18 November 2016


නිවාස සැලසුම් ඇඳීම සඳහා භාවිතා කළ හැකි ඉතා සරල,   නමුත් බල සම්පන්න මෘදුකාංගයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. වසර 2006 පමණ සිට නොමිලයේ ලබාදෙන මෙම මෘදුකාංගයේ පස් වැනි සංස්කරණය මෑතකදී නිකුත් වුනා.

   නියම පරිමාණයන්ට අනුව ද්විමාන සැලසුම් ඇඳීමටත්, ඒ සමගම ඒ සැලසුම ත්‍රිමානව බලාගැනීමටත් Sweet Home 3D පහසුකම් සලසනවා. ඒ වගේම, නිවසකට අවශ්‍ය දොර - ජනෙල්, ගෘහ භාණ්ඩ, විදුලි පහන් යනාදී සියලුම අංග ඔබට නොමිලයේම ඔවුන්ගේ නිළ වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කර සැලසුමට එකතු කරගත හැකියි.
මේ මෘදුකාංගයෙන් වැඩක් ගන්න කැමති කෙනෙක් ඉන්නවානම් මේ පහළ තියෙන Button එක Click කරලා නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න.


මෙම මෘදුකාංගයේ මූලිකාංග.
1 . නියම මිණුම් වලට අනුව බිත්ති (සෘජු/වක්‍ර/ආනත) /පොළොව ඇඳීම පහසුවෙන්ම Mouse එක හැසිරවීමෙන් කළ හැකියි. එසේම ඕනෑම තට්ටු ප්‍රමාණයකින් යුත් ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීම සඳහා අලුතින් Levels එකතු කරගත හැකියි.
2. එසේ ඇඳගන්නා බිත්ති වලට දොර ජනෙල් ඇතුළත් කිරීම සඳහා, ඒවා වම් පස පැනලයෙන් සැලසුමේ බිත්ති මතට Drag and Drop කරන්න.
3 . මුළුතැන්ගෙය, නිදනකාමරය, නාන කාමර යනාදී වර්ගීකරණයන් යටතේ දක්වා ඇති ගෘහ භාණ්ඩද, වම්පස පැනලයේ සිට සැලසුම මතට Drag and Drop කරන්න.
4. භාවිතා කරන හැඩතල/උපාංග වල වර්ණය, ප්‍රමාණය, තිබෙන දිශාව යනාදිය වෙනස් කිරීම සඳහා ඒ මත double click කරන්න.
5. ද්විමාන සැලසුම නිර්මාණය කරන අතරම, එය ත්‍රිමානව දැකගත හැකියි. (ඉහළ සිට බලන ආකාරයෙන් හෝ නිවස තුළට ගමන් කරන ආකාරයෙන්)
6. පරිමාණය දැක්වෙන රේඛා, ප්‍රදේශ නම් කිරීම් සහ දිශාව දැක්වෙන මාලිමාවක් යනාදී දේ පහසුවෙන් සලකුණු කළ හැකිියි.
7. දිවා/රාත්‍රී ආලෝක තත්ත්වයන් යටතේ ඉතා තාත්වික ඡායාරූප සහ වීඩියෝ සැකසිය හැකියි.
8. කලින් සැකසූ 3D models සහ textures නොමිලේම ඩවුන්ලෝඩ් කරගෙන ඉතා පහසුවෙන් සැලසුම මතට import කළ හැකියි.
9. ඔබේ සැලසුම විවිධ මාදිලියෙන් Export කළ හැකියි.
10. ජාවා ක්‍රමලේඛන භාෂාවෙන් ලියූ plug-ins යොදාගෙන තවත් බොහෝ අංග එකතු කරගතහැකියි.
11. ඔබට මෙම වැඩසටහන Download කරගෙන Windows, Mac OS X, Linux හෝ Solaris මෙහෙයුම් පද්ධතියක එකසේ වැඩ කළ හැකියි. 
12. එසේත් නැතිනම් online වැඩසටහනක් ලෙසද භාවිතා කළ හැකියි.
13. Sweet Home 3D GNU General Public License, යටතේ නොමිලේ ලබාදෙන නිසා ඔබට වාණිජමය වැඩකටයුතු සඳහාත් මෙම මෘදුකාංගය නොමිලේම භාවිතා කළ හැකියි.
   





Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව