මම අද ඔයාලට කියන්න යන්නෙ ඔයාලට වැදගත් වේවි කියල හිතෙන දුරකථන අංක කීපයක් , මේවා ඔයාලට වැදගත් කියල හිතෙනවනම් අවශ්‍ය අය සේව් කරල තියාගන්න .
අංක තුනේ කෙටි දුරකථන අංක.
සැ.යු:116 හැර අනෙකුන් දුරකථන අංක ඇමතුම් ගාස්තු වලින් නිදහස් වේ.
| අංකය | සේවාව |
|---|---|
| 110 | හදිසි ගිනි නිවීම හා හදිසි අනතුරු ගිලන් රථ සේවාවන් සඳහා |
| ගිනි නිවිමේ සේවා - කොළඹ / ගාල්ල / මහනුවර / බදුල්ල | |
| ගම්පහ ගිනි නිවීමේ ඒකකය : 033 - 2224444 | |
| ගිලන් රථ සේවා - කුරුණෑගල / අනුරාධපුරය / මන්නාරම / යාපනය | |
| 114 | යුධ හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය : |
| කොළඹ ප්‍රදේශයේ ජාතික ආරක්ෂාව පිළිබඳ තොරතුරු ලබාදීම. | |
| 116 | ගුවන් හමුදා ඇමතුම් ඒකකය |
| සැක සහිත ගුවන් යානා පිළිබඳ තොරතුරු ලබාදීම. | |
| 118 | ජාතික ආරක්ෂාව පිළිබඳ මෙහෙයුම් මධ්‍යස්ථානය |
| ජාතික ආරක්ෂාව පිළිබඳ තොරතුරු ලබාදීම. | |
| 119 | පොලිස් හදිසි ඇමතුම් සේවා |
| හදිසි මහජන පැමිණිලි |
අංක හතරේ කෙටි දුරකථන අංක
සැ.යු. 1929 සහ 1948 දුරකථන අංක සඳහා ඇමතුම් ගාස්තු නිදහස් වන අතර අනෙකුත් සියලුම අංකයන් සඳහා සමන්‍ය දුරකථන ගාස්තු අයකරනු ලැබේ.
| අංකය | සේවාව |
|---|---|
| 1900 | ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව |
| විදුලි සංදේශ සේවාවන් සම්බන්ධ පැමිණිලි | |
| 1901 | විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය |
| විදුලිය බිඳ වැටීම සම්බන්ධ පැමිණිලි | |
| 1905 | රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය |
| රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ ඇති සියලුම රාජ්‍ය ආයතනවලින් සිදුකරන සේවාවන් හිදී ජනතාවට සිදුවන දුෂ්කරතාවයන් දැනුම් දීම. | |
| 1909 | ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව |
| ජංගම දුරකථනවල IMEI අංකය පරික්ෂා කර නිර්වද්‍යතාවය තහවුරු කර ගැනීම. | |
| 1910 | ලංකා විදුලිබල සමාගම (LECO) |
| (LECO) ආයතනය මගින් විදුලිය ලබාදෙන ප්‍රදේශවල විදුලිය බිඳ වැටීම සම්බන්ධ පැමිණිලි. | |
| 1911 | ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව |
| ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන විභාග පිළිබඳ තොරතුරු ලබාගැනීම. | |
| 1912 | සංචාරක කටයුතු අමාත්‍යංශය |
| සංචාරක පැමිණිලි | |
| 1918 | උසස් අධ්‍යාපන අමාත්‍යංශය |
| උසස් අධ්‍යාපන කටයුතු ආශ්‍රිත තොරතුරු විමසීම. | |
| 1919 | රාජ්‍ය තොරතු කේන්ද්‍රය |
| රාජ්‍ය ආයතනවල තොරතුරු විමසීම. | |
| 1920 | කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යංශය |
| කෘෂි කර්මාන්තය ආශ්‍රිත තොරතුරු විමසීම. | |
| 1922 | රාජ්‍ය උකස් හා ආයොජන බැංකුව |
| තම ගනුදෙනුකරුවන්ට අවශ්‍ය බැංකු සේවා උපදෙස් ලබාදීම. | |
| 1929 | ළමා සංවර්ධන සහ කාන්තා අභිවෘද්ධිය පිළිබඳ අමාත්‍යංශය |
| ළමා අපයෝජනය හා ළමුන් ආරක්ෂා කිරීම සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීම. | |
| 1933 | ශ්‍රී ලංකා පොලිස් හා කන්තා කටයුතු අමාත්‍යංශය |
| ළමා සහ කන්තා හිංසනය පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම. | |
| 1939 | ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය |
| ජල සම්පාදනයට අදාළ පරිභෝගික ගැටලු පිළිබඳ විමසීම | |
| 1948 | දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි |
| නීති විරෝධි මත්ද්‍රව්‍ය අලෙවිය හා භාවිතය පිළිබඳ තොරතුරු දැනුම් දීම. | |
| 1954 | අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව |
| අල්ලස් හෝ දුෂණ පිළිබඳ පැමිණිලි | |
| 1955 | ජාතික ගමනාගමන කොමිෂන් සභාව |
| දුරගමන් සේවා බස් රථ වලින් මගීන්ට සිදුවන අපහසුතාවයන් පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම. | |
| 1956 | භාෂා ගැටලු විමසීම. |
| 1968 | වරාය හා මහාමාර්ග අමත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය |
| 1969 | දක්ෂිණ අධිවේගී මාරග මෙහෙයුම් |
| මාර්ග භාවිත කරන්නවුන්හට හදිසි අවස්ථාවන්හිදි මෙහෙයුම් මධ්‍යස්ථානය සමග සබඳතා පවත්වා ගැනීම. | |
| 1970 | විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව |
| විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ ප්‍රශ්න හා පැමිණිලි. | |
| 1973 | ශ්‍රී ලංකන් ගුවන් සේවය |
| ගුවන් සේවාවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම. | |
| 1979 | ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් සේවාවන් පිළිබඳ තොරතුරු ලබගැනීම. |
| 1984 | අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය |
| අන්තරාදයක ඖෂධ භාවිත කරන්නන් එයින් මුදවා ගැනීම සඳහා උපදේශන සේවා සැපයීම. | |
| 1987 | ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය |
| විදුලිය බිඳ වැටීම සම්බන්ධ පැමිණිලි | |
| 1988 | අධ්‍යාපන අමාත්‍යංශය තොරතුරු ලබගැනීම. |
| 1989 | විදේශ සේවා නියුක්ති කර්යංශය |
| විදේශ ගතවීම්වලදී මුහුණ දීමට සිදුවන ප්‍රශ්න පිළිබඳ පැමිණිලි. | |
| 1990 | ෆැල්ක් මෙඩ් වන් පුද්ගලික සමාගම |
| හදිසි වෛද්‍ය සේවා තොරතුරු හා ගිලන් රථ සේවාවන් ලබාගැනීම. | |
| 1991 | පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය |
| පරිසර හා ස්වභාවික සම්පත් අශ්‍රිත පැමිණිලි |






















0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........