02 October 2017

  
  මෙම ලිපියේ මූලික අදහස වන්නේ වාස්තුවට අනුව ඔබගේ ගෘහය සමීපයේ හා ගෙවත්තේ තිබිය යුතු යහපත් ශාකයන් සහ අයහපත් ශාකයන් මොනවාද යන්න පිළිබඳ දැනුම්වත් කිරීම හා මිථ්‍යා මත නිසා විනාශ කරගන්නා ශාකයන් ආරක්ෂා කරගැනීම සඳහා ඔබව දැනුම්වත් කිරීමයි.


  
වාස්තුවට අනුව අප විසින් ගස්වැල් ආදිය පිළිබඳ අවධානය යොමු කිරීමේදී දිශාව ඉතාමත් වැදගත් වේ. ඔබගේ ගෘහයට අනුව ප්‍රධාන දිශා ආශ්‍රිතව ගස් වැල් පිළිබඳ අවධානය යොමු කිරීම පහත පරිදි විය යුතුය.


උතුර-නැඟෙනහිර දිශාවන්.
ඉතා උස් වූ ගස් සුදුසු නොවේ. සුදු/ නිල්/ළා කහ/ දම් පාට මල් පිපෙන ගස් සුදුසුවේ. එසේම කටු සහිත ගස් සුදුසු නොවේ. උතුරු දිශාවට කිරි සහිත ගස් ඉතා සුදුසු අතර කොහොඹ වෘක්ෂය ඊශාන දිශාව තුළ සිටුවීම ඉතා යහපත්වේ. විශ්ව ශක්තිය සම්ප්‍රේෂණය වන ඊශාන දිශාවෙන් දෙවියන් වඩින බැවින් කොහොඹ ශාකය සිටුවනු ලැබේ.

දකුණ – බටහිර දිශාවන් .
  උස් වූ ශාක සුදුසු වේ. රතු /රෝස/කහ පාට මල් පිපෙන ශාක සුදුසු වේ. බෙලි ශාකය නිරිත දිශාවට ඉතා යහපත් බව පෙන්වා දෙමි. වාස්තු විද්‍යාවේ දී බෙලි ශාකය හඳුන්වනු ලබන්නේ ශි්‍රයා පල ශාකය ලෙසයි. එම නිසා මෙම ශාකය විශ්ව ශක්තිය පිටව යන නිරිත දිශාවේ සිටුවීම ප්‍රතිඵල සහිත වේ.

  නිවෙස සමීපයේ ගස් සිටුවීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් නිවෙසේ ප්‍රධාන ද්වාරයේ උස මෙන් 1 1/2 එනම් අඩි 09කට වඩා අෑතින් ගස් සිටුවීමට වග බලා ගත යුතුවේ. කිසිසේත්ම ප්‍රධාන ද්වාරයට ආසන්නයේ වෘක්ෂ නොවිය යුතුවේ.

මංගල ද්වාරය සහ වෘක්ෂ දෝෂ.
  මංගල ද්වාරය අඩි 09කට වඩා ආසන්නව ඉදිරියෙන් ඇති ගස්, දෝෂ ගෙනදේ. 
අඹ, සියඹලා, බෝගන්විලා (කටු සහිත කිසිම ගසක් සුදුසු නොවේ. පතොක් ශාකයද සුදුසු නොවේ.) මැරී ගිය සහ විශාල බෙන සහිත ශාක අකුණු වැදුණු ගස් ,පිළිල සහිත ගස්, පල රහිත ගස් ද සුදුසු නැත. ඉහත නම් සඳහන් ගස් තිබෙන්නේ වෙනත් කෙනෙකුගේ ඉඩමක හෝ පොදු පාරකින් වෙන්වෙලා නම් ඔබ කලබල නොවිය යුතුයි. එවැනි ගස්වලින් දෝෂයක් හට නොගනී.

තැඹිලි ගස.
  විශේෂයෙන් තැඹිලි ගස පිළිබඳ මිථ්‍යා මතයක් අප රටේ පැතිරිලා තිබෙන බව නිවාස පරීක්ෂා කිරීමේදී පෙනී ගියා. නිවෙස ඉදිරියෙන් තැඹිලි ගස් ඉතා අසුබ බවත් ඒවා ඉවත් කළ යුතු බවත් මිනිසුන් විශ්වාස කරනවා. මෙය ඉතා වැරැදි මතයකි. වාස්තුවේ කිසිම තැනෙක එසේ සඳහන් වෙලා නැහැ. මෙවැනි මත දරන්නන් ඉදිරිපත් කරන්නේ බොළඳ තර්ක, පොල්, තැඹිලි යනු කප්රුක ශාකයක් බව අප දනිමු. කිසිසේත්ම තැඹිලි ගස නිවෙසේ මුහුණතට අසුබ නොවේ. එහෙත් ගෙඩි හා අතු වැටීම වැනි ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පවතී. එසේ නොවේ නම් වාස්තු සිද්ධාන්තවලට අනුව අයහපතක් නොවන බව තරයේ සිහිතබා ගත යුතුයි.

කහමල් එපා.
  එසේම නිවෙසේ ඉතා ආසන්නව හා බැල්කනිවල බෝගන්විලා වැනි කටු සහිත ශාක හා පතොක් ශාක තබා ගැනීම ඉතා අයහපත් බව පෙන්වා දෙමි. නිවෙසේ වහළයට හා බිත්තිවලට ගෑවෙන ලෙස ගස්වල අතු පහත් වී තිබීම සුදුසු නොවේ. නිවෙසට ඉතා ආසන්නයෙන් හා ගිනිකොන දිශාවෙන් නිවෙසේ මුහුණත ප්‍රදේශයෙන් කෙසෙල්, කිඩාරම්, ලප් නාරං ඉතා අයහපත් වේ. එසේම නිවෙසේ වහලයට හා ප්‍රධාන ද්වාරයට අවහිර වන පරිදි වැල් වර්ග යවා තැබීම නොකළ යුතු කාර්යයකි. කහ පාට මල් කිසිම විටෙක නිවෙසේ මුහුණත නිවෙසට ඉතා සමීපව නොවිය යුතු අතර දිශාව අනුව මල් වර්ග තෝරා ගැනීම ඉතාමත් ප්‍රතිඵල දායක බව පෙන්වා දෙමි.

වෘක්ෂ වේද දෝෂ.

  විශේෂයෙන්ම වාස්තුවේ සඳහන් පරිදි ස්තම්භ වේද දෝෂය නිසා එම ගෘහයේ වෙසෙන්නන්ට සිදුවන අයහපත් බලපෑම්වලට සමාන අයහපත් බලපෑම් වෘක්ෂ වේද දෝෂ නිසා හටගනු ලැබේ. වෘක්ෂ දෝෂ යනු මංගල ද්වාරයට ඉතා ආසන්නයෙන් හරි කෙළින් වෘක්ෂ පිහිටා තිබීමයි.
1.රාජ භය ඇතිවීම
2.හදිසි අනතුරු ඇතිවීම
3.මානසික ආතතිය
4.අසල්වැසියන් හතුරු වීම
5.චර්ම රෝග බහුල වීම
  වාස්තුවේ සඳහන් පරිදි ගස් වැල් යනු මිනිසා මෙන්ම ජීවය පිරුණු කොටසකි. ගස්වලට සූර්ය කිරණ පතිත වූ විට එම සූරිය ශක්තිය අවශෝෂණය කරගෙන විවිධ ශක්තීන් නිකුත් කරයි. මෙය වාස්තුවේදී ශක්ති විමෝචනය ලෙස හඳුන්වයි. මෙම ශක්තීන් මිනිසාට හිතකර මෙන්ම අහිතකර ලෙස බලපානු ලබයි. වාස්තුවේදී මෙවැනි හඳුනාගැනීම් සිදුකොට සුබඅසුබ ලෙස වර්ග කොට ඇත. මෙය කොතරම් සක්‍රියද යන්න පිළිබඳ සිදුකරනු ලැබූ අධ්‍යයන තුළින් අනාවරණය වී ඇත. එහිදී සියඹලා වෘක්ෂය හා අඹ වෘක්ෂය ප්‍රධාන තැනක් ගනී. මෙවැනි ශාක නිවෙසේ මුහුණතට කිසිසේත් සුදුසු නොවේ. මෙවැනි ශාක ඇති නිවෙස්වල පොදු ලක්ෂණ පහතින් දක්වා ඇත.
1.දරුඵල අහිමි වීම
2.පිරිමි දරුවන් නොමැතිවීම
3.පරම්පරාව යාවත්කාලීන නොවේ
4.නිවෙස යාවත්කාලීන නොවේ
5.කසාද මඟහැරී යෑම
6.දරුවන් සිටියද ඔවුන් නොමඟ යෑම සහ අකීකරු වීම
7.අසල්වැසියන් විරුද්ධ වේ

  මේ ආකාරයට ගස්වැල් ගෘහය සහ එහි ජීවත් වන්නන්ට සක්‍රිය ලෙස බලපාන බව මනාව පැහැදිලි වේ. මේ නිසා ඔබ විසින් තමන්ගේ ගෙවත්තේ ගස්වැල් සිටුවීමේදී මේ පිළිබඳ සිතා බලා කටයුතු කරන්න. කිසියම් වෘක්ෂයක් නිවෙසේ උසට වඩා වැඩි අෑතකින් හෝ වෙනත් කෙනකුගේ හෝ පොදු ඉඩමක තිබුණද කිසිදු බලපෑමක් ඇති නොකරයි.
ඔබගේ ගෙවත්තේ ශි්‍රයා පල බෙලි ශාකය හා කොහොඹ ශාකය එක්කර ගන්න. උතුර හා නැගෙනහිර දිශාවට නම් ප්‍රධාන ද්වාරය තිබෙන්නේ සමන් පිච්ච වැලක් නිවෙස ඉදිරිපිට ඉතා යහපත් වන අතර දකුණු බස්නාහිර දිශාවට ප්‍රධාන ද්වාරය ඇත්නම් නිවෙස ඉදිරිපිට සේපාලිකා ශාකය ඉතාමත් යහපත් බව පෙන්වා දෙමි. වාස්තු විද්‍යානුකූලව උතුර නැඟෙනහිර දිශාවලට උස අඩු ශාකද දකුණු බටහිර දිශාවන්ට වඩා උස් වූ ශාකද එක්කර ගන්න.

සෑම විටම සුවඳ සහිත මල් වර්ග නිවෙස ඉදිරිපිට සිටුවා ගැනීම ඉතා යහපත් බව පෙන්වා දෙමි. වාස්තු සිද්ධාන්තවලට අනුව ඔබගේ ගෘහය සහ ඔබට යහපත් ප්‍රතිඵල ලබා දෙන තුරු ගොමුවක් ගෙවත්ත තුළ ඇතිකර ගැනීමට ඔබට සහායවීමට ගත් උත්සාහය සාර්ථක වූ බව මගේ හැඟීමයි.

මූලාශ්‍ර - vaastumadura

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව