01 September 2017


  අත්ලේ පිහිටන රේඛා අනුව කෙනකුගේ ජීවන තොරතුරු පැවැසිය හැකිවා සේම අත්ලේ දැකිය හැකි සුවිශේෂි ලකුණුවලින් කෙනකුගේ ජීවන තොරතුරු පැවැසිය හැක. ඒ අයුරින් බොහෝ දෙනෙකුගේ අත්වල පිහිටන එවැනි සුවිශේෂ සලකුණු ඔවුන්ගේ ජීවිතයට සුබ හෝ අසුබඵල ගෙනදීමට සමත්වෙයි. එවැනි සලකුණු දෙකක්‌ පිළිබඳවයි අද ලිපියෙන් විස්‌තර කරන්නේ. දැල් සලකුණ හා දූපත් සලකුණ ඒ අතර වෙයි. අත්ලේ මෙම සලකුණු පිහිටි ස්‌ථාන අනුව ජන්මියාට ලැබෙන සුබඵල හෝ අසුබඵල කෙසේ ද කියා අද අපි සාකච්ඡා කරමු.


දැල් සලකුණ මංඩල මත අංක

1 න් දක්‌වා ඇති පරිදි ගුරු මණ්‌ඩලය වන දැල් සලකුණ සුබ නොවේ. ගුරුමණ්‌ඩල මත පිහිටි දැල් සලකුණ මගින් ඔහුගේ හෝ ඇයගේ විවාහ ජීවිතය අසාර්ථක වන බව පෙන්නුම් කරයි. අශෝභන ක්‍රියාවන්ටද යොමුවේ.

2. මොනයම් ක්‍රමයකින් හෝ ජීවිතය අවාසනාවන්ත බව ශනි මංඩලයේ පිහිටි එම දැල් සලකුණෙන් ප්‍රකාශවෙයි. දුකින් පිරි කල් යවන්නෙක්‌ වේ.

3. මානසික රෝග වැළඳීමට හේතුවන බැවින් රවි මණ්‌ඩලය මත දැල් සලකුණද සුබ නොවේ. අත්ලේ වෙනත් සුබ ලක්‍ෂණ පිහිටියොත් අසුබ තත්ත්වයන් අවම විය හැක. අහංකාර ගති ලක්‍ෂණද දැල් ලකුණෙන් පෙන්නුම් කරයි.

4. සිය දිවි හානිකර ගැනීමට සිත් යෙදෙන අයගේ බුධ මණ්‌ඩලය මත දැල් සලකුණ පිහිටයි. ව්‍යාපාර කටයුතුවල බිඳවැටීමටද හේතුවේ. නිතර වෙනස්‌වන වංක ගතිගුණ ඇති අයෙක්‌ වේ.

5. දාමරික ක්‍රි්‍රsයා නිසා සිරගතවීමට සිදුවන අයගේ අත්වල මෙම දෙවැනි කුජ මණ්‌ඩලයට දැල් සලකුණ පිහිටයි.

6. චන්ද්‍ර මණ්‌ඩලය මත දැල් සලකුණ වැටීම පිරිමියකුගේ නම් මුත්‍රාශයේ හෝ අක්‌මාවේ ආබාධ හට ගැනීමටත්, ගැහැනියකගේ නම් ගර්භාෂයේ හෝ පියයුරුවල ආබාධයන් හටගැනීමට හේතුවෙයි. බේබදු පුද්ගලයන්ගේ අත්වලත් එම සලකුණ පිහිටිය හැක.

7. සිකුරු මණ්‌ඩලය මත දැල් සලකුණ රාගාධික බව පෙන්නුම් කරන අතර ඒ නිසා දරුණු ලෙඩ රෝගද ඇතිවිය හැක. සමාජයේ අගෞරවයටද හේතුවෙයි.

8. මෙම ස්‌ථානය පළමු කුජ මණ්‌ඩලයයි. එහි දැල් සලකුණ පිහිටීම අවි ආයුධවලින් මරණය සිදුවීම පෙන්නුම්කරයි. සටන් කාමීවේ.

9. මහපට ඇඟිල්ලේ මුල් පුරුකේ දැල් සලකුණ සුබ නොවේ. එමගින් දිළිඳු භාවය ප්‍රකටවේ.

10. විනෝදය සඳහා පෙම්වතුන් ආශ්‍රය කරන අයගේ අත්ලේ මැද (කුජතලාව මත) දැල් සලකුණු තිබිය හැක.

11. මහපට ඇඟිල්ලේ මැද පුරුකේ දැල් සලකුණු තමන්ට හිමි පාරම්පරික දේපළවල අවුල්වියවුල් ඇතිවන බව ප්‍රකාශවේ.

12. දබර ඇඟිල්ලේ මුල් පුරුකේ දැල් ලකුණෙන් අහංකාර පුද්ගලයෙක්‌ හඳුනා ගන්න.

13. තම රැකියාවේ නිතර ආරවුල් ඇතිවන අයගේ දබර ඇඟිල්ල මැද පුරුකේ දැල් සලකුණු පිහිටයි.

14. දබර ඇඟිල්ලේ තුන්වැනි පුරුකේ දැල් ලකුණ ගිනි ජාලා, සුළං ආදී ස්‌වභාවික හේතුන් මත තමන් අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ පායි.

15. මැද ඇඟිල්ලේ ඉහළ පුරුකේ දැල් සලකුණු යාචකයන්ගේ අත්වල පිහිටිය හැක.

16. කනේ ආබාධ ඇති අයගේ මැද ඇඟිල්ලේ මැද පුරුකේ දැල් සලකුණ තිබිය හැක.

17. මොනයම් ක්‍රමයකින් හෝ සිදුවෙන අකල් මරණයක්‌ පෙන්නුම් කරයි.

18. වෙද ඇඟිල්ලේ ඉහළ පුරුක කුමන විදියේ වැඩකට අතගැසුවත් බාධකයක්‌ වෙනවාය.

19. අංශභාගය වැනි එක්‌තැන් වීමට සිදුවෙන අසනීප සෑදීමට හේතුවේ.

20. සුළඟිල්ලේ මුල පුරුක නහර පිපිරීමකින් මරණය සිදුවන බව පෙන්නුම්කරයි.

21. හේතුවක්‌ ඇතිව හෝ නැතිව තමන්ගේ මිතුරන් සතුරුවෙයි.

22. ඉගෙනීමේ කටයුතුවලට බාධාවන් ඇතිවේ.

23. ව්‍යාපාර කටයුතුවලින් පාඩුවට පත්වන අයගේ සුළඟිල්ලේ පහළ පුරුකේ දැල් සලකුණ පිහිටිය හැක.

රේඛාමත දැල් සලකුණ

  ජීවන රේඛාව මත දැල් සලකුණ කල්පවතින නිදන් රෝගවලින් පෙළෙන අයගේ අත්වල පිහිටිය හැක.

ශීර්ෂ රේඛාව මත දැල් සලකුණ පිහිටන්නේ හිසට සම්බන්ධ රෝගවලින් පෙළෙන අයගේ අත්වලයි.

හෘදයාබාධ ඇතිවීමට වගේම හෘද වස්‌තුවේ සිදුවන ශල්‍යකර්මවලටත් හෘදය රේඛාව මත පිහිටන දැල් සලකුණ හේතුවේ.

කිසියම් අයෙකුගේ දෛව රේඛාව මත දැල් සලකුණක්‌ ඇත්තේ නම් එම රේඛාවට අදාළ වයස්‌ සීමාවේදී ඔහුගේ හෝ ඇයගේ ආර්ථික තත්ත්වය බිඳ වැටේ.

කීර්ති රේඛාවේ දැල් සලකුණක්‌ අසුබයි. නීති විරෝධී, සමාජ විරෝධී වැඩ නිසා සමාජයේ අගෞරවයට ලක්‌වේ.

සුබ රේඛාවේ දැල් සලකුණ අක්‌මාවේ හෝ ආමාශයේ රෝගවලට හේතුවෙයි.

දූපත් සලකුණ මණ්‌ඩල මත.

 දූපත් සලකුණ අත්ලේ කුමන ස්‌ථානයක තිබුණත් අසුබයි. කුඩා දූපත් සලකුණ තදබල අසුබයක්‌ නොවුණත් ලොකු දූපත්වලින් මාරක අපල පවා සිදුවිය හැක.

1. ගුරු මණ්‌ඩලයේ පිහිටන දූපත් ලකුණෙන් ආත්ම ගෞරවයට හානි සිදුවන බව පෙන්නුම් කරයි. උසස්‌වීම් සඳහා ඇති උනන්දුව අඩුවේ.

2. අන් අයට උපකාර කිරීමට ගොස්‌ තමන්ට පාඩු සිදුකර ගන්නා පුද්ගලයා ශනි මණ්‌ඩලය මත දූපත් සලකුණෙන් හඳුනා ගත හැක.

3. රවි මණ්‌ඩලයේ ... දූපත් සලකුණ උදාසීන බව හෙළිකරයි.

4. බුධ මණ්‌ඩලයේ දූපත් සලකුණ ඇති අයට හවුල් ව්‍යාපාර පල නොදෙයි.

5. දෙවැනි කුජ මංඩලයේ දූපත් ලකුණින් බියසුළු පුද්ගලයෙක්‌ හඳුන්වාදෙයි.

6. චන්ද්‍ර මණ්‌ඩලයේ දූපත් සලකුණෙන් චිත්ත ශක්‌තිය දුර්වල අලස ගති ඇති අයට පිහිටයි.

7. සිකුරු මණ්‌ඩලය මත දූපත් ලකුණින් ආලය සම්බන්ධ කටයුතුවලදී හැඟීම්වලට වහල්වී කටයුතු කිරීමෙන් අමාරුවට පත්වේ.

8. බලාපොරොත්තු සුන්වී ජීවිතය අවාසනාවන්ත වූ අයගේ අත්ලේ 1 වැනි කුජ මණ්‌ඩලයේ දූපත් සලකුණ පිහිටයි.

9. අත්ලේ මැද (කුජ තලාව) දූපත් ලකුණ රෝගී වීමට හේතුවක්‌වේ.

ඇඟිලි මත.
10. මහපට ඇඟිල්ලේ ඉහළ පුරුක දූපත් ලකුණ දේපළවලට සම්බන්ධ අවුල් වියවුල් ඇති කෙරේ.

11. අවිනීත ගති ඇතිවේ.

12. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන අයගේ දබර ඇඟිල්ලේ ඉහළ පුරුකේ දූපත් සලකුණ දැකිය හැක.

13. මවුපියන්ට අපල ගෙන දෙයි.

14. සොර සතුරන්ගෙන් නිතර කරදර ඇතිවන බව පෙන්නුම් කරයි.

15. මැද ඇඟිල්ලේ ඉහළ පුරුකේ දූපත් සලකුණ, වසවිෂ කැවීම ආදියෙන් මරුමුවට පත්විය හැකි බවයි.

16. ධනය, බලය කෙතරම් තිබුණත් හිතේ සතුටක්‌ නොමැත.

17. මැද ඇඟිල්ලේ පහළ පුරුක තුළ ඇති දූපත් සලකුණ විවාහ ජීවිතය අසාර්ථක වීමේ ලකුණකි.

18. කොපමණ අන් අයට උපකාර කළත් හොඳ නමක්‌ ලැබිය නොහැක.

19. වෙද ඇඟිල්ලේ දෙවැනි පුරුකේ දූපත් සලකුණද සුබ නොවේ. පුපුරන ද්‍රව්‍යවලින් ශරීරයට හානියක්‌ සිදුවිය හැක.

20. වෙද ඇඟිල්ලේ පහළ පුරුක රජයේ උසස්‌ තනතුරක්‌ හිමිවූවත් තීරණයන් ගැනීමේ ආත්ම ශක්‌තියෙන් හීන අයෙකි.

21. සුළඟිල්ලේ මුදුන් පුරුකේ දූපත් සලකුණ ගොත ගසන අයගේ අත්වල දැකිය හැක.

22. ධාරණ ශක්‌තියෙන් අඩු ඉගෙනීම අතර මගදී කඩාකප්පල් කර ගන්නා අයගේ අත්වල පැහැදිලිවම තිබිය හැක.

23. කුමන ස්‌ථානයකට ගියත් කුමන හෝ කරදරයක්‌ ඇතිකර ගනී.

රේඛාමත දූපත් සලකුණ.

 ජීවන රේඛාව බොහෝවිට ගෙඩි වණ, පිළිකා මෙන්ම හදිසි අනතුරු ඇතිවීමට හේතුවන බව ජීවන රේඛාව මත දූපත් ලකුණ ඉතා අසුබයි.

කය වෙහෙසා වැඩකරන අයගේද නොයෙකුත් මානසික රෝග ඇති අයගේද අත්වල ශීර්ෂ රේඛාවේ දූපත් සලකුණ පිහිටිය හැක.

හෘදය රේඛාව මත ඇති දූපත් ලකුණින් නහරගත ආබාධ හෝ හෘදයාබාධ රෝගවලටත් හේතුවේ.

දෛව රේඛාවේ දූපතක්‌ වී නම් දෛවය වෙනස්‌ කරන තරමේ බලවත් රෝග ඇතිවෙයි. ගැහැනියක නම් විවාහයට පළමු කන්‍යාභාවය නැතිකර ගැනීමටත් පිරිමියෙකු නම් අයථා ලිංගික සබඳතා ඇති වීමටත් හේතුවිය හැක.

රවි රේඛාවේ හෙවත් කීර්ති රේඛාවේ දූපත් ලකුණක්‌ ඇතිනම් චර්ම රෝග අපකීර්තිය රැකියාවේදී නම් තනතුරෙන් පහකිරීම් ආදියට හේතුවේ.

සුඛ රේඛාව දූපත් සලකුණෙන් වකුගඩු, අක්‌මාව, මුත්‍රාශය ආශ්‍රිත ලෙඩ රෝගවලට හේතුවිය හැක.

විවාහ රේඛාව මත දූපත් ලකුණු පිහිටියේනම් සහකරු හෝ සහකාරිය රෝගාතුර වන බව පෙන්නුම් කරයි. (මෙම රෑපසටහනෙහි විවාහ රේඛා සළකුණු කර නොමැත. විවාහ රේඛා පිළිබදව කලින් ලිපියකින් විස්තර කර ඇත. එම ලිපිය මෙතැනින් )

විවාහ රේඛාවේ මැද දූපතක සලකුණ මැද වයසේදී හවුල් දිවියේ අවුල් වියවුල් ඇතිවීමට හේතුවිය හැක.


හිඹුටානේ - පියතිලක ද අල්විස්‌

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව