මම අද ඔයාලට ලියන්න යන්නෙ ඔයාලගෙ දුරකථනය නැතිවුනොත් එහෙමත් නැතිනම් කවුරු හරි සොරාගත්තොත් ඔයාගෙ දුරකතනය සොයාගන්න උපකාරී වන ගූගල් සමාගම සපයන සේවාවක් ඔයාලට හඳුන්වා දෙන්නයි.
මේගැන තොරතුරු දැනටමත් දන්න අයත් ඇති. මුලින්ම ඔබ find my phone ලෙස ගූගල් හරහා සර්ච් කර හෝ මෙතැනින් ඇතුලුවී ඔබගේ නැතිවු දුරකතනයේ ඊමේල් ලිපිනය හා රහස් මුරපදය දී ඇතුලු වන්න.
මේගැන තොරතුරු දැනටමත් දන්න අයත් ඇති. මුලින්ම ඔබ find my phone ලෙස ගූගල් හරහා සර්ච් කර හෝ මෙතැනින් ඇතුලුවී ඔබගේ නැතිවු දුරකතනයේ ඊමේල් ලිපිනය හා රහස් මුරපදය දී ඇතුලු වන්න.
එසේ ඇතුලු වූ පසුව ඔබට අවශ්‍ය නම් එහි ඇති දත්ත මකා දැමීමට ,එයට ඇමතුම් ගැනීමට, දුරකතනයට අලුතෙන් මුරපදයක් යොදා ලොක් කිරීම , ඔබව සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් හෝ කිසියම් පනිවිඩයක් තිරයේ දිස්වන ආකාරයට සකස් කිරීම හා දුරකතනය තිබෙන ස්ථානය ගූගල් මැප් හරහා බලාගත හැකිවීම වැනි සේවාවන් රාශියක් මෙහි අන්තර්ගතයි .
එහෙනම් දැන් ඔයාලට ඔයාගෙ දුරකතනය නැතිවුණා කියල බයවෙන්න දෙයක් නෑ. ඔන්න අවශ්‍ය අය පහලින් තියෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්න. නැත්නම් ගූගල් හරහා කෙලින්ම සම්බන්ධ වන්නත් පුලුවන් .
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........