16 September 2016


මිදි කියන වචනය ඇහුණත් සමහරු හරි ම බයයි. ඒකට හේතුව, කාලාන්තරයක් තියාගත හැකි පරිදි බෙහෙත් දමනවා කියන බිය නිසයි. එහෙත් නැවුම් මිදි ආහාරයට ගන්න පුළුවන් නම්, අපට බොහෝ පෝෂණ සංඝටක සිරුරට එක්කර ගන්න පුළුවන්.

  මිදිවල , ප්‍රෝටීන් ග්රෑම් 1.09ක්, කාබෝහයිඩ්‍රේට් ග්රෑම් 27.33ක්, මේදය ග්රෑම් 0.24ක්, තන්තුමය කොටස් ග්රෑම්1.36ක් සහ කැලරි ග්රෑම්104.19 ක් පමණක් අන්තර්ගතයි. මිදිවල පවතින මේ පෝෂණ සංඝටක නිසා, කායික හා මානසික රෝග නිවාරණය කර ගැනීමට පුළුවන්. එසේ ම, ඉරුවාරදය පාලනය කර ගැනීමටත් මෙය මහෝපකාරී වෙනවා. ආහාර නොදිරවීම නිසා ඇතිවන අපහසුතා අවම කර ගැනීමට ද මිදි මඟින් හැකියාව ලැබෙනවා. වයසට යෑමත් සමඟ බොහෝ පුද්ගලයන්ට ඇස්, ආයුෂ, සංකූලතා, ඇතිවීමට පුළුවන්. මිදි යුෂ වශයෙන් පානය කිරීමෙන් හෝ පලතුරක් වශයෙන් ආහාරයට ගැනීමෙන් එම රෝග ඇතිවීම වළක්වා ගත හැකියි.

  දියවැඩියාව සඳහා පලතුරක් වශයෙන් මිදි ආහාරයට ගැනීම යහපත් බව වෛද්‍යවරු අනුමත කරනවා. එයට හේතුව, මිදිවල පවතින ස්වාභාවික සීනි දියවනවිට, සිරුරේ ඇති සීනි පාලනය වීමට උත්තේජනයක් සපයන නිසයි. මිදි ආහාරයට ගන්නවා නම් ශරීරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කර ගැනීමට හැකි නිසා, හෘදයාබාධ තත්ත්ව අවම කර ගන්න පුළුවන්.

  ජලය පානය කිරීම මඳිකම නිසා බොහෝ විට වැළ‍ඳෙන රෝගයක් ලෙස වකුගඩු නරක්වීම හැඳින්වීමට පුළුවන්. වෛද්‍යවරුන් සඳහන් කරන්නේ, මිදි යුෂ පානයට පුරුදු වූ විට, එම තත්ත්වය අවම කර ගැනීමට හැකි බවයි. ශරීරයේ බැක්ටීරියා , වෛරස් ආසාදන ඇතිවූ විට ශරීරයේ ප්‍රතිශක්තීකණ පද්ධතිය අඩාළ වීමට පුළුවන්. එහෙත් මිදි ආහාරයට ගැනීමෙන්, විෂබීජ මර්දනයට හැකියාව ලැබෙනවා.

  මිදි ගුණදායක වන්නේ, අභ්‍යන්තර රෝගාබාධවලට පමණක් නොවේ. චර්ම රෝග සඳහා ද මිදි ගුණදායක වන අතර, මුහුණේ ආලේප කරන සමහර ක්‍රීම්වලට මිදි අන්තර්ගත කරන්නේ ඒ නිසයි.

  අව්වට පිළිස්සීමෙන් සමෙහි ඇතිවන ළප කැළැල් , දද හා බිබිළි තත්ත්ව , පලතුරක් ලෙස හෝ මිදි සාරය අන්තර්ගත ක්‍රීම් වර්ග ආලේප කිරීමෙන් මඟහරවා ගත හැකියි. 

උපුටා ගත්තේ dinamina.lk  වෙබ් පිටුවෙන්

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.


පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

197902

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව