03 January 2016



      සුළැඟිල්ලට පහලින් ඔබගේ විවාහ රේඛාව පිහිටා ඇත.මෙමගින් විවාහය පිළිබඳ විවිධ කරුනු හෙලිවේ.ඔබෙත් එවැනි රේඛාවක් හෝ කීපයක් ඇත්නම් එයින් වඩාත්ම කැපීපෙනෙන රේඛාව තමයි ඔබගේ විවාහ රේඛාව.ඒහෙනම් අපි දැන් බලමු ඹයාලගෙ ඡීවිත වලට මෙය ක‍ෙසේ් බලපායිද කියා.


1- රූප සටහනේ සඳහන් පරිදි මෙම රේඛාව අගදී උඩු අතට යොමුවී ඇත්නම් මෙය විවාහ බාදයකි.විවාහ සැප නොලැබී යාමට බොහෝවිට ඉඩඇත.

2-මෙම රේඛාව අගදී පහතට නැමී ඇත්නම් විවාහයෙන් පසුව දියුනුව අඩාල වීමට ඉඩ ඇත.

3- මෙම රේඛාවේ මුල්කොටසේ දූපත් සළකුණක් ඇත්නම් විවාහය අසාර්ථක වීමක් හෝ විවාහය ප්‍රමාද වීමකට ඉඩ ඇත.

4- මෙම දූපත් සළකුන, රේඛාව අග කොටසේ ඇත්නම් මැදිවයසේදී විවාහය පලුදු වීමකට ඉඩ ඇත.

5- දූපත් සළකුණු දෙකක් හෝ කීපයක් පිහිටා ඇත්නම් දුක්බර අවාසනාවන්ත විවාහයකි.

6- විවාහ රේඛාව හරි මැද දූපත් සළකුණක් පිහිටා ඇත්නම් එයත් අසුභ ළකුණකි.විවාහය මගදී කැඩීයාමකට ඉඩ ඇත.

7- හොඳින් පිහිටා ඇති විවාහ රේඛාව දෙකට කැඩී ඇත්නම් ඉතා සාර්ථක ලෙස ආරම්භ වූ විවාහය පසුව කැඩී ගොස් නැවත එක්වේ.

8- විවාහ රේඛාවට උඩින් කුඩා රේඛා ඇත්නම් විවිධ බාධා එල්ල වූවත් විවාහය සාර්ථකව කරගෙන යාමට හැකිවේ.

9- විවාහ රේඛාවට උඩින් එක් රේඛාවක් පමනක් ඇත්නම් විවාහයෙන් පසු දෙදෙනාඅතර ගැටුම් හටගනී.

10- විවාහ රේඛාවේ සිට සුලැඟිල්ල දෙසට කුඩා රේඛා කීපයක් පිහිටා ඇත්නම් ප්‍රසිද්ධ ස්ත්‍රියන් කීපදෙනකු සමග අනියම් සබඳතා පවත්වන අයෙකි.

11- විවාහ රේඛාව කැඩීම් හාපලුදුවීම් වලින් තොරව දිගින් හා ගැබුරින් යුක්තව කැපී පෙනෙන ලෙස පිහිටා ඇත්නම් සැපවත් සාර්ථක ඉතා වාසනාවන්ත ජීවිතයක් ගතකිරීමට ලැබේ.

      රේඛා කෙසේ වෙතත් ඔබ හදවතින්ම හා අවංකවම ඔබගේ ආදර බැඳීම ඇතිකරගෙන ඇත්නම් මෙම රේඛා වලින් ඔබට බාධා එල්ල නොවන බවනම් අපට විස්වාසයි .



0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව