11 March 2016


 ආයුර්වේදය යනු සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයකි. ‛ආයුෂ්’ යන්නෙන් දීර්ඝ ජීවිතය ද ‛වේදය’ යන්නෙන් උසස් දැනගැනීම නොහොත් උතුම් අනුශාසනය ද ගැනේ . මේ අනුව දිගු කලක් ජීවත්වීමට උපදෙස් දෙන උතුම් ශාස්ත්‍රය ‛ආයුර්වේදය’ ලෙසින් නම් කර ඇත.

                 ආයුර්වේදයේ භාවිතා වන ඖෂධ වර්ග වැඩි ගණනක ම මූලාශ්‍රය වන්නේ ශාකමය කොටස් ය. ඖෂධීය වටිනාකමක් ඇති ශාකයක පංචාංගය (මුල්,කොළ,පොතු,මල්,ඵල ) ඇසුරින් ඔෂධ නිපදවා තිබේ. ඔසු පැන්,යුෂ,තෛල,බෙහෙත් ගුලි,කල්ක,කෂාය,අරිෂ්ඨ ආදී වශයෙන් ආයුර්වේදයේ ඖෂධ මාධ්‍යයන් භාවිතා වී තිබේ. ශාක ඖෂධ වලට අමතරව මී පැණි, සත්ව මූලාශ්‍ර වලින් නිපදවෙන ඖෂධ මෙන්ම විවිධ පාෂාණ වර්ගද ඖෂධ වශයෙන් භාවිතා කර තිබේ.
         ආයුර්වේදයේ  මෙම ඖෂධ සඳහා ඊටම ආවේණික නම් හා මිනුම් ක්‍රම යොදාගනී. එයින් කිහිපයක් මා ඔබගේ මතු ප්‍රයෝජනය සඳහා සටහන් කර දක්වමි.
මිනුම් ක්‍රම 
කළං 01        - මංචාඩි 20
කළං 01        - ග්‍රෑම් 05
මංචාඩි 01     - මිලිග්‍රෑම් 250
පත 02          - මනා 01
මනා 02        - නැළි 01
නැළි 04        - ලාස් (කුරුණි) 01
මනාවක් යනු - අඬු කෝප්ප 02කි
පතක් යනු     - අඬු කෝප්ප 01කි
නැළියක් යනු - අඬු කෝප්ප 02කි


 නොයෙක් ඇට වර්ග අනුව මිනුම් ක්‍රම .
තල ඇට 03ක් යනු - අමු ඇට 01කි.
අමු ඇට තුනක් යනු - වී ඇට 01කි
වී ඇට 04ක් යනු - ගුංජා (ඔලිඳ) ඇට 01කි
රත්තිකා (ගුංජා) 02ක් යනු මංචාඩි (මදටිය ඇට) 01කි. වී ඇට 08කි.


ඇතැම් ඔසු වර්ග හඳුන්වන නම්
දෙසඳුන් යනු - රත් හඳුන් සහ සුදු හඳුන් වේ.
දෙදුරු යනු    - සූදුරු සහ කළුදුරුය.
ත්‍රිපලා යනු    - අරළු,බුළු සහ නෙල්ලිය.
ත්‍රිමධුර          - ගිතෙල්, මීපැණි, උක් හකුරුය.
පංච මධුර      -  කිරි,උක් හකුරු, ගිතෙල්, දධි, මී පැණි.
පංචාංගය      - මුල්,මල්, කොළ, පොතු, ගෙඩි
පස්ගෝරස   - කිරි,දීකිරි, මෝරු, ගිතෙල්, වෙඬරු
පස්තෙල්      - ගිතෙල්, තලතෙල්, එඬරු තෙල්, කොහොඹ තෙල්, මී තෙල්
පස් පැඟිරි     - දෙහි, ‍දොඩම්, නාරං, යකි නාරං, පූඩලු දෙහි
පස්මල්         - විළඳ, සමන් කැකුළු, හෙළ අබ, හී තණ, (ලද පස් මල්) සුදු                         මල් කැකුළු
නවරත්න     -  රතු කැට, මුතු, පබළු, මරකත, පුෂ්පරාග,දියමන්ති, නිල්කැට, ගෝමේද, වෛදූර්යය.
දසමූල         - බෙලි, මිදි, තොටිල, පලොල්, ඇත්දෙමට,අස්වැන්න,පොල්පලා, හීන්නෙරෙංචි, එළබටු මුල්, කටුවැල් බටු

පහත සඳහන් දත්ත, ධාන්‍ය වලින් ඖෂධ පිළියෙළ කිරීමේදී යොදාගනී .



ධාන්‍ය වර්ගය
වියලි බර
පෙගවීමෙන් පසු බර
අවශ්‍ය වතුර
තැම්බීමේ කාලය
තැම්බීමෙන් පසු බර
කව්පි (කලු)
ග්‍රෑම් 250
ග්‍රෑම් 526 (පෙගවූ කාලය පැය 5)
අඩු කෝප්ප 2 3/4
විනාඩි 35
ග්‍රෑම් 526
කව්පි (සුදු)
ග්‍රෑම් 250
ග්‍රෑම් 508 (පෙගවූ කාලය පැය 5)
අඩු කෝප්ප 2 3/4
විනාඩි 35
ග්‍රෑම් 524
කඩල
ග්‍රෑම් 250
ග්‍රෑම් 518 (පෙගවූ කාලය පැය10)
අඩු කෝප්ප 5
පැය 1 1/4
ග්‍රෑම් 512
මුං ඇට
ග්‍රෑම් 250
ග්‍රෑම් 508 (පෙගවූ කාලය පැය 5)
අඩු කෝප්ප 2 1/2
විනාඩි 45
ග්‍රෑම් 508

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව