20 October 2016

   

 අද මම ඔයාලට කියන්න යන්නෙ රටකින් රටකට නොමිලයේ දුරකථන ඇමතුමක් ලබාගන පුලුවන් විදියේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් ගැනයි .සාමාන්‍යයෙන් වයිබර් ,වට්ස් ඇප්,ඉමෝ,ටැන්ගෝ ,වැනි ඇප්ස් ඔබගේ දුරකතනයේ දැනටමත් ඇති.ඒවායින් එම ඇප්ස් තිබෙන වෙනත් දුරකතනයකට ඇමතුම් ගත හැකිඋවත් ඇන්ඩ්‍රොයිඩ් උපාංග හෝ වෙනත් අන්තර්ජාල හා සම්බන්ධ වීමට නොහැකි සාමාන්‍ය දුරකථනයකට ඒම ඇප්ස් හරහා ඇමතුම් ගැනීමට නොහැක.මම අද ඔයාලට කියන්න යන ඇප්ස් එක හරහා අන්තර්ජාල පහසුකම් ඇති නැති ලොකු පොඩි ඕනෑම දුරකතනයකට ඇමතුම් ගැනීමට අවස්තාව හිමිය.



         හොදයි එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්නේ කියල.මුලින්ම ඉහල තිබෙන ඇප්ස් එක බාගන්න. පසුව ඇප්ස් එක ඕපන් කර ඔයා දැනට පාවිච්චි කරන දුරකථන අංකයක් ලබාදෙන්න. පසුව එම අංකයට කෙටි පනිවිඩයකින් ලැබෙන රහස් අංකයද ලබාදී එහි සදහන් අනෙකුත් තොරතුරුද සම්පුර්ණ කරන්න . එසේ සම්පුර්ණ කරන්න අනවශ්‍යයි කියල හිතෙනව නම් , skip බොත්තම ඔබා ඇප්ස් එක සම්පුර්ණ කරගන්න .

         දැන් ඔබට තිබෙන ගැටලුව තමයි කොහොමද මේකෙන් නොමිලයේ ඇමතුම් ගන්නේ කියන එක. මේක ස්ලොට් මැශින් එකක් වගේ ක්‍රීඩාවක්. Play කරාම ලැබෙන ක්‍රෙඩිට් වලිනුයි ඇමතුම් ගන්නේ. මැශින් එකේ මැද තිබෙන go බොත්තම ඔබා ආරම්භ කරන්න.පසුව ඔබට ලැබෙන ක්‍රෙඩිට් දිස්වේ.අනතුරුව අනුග්‍රාහක වෙලදදැන්වීමක් දිස්වේ. එය තප්පර 5,ක් 6ක් නරබා ආපසු ගොස් නැවතත් go බොත්තම ඔබා නැවතත් ක්‍රීඩාව ආරම්භ කරන්න. මෙසේ කීප වරක් කිරීමෙන් ඔබේ ක්‍රෙඩිට් ප්‍රමාණය වැඩි කරගන්න . ඔබේ සම්පූර්ණ ක්‍රෙඩිට් ප්‍රමාණය තිරයේ දකුණු පස ඉහළ කෙලවරේ දර්ශනය වේ. ක්‍රෙඩිට් $1600 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකතු වු විට ඇමතුම් ගැනීමේ පහසුකම ලැබේ.ඇප්ස් එකේ පහල වම් පස ඇති call බොත්තම ඔබා ඔබට අවශ්‍ය රටේ කේතය (county cords )සමග දුරකථන අංකය ටයිප් කර ඇමතුම් ගන්න .

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව