19 November 2016

  දියවැඩියාව සඳහා විවිධ අය විවිධ නම් භාවිතා කලද (මධුමේහ, බහුමුත්‍රතාව, diabetes, සීනී ලෙඬේ) සරල නාමය වූ දියවැඩියා නමින් මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වූ දිය+ වැඩියෙන් +යාම හෙවත් බොහෝ වාර ගනනක් මුත්‍රා යාම පෙන්නුම් කරයි. මෙම රොගයේ අනෙකුත් ලක්ෂණ ලෙස අධික පිපාසය අධික දහඩිය දැමීම හිස කරකැවිල්ල ඇස් බොද වීම ක්ලාන්තය රාත්‍රියට බොහෝ වාරගනනක් මුත්‍රා යාම ශරීරය කෘශ වීම මුත්‍රාශ දුර්ගන්ධය මුත්‍රා කල පසු එම මුත්‍රා වලට කූඹීන් වැසීම යනාදිය දැක්විය හැක..
දියවැඩියාව නිසා ශරීරයේ තුන්දොස් සහ රස රක්තය මාංස මේදස් ඇට ඇටමිදුලු ශුක්‍ර හා ඕජස් යන ධාතු කොටස් මූත්‍රා මල දහඩිය යන ත්‍රිමල කොටස් දූෂණය වී ශරීරය කෘශ කර අතිශය භයානක තත්වයකට පත්වී ඇතැම් විට මරණය පවා සිදුවිය හැක.. දියවැඩියාව සෑදීමේ හේතු ලෙස අධික පැණි රස කෑම බීම ගැනීම දහවල නිදාගැනීම ශරීරයට ව්‍යායාමය මදිවීම පිෂ්ඨය අධික ආහාර ගැනීම සැප පහසු ඇවතුම් පැවතුම් විහරණ තිබීම දැක්විය හැක.දියවැඩියාව සෑදුන පසු සිංහල වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර නොකඩවා ගැනීමෙන් නිට්ටාවටම සුවකරගත හැකිය. එසේ සිංහල වෙදකමෙහි ඇති අති සාර්ථක රහස්‍ වට්ටෝරුවක් මෙසේ අප ඹබ වෙත ගෙනහැර දක්වන්නෙමු.

අවශ්‍යය ද්‍රව්‍යය.

01.සුදු හඳුන්  ග්‍රෑම්  25
02.සත් සඳ  ග්‍රෑම් 50
03.රනවරා ග්‍රෑම්  50
04.කටුවැල්බටු ග්‍රෑම් 50
05.නෙලුම් මල් රේණු ග්‍රෑම් 50
06.බෙලි මුල්  ග්‍රෑම්  50
07කොත්තමල්ලි  ග්‍රෑම් 50
08.පොල් පලා  ග්‍රෑම්  50
09.නාමල් රේණු  ග්‍රෑම්  50
10.වෙනිවැල් ගැට  ග්‍රෑම් 50
11.බෙලි මල්  ග්‍රෑම් 50
12.කොතල හිඹුටු  ග්‍රෑම්  50
13.අරලු  ග්‍රෑම් 50
14.රසකිඳ  ග්‍රෑම් 50


  මේවායින් 1/4 බැගින් ගෙන නාමල් ,නෙලුම් රේණු හැර අන් සියලුම බෙහෙත් හොඳින් සෝදා ජලය බෝතල් 5ක් 6ක් පමණ අල්ලන මුට්ටියකට පිරෙන්න ජලය දමා පැය තුනක් මද ගින්නේ බෙහෙත් ටික තම්බා ගන්න .වෙනම භාජනයකට වතුර උතුරවා අර පලමු බෙහෙත් තැම්බීමේදී අඩු වූ ජලය ප්‍රමාණය පුරවා ගන්න. ඉන්පසු හොඳින් රස්නය අඩු වූ පසුව බෝතල් වලට පුරවා ශීතකරණයක හෝ මද සිසිල් ස්ථානයක තබාගෙන උදයට ,දවල්ට , රාත්‍රියට , කෑමට පෙර මෙය පානය කරන්න. මෙම බෙහෙත් වට්ටෝරුව ඉංග්‍රීසි බෙහෙත් භාවිතා කරන අතරතුර වුවද භාවිතයට ගත හැකිය .
   
   මෙය මාස 3ක් පමණ භාවිතය අතරතුර ඔබගේ ලේ, මුත්‍රා , සුදුසුකම් ලත් වෛද්‍ය වරයකු ලවා පරික්ෂා කර බලන්න. එවිට සීනි අඩුවී තිබේනම් වෛද්‍ය උපදෙස් මත දියවැඩියාව වෙනුවෙන් භාවිත කරන ඉංග්‍රීසි බෙහෙත් හා එන්නත් නවතා දමන්න. මෙම බෙහෙත මාස 6ක් නොකඩවා පානය කිරීමෙන් ඔබගේ දියවැඩියාව රෝගය නිට්ටාවටම සුව වෙයි.මෙය දියවැඩියාව නොමැති අය පානය කිරීමෙන් සදහට එම රෝගය නොවැලඳේ. දියවැඩියාවට අගුණ දේ කෑමෙන් වැලකී සිටින්න. දවසකට වරක් ස්නානය කරන්න.

අහිතකර ආහාර වර්ග

  ඉතා පිරිසිදු (100%) මීපැණි හැර අනෙකුත් සියලුම පැණිරස වර්ග අහිතකරවේ.ටොපි වර්ග චොකලට් කේක් සියලුම බිස්කට් වර්ග(පිටි සහිත නිසා) ක්ෂණික ආහාර සුදු බත් ජෑම් පාන් ඇතුලු පාන්පිටි යෙදූ සියලුම බේකරි නිෂ්පාදන කෘතිම රසකාරක යෙදූ ආහාර වර්ග යීස්ට් හා බේකින් පවුඩර් යෙදූ ආහාර, අධික රතු මිරිස් යෙදූ ආහාර, රතු මස් වර්ග බීට් අර්තාපල්, බතල ආදී අල වර්ග අහිතකරවේ .

පිටපත; පූඡ්‍ය මැදිරිගිරියේ සරණඡොති හිමි.

ඔබට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා...!!!!!



Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව