සුබා සුබ පැවසෙන අනාවැකි බව අධිමානසික විද්‍යාඥයෝ පවසති.

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව