යමකු නිවසක් තනන්නේ තම ජීවිත කාලය තුළත් ඉන් අනතුරුව ඉදිරි පරම්පරාවක් හෝ පරම්පරා දෙකතුනක් එහි නිරුපද්‍රිතව ජීවත් වීමේ අපේක්ෂාවෙනි. එහි අර්ථ, ධර්ම, කාම, හා මෝක්ෂ යන චතුර් වාර්ගික සම්පත් ලබාගත හැකි සාධකයන් තිබිය යුතු බව ද අනිවාර්ය වේ.මේ සදහා පදනම ලෙස සලකනු ලබන්නේ අදාල නිවසේ වර්ග ඵලයයි. දීඇති නියමිත දිග පළල වෙනස් වීමෙන් මෙම වර්ග ඵලය වෙනස් වී නිවසේ ශුභ අශුභ තත්වය ද සම්පූර්ණයෙන්ම වෙනස් විය හැක.කපරාරුව අගල් දශමයකින් හෝ අඩු හෝ වැඩි වුව හොත් නිවසේ වර්ගඵලය වෙනස් වේ
වාසයට සුදුසු ගම
සමහරුන්ට උපන් ගම අපලය. වෙන ගමකට ගිය කල දියුණු වේ.සැප-සම්පත් ලැබේ.සමහරු උපන් බිමේඇති ඉඩකඩම් අතහැර දමා පිට ප්‍රදේශ වල ඉඩකඩම් ගෙන උසස් තත්වයක් ලබා ප්‍රසිද්ධියට පත්වේ.අද ලෝකය දෙස බැලීමෙන් එය මනාව වැටහේ.ඔබේ ගමේ වාසය කරන පිට ගම්වලින් පැමිණ දියුණුවූ අය ගැනත්, ඔබේ ගමින් පිට ගොස් ජීවත්වන අය ගැනත් හිතන විට මෙය මනාව ඔප්පු වේ.
ඔබේ ගමේ ගෙයක් සෑදීම ඔබට සුදුසුද? නැත්නම් සුදුසු ගමක් සොයා ගන්නේ කෙසේදැයි දැන ගන්නා ක්‍රම ජ්‍යෙතිෂයේ සදහන්ව ඇත.
1. මේ සදහා අවශ්‍ය වන්නේ ගෙය සාදන අයගේ නමට එන අකුරු,ගමේ නමට එන අකුරු සංඛ්‍යාවත් ගෙය සෑදීමට බලාපොරොත්තු වන ගමේ දිශාවත් වේ. ඔබ ගෙයක් සෑදීමට බලා පොරොත්තු වන අයකුනම් ඔබගේ ජ්‍යොතිෂ වේදියා හමුවී ප්‍රථමයෙන්ම ඔබ ගෙය සෑදීමට සිතා සිටින ගම ඔබට යා දෙන්නේදැයි දැනගන්න.
නිවසක් සෑදීමේදී අනුගමනය කළයුතු වැඩපිළිවෙල
වාස්තු විද්‍යානුකූලව අංග සම්පූර්ණ දෝෂ රහිත නිවසක් ඉදිකර ගැනීමට අවශ්‍යනම් මනා සංවිදානාත්මකව පියවරින් පියවර ක්‍රමවත්ව නිවස ගොඩ නැංවීමේ කටයුතු ඉටුකළයුතුය. එවිට එම නිවසින් නිවැසියන්ට සාමය,සතුට,සැප,සම්පත, හිමිවන්නේය. එබැවින් පළමුවරට නිවසක් සාදන්නන් විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන කාර්යයන්ගේ අනුපිළිවෙළ කෙටියෙන් මෙසේය.
1. නිවසක් ඉදිකිරීම සදහා ඉඩදක් මිළයට ගන්නේ නම් ඉඩමේ හැඩය ගැනද සැළකිළිමත් විය යුතුය.සුභඵලදායක හැඩයකින් යුත් ඉඩමක් ම්ළට ගැනීම යෝග්‍යය. ඉඩම් කට්ටිකර විකුණන අවස්ථාවලදී එයින් කොටසක් මිළයට ගන්නේනම් එලෙස යහපත් හැඩයකින් යුත් ඉඩම් කැබැල්ලක් මිළට ගත යුතුය.
2. ඉඩමේ පස පරීක්ෂාවක් කළ හැකිනම් එයද ඉතා වැදගත්ය. බොහෝවිට මෙය අසීරුවිය හැකිය.එයට හේතු වන්නේ ඉඩමක් මිළට ගැනීමට ප්‍රථම පස පරීක්ෂා කිරීම අසීරුවන බැවිනි. කෙසේ හෝ එයද ඉටුකළ හැකිවම් එය නිවසේ යහපත උදෙසා වන බව වාස්තු විද්‍යානු කූල නියමයකි.
3. නිවසක් සෑදීම සදහා එම ස්ථානය ආශ්‍රිත පරිසරයගැන සැළකිළිමත් විය යුතුය.වාස්තු විද්‍යාවේ සදහන් වේද දෝශ රහිතව පහසුවෙන් නිවස ඉදි කිරීමට හැකියාව ඇද්දැයි භූමිය අනුව තීරණය කළ යුතුය.
4.නිවස එම ස්ථානයේ අඩු වියදමින් සෑදිය හැකිද යන්නද විමසිය යුතුය. හෙල් ,ගල්. සහිත මඩ සහිත ස්ථාන නිවාස සෑදීමට අසීරු මෙන්ම විවිධ දොෂවලට ලක්වේ.එමෙන්ම එවැනි ස්ථානවල නිවාස සෑදීම අධිකව වියදම් වේ.
5.නිවාස හිමියාගේ හදහන පරීක්ෂාවට භාජනය කර තමන්ට නිවසක් සෑදීමට ඉදිරි කාලය ගැලපේද? බාධා රහිතව නිවස ගොඩ නැංවීය හැකිද? යන්න තීරණය කළ යුතුය.ඉන්පසු තමාට ගැලපෙන නැකතක් සාදා ගෙපලේ වැඩ ඇරඹිය යුතුය.
6. නිවස ගොඩ නංවන ස්ථානයට යම් කිසි යක්ෂ,ප්‍රේත,භූතාදීන්ගෙන් බලපෑම්,තමාට සතුරුකම් කරන අයගේ බලපෑම් ඇතිවය හැකි බැවින් ඒ සදහා ද ආරක්ෂක ක්‍රම සලසා ගැනීම ද යෝග්‍ය වේ.
7. බහිරව පූජාවක් කළ යුතු වේ. ඇතැම් අය ගෙපළ කැපීමේදී බහිරව පූජා පවත්වන අතර තවත් සමහර අයනිවසට මුල්ගල තැබීමට ආසන්නයේ කරති. ගෙපළ කැපීමට ප්‍රථම බහිරව පූජා දීම සුදුසුයැයි හැගේ.
8. ගෙපළ වාස්තු විද්‍යානුකූලව පරීක්ෂා කරවා ගැනීම.
9. නිවස සාදන ස්ථානයට ගැලපෙන පරිදි නිවාස සළැස්මක් සකස්කර ගැනීම.
10. නිවාස සැළැස්මද වාස්තු විද්‍යානුකූලව පරීක්ෂා කරවා ගැනීම
11. නිවසේ මුළු සැළැස්මෙන් කොටසක් සාදා පදිංචියට,අදහස් කරන්නෝද සිටිති. එවැනි අවස්ථාවලදී ප්‍රථමයෙන් සාදන කොටස ද තමාට ගැලපෙන දිග පළලින් යුක්ත විය යුතුය.
12. නිවස සෑදීමට අවශ්‍ය ගෙඩනැගිලි ද්‍රව්‍ය රැස්කරගත යුතුය. අවශ්‍ය සියලුම ද්‍රව්‍ය එකවරම රැස්කරගත හැකිනම් ඉතා හොදය.
13. ද්‍රව්‍ය මිළදී ගැනීමට ද සුභ මූහුර්තියක් සාදා ගැනීම
14. දොර ජනේල,උළුවහුද කලින් සාදවා ගැනීම කළ යුතුය.
15. අත්තිවාරම සදහා ලණු ඇදීම,අත්තිවාරම් කැපීම, මුල්ගල තැබීම යන කරුණු සදහා සුභ මුහුර්තියක් සාදවා ගැනීම.
16. ගොඩනැගිල්ලේ බිත්ති බැදගෙන යන අතර බිත්තිවල කුරුස ලකුණු,මෙන්ම ගිනි කතිරය,මරු සුලම ආදී දෝෂ පිහිටීම විමසා බැලිය යුතුය.
17. සැලැස්ම අනුවම බිත්ති,දොර,උළුවහු ආදිය පිහිටන්නේදැයි බිත්ති බැදීමට ප්‍රථම පරීක්ෂා කළ යුතුය. මෙය අත්තිවාරම දැමීම අවසන් වීමෙන් පසු ද බැලිය හැක.
18. උළුවහු තැබීම සදහා සුභ නැකතක් සාදවා ගත යුතුය.
19. බිත්ති අවසන්වීමට ආසන්නයේ දැව තැබීමට සුභ නැකතක් සාදවා ගත යුතු වේ.
20. වහළ ගැසීමේ දී දොෂ සිදුවේදැයි පරීක්ෂා කාරී වීම සුදුසුය.
21. වහළ ගැසීමෙන් පසු දොර ජනෙල් සවිකිරීම, බිම සකස් කිරීම කළ යුතු වේ.
22. නිවසට ගෙවදීමේ සුභ නැකතක් සාදවා ගත යුතුය.
23. ගෙවදීම සදහා වූ සියළු චාරිත්‍ර විධි පවත්වා නිවසේ පදිංචි විය යුතුය.
24. පදිංචියෙන් පසු ද ශාන්ති කර්ම කළ යුතුය.(පිරිත්)
නව නිවසක වැඩ ආරම්භ කිරීම
මේ යටතේ අත්තිවාරම් කැපිම සදහා ලණු ඇදීමේ සිට එම නිවසේ පදිංචි වීම තෙක් වන සියලුම කාර්යයන්සැළකිල්ලට භාජනය කරනු ඇත. ඒ අනුව
1. නිවාස සැලැස්ම දිශාගත කරගැනීමසදහා ලණු ඇදීම.
2. අත්ති වාරම් කැපීම.
3. මුල් ගල තැබීම
4.බිත්ති පිරීම
5. උළුවහු, ජනෙල් සවිකිරීම හා උළුවහු පැනීම.
6. වහළ ගැසීම
7. නව නිවසේ පදිංචියට යාම
8. බීමට ජලය ලබාගැනීම සදහා ළිං කැපීම ඇතුළු ප්‍රධාන කාර්යයන් රාශියක් මීට අයත් වන අතර මේ සියලුම වැඩකටයුතු සුබ මොහොතින් ආරම්භ කළ යුතු යැයි වාස්තු විද්‍යාවේ සදහන් වේ.
නිවාස දෝෂ
වාස්තු විද්‍යාවේදී දක්නට ලැබෙන දෝෂ රාශියක් දක්නට ලැබේ. එනම්
1. නිවසක අවශ්‍ය ප්‍රමාණයට වඩා කවුලු ඇති ජනෙල් නැති වීම නිවසට සිදුවන දෝශයකි. මෙම දෝශය නිසා නිවැසියන්ට රෝග වැළදීම සිදු වේ. එය අන්ධක දෝශයයි.
2. ජනෙල් නොමැති ගෙයක් ඇත්නම් එම ගෘහය කාණ දෝශ සහිත ගෙයකි.එම නිවැසියන් අන්ධ භාවයට පත්වීම තරම් දෝශ ඇතිවේ.
3. ගෙයකට තිබිය යුතු අංශවලින් තොර නිවසක දක්නට ලැබෙන වේධ කුබ්ජ වේධයයි. මේ නිසා එම ගෘහයේ වෙසෙන අයට කුෂ්ඨ රෝගවැනි චර්ම රෝග සෑදේ.
4. පෘථිවි ද්වාරයකින් යුක්තව ඇති නිවසක දක්නට ලැබෙන වේධ දෝශය වන්නේ බධීරකයයයි. මේ නිසා මෙම ගෘහයේ වාසය කරන්නන් සියලුම දුක්වලට මෙන්ම මරණයට පත්වන දෝෂ ඇති වේ.
5. ජනේල බොහොමයක් ඇති නිවස දිග්වක්ක නම් දෝශයට අයත්ය.මෙම නිසා එම ගෘහයේපදිංචි වන්නන් අතීසාරය වැනි රෝග වලට ගොදුරු වේ.
6. ඉතා මිටි වූ නිවාස වීපිට වේධයට අයත්ය.මෙම දෝශය සහිත නිවාසවල වසන්නන් නින්දිත ලෙස ජීවිකාව ගෙන යති.
7. අවලස්සන ස්වරූපයක් ගෙනදෙන නිවස ව්‍යාඩගජ නම් දෝශයට යටත්ය. මෙම නිවාස වල පදිංචි වන්නන් හීනවන තත්වයකට පත්වේ.
8. යම් නිවසක දෙපැත්ත උස් වී ඇත්නම් මුරජ නම් දෝශයට යටත් වේ. මේ නිසා එම නිවසේ වසන්නන් දිළිදු බවට පත්වේ.
9. දිග නොවූ නිවස කුටිල වේධය යැයි පැවසේ. එම නිවාසවල පදිංචි වන්නන් විනාශ වේ.
10.ශංකපාල වේදය සහිත නිවසක් සිටින්නන් අවලස්සන වේ.
11. දිශාවන්ට ගැලපෙන පරිදි නොමැති, දිශා වෙනස් වූ නිවස විකට වේදයට අයත් වේ.එම නිවස දරුවන් නැසීම සිදුවන ඵල විපාක වේ.
12. නිවසක පැත්තක් අඩුවන ලෙස සාදා ඇත්නම් එම නිවස කංක වේධයට අයත් නිවසකි. එහි සිටින්නන් ශූන්‍ය බව ඇතිවේ.
13. නිවසක් නගුලක් මෙන් උස්වඇත්නම් එම නිවස කෛංකර වේධයට අයත් නිවසකි. මෙම නිවසේ වසන්නන්ට දිළිදු බවද,ස්ත්‍රී හානියද සිදු වේ.
ඉඩම පාද බෙදා වෙන් කිරීම
නිවසක් ඉදිකිරීම සදහා යෝග්‍ය භූමියක් නිශ්චය කරගත් පසු එම භූමි භාගයේ කුමන කොටස තුළ නිවස ඉදිකරනවා ද යන්න තීරණය කරගැනීම සදහා අදාල ඉඩම බ්‍රහ්ම, දේව, මනුෂ්‍ය, හා ප්‍රේත යන පාද හතරට බෙදා ගැනීම කළ යුතුය.පාද බෙදීමේ කාර්යයයේ දී වාස්තු විද්‍යාඥයාට විවිධ සාධක මුල් කර ගෙන සූක්ෂම නිරීක්ෂණයක් කිරීමට සිදු වේ.
පර්චස් 10කුඩා ඉඩම් කැබැල්ලක ඉඩ මදි කම නිසා පාද බෙදීමත් කිරීම අමාරු කටයුත්තකි. එසේ වුවත් මෙම ඉඩම් වල හරි මැද ගිණි කතිරය මග හැරීමත් හැකිතාක් දුරට දේවපාදයට අසුවන පරිදි නිවසේ අත්ති වාරම දැමීමත් සිදුකළ යුතුය.
නිවාස වර්ග කිරීම හා පොරොන්දම් පරීක්ෂා කිරීම
නිවෙසක ඒකදශ පොරොන්දම නිවෙසේ ජීවත්වන්නන්ගේ ජීවන රටාවට බෙහෙවින්ම බලපාන දෙයක්.
වාස්තු සිද්ධාන්ත වලට අනුකූලව නිවෙසක සැලසුම නිර්මාණය කළත්, නිවෙස ඉදිකිරීමේදී අත්තිවාරමේ දිග පළල අඟලකින් දෙකකින් වෙනස්වීම සහ එම නිවෙසේ ඒක දශ පොරොන්දම වෙනස්වී එම නිවෙස වාස්තු දෝෂ සහිත නිවෙසක් විය හැකියි.
යමකු තමන්ට ජීවත්වීම සඳහා නිවෙසක් නිර්මාණය කරගැනීමේදී එම නිවෙස තමන්ගේ රැකියාවට අදාළ වන ආකාරයෙන් නිර්මාණය කරගැනීම වැදගත්.
උදාහරණයක් ලෙස ඔබ නීතීඥවරයෙක් නම්, අනිවාර්යයෙන්ම ඔබේ නිවෙස “ධ්වජ” වර්ගයේ නිවෙසක් විය යුතුයි.
එසේම ඔබ වෛද්‍යවරයෙක් නම් ඔබේ නිවෙස “මෛතී‍්‍ර” හෝ “පරම මෛතී‍්‍ර” නිවෙසක් විය යුතුයි. එමෙන්ම ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබේ නිවෙස “සම්පත්” ගණයේ නිවෙසක් විය යුතුයි.
ඔබේ නිවෙස ඔබ යෙදී සිටින ජීවන වෘත්තියට ගැළපෙන නිවෙසක් වූවිට ඔබ ඔබේ වෘත්තිය නිසා බැබලෙනවා; යස ඉසුරු ඔබට හිමි වෙනවා.
වාස්තු ශිල්පයට අනුව නිවෙසක් සැලසුම් කිරීමේදී “ඒකදශ පොරොන්දම” යටතේ හෝ “ආය වර්ගීකරණය” යටතේ හෝ එය කළ හැකියි. මේවා දර්ශකයන් ලෙස හැඳින්විය හැකියි.
විවාහයකදී පොරොන්දම් 20ක් ගලපන බව ඔබ දන්නවා. එසේම නිවෙසක් සෑදීමේදී එම නිවෙසට අදාළව පොරොන්දම් 11ක් ගලපනවා.
“ඒකදශ පොරොන්දම” ලෙස හඳුන්වන්නේ එයයි. ගෘහය, ගෘහයේ ස්වාමියාට කෙසේ බලපාන්නේද යන්න මෙහිදී සොයා බැලෙනවා.
ඔබට නිවෙසක් සාදාගැනීමට අවශ්‍යවන්නේ ඒක දශ පොරොන්දම යටතේ නම් එසේ කළ හැකියි. එසේම “ආය වර්ගීකරණය” යටතේද ඔබට නිවෙසක් නිර්මාණය කරගත හැකියි.
ඒකදශ පොරොන්දම අයත් වන පොරොන්දම් එකොළහ(11) වන්නේ, අය පොරොන්දම, වැය පොරොන්දම, යෝනි පොරොන්දම, නැකැත් පොරොන්දම, දින පොරොන්දම, අංශක පොරොන්දම, රාශි පොරොන්දම, තීථි පොරොන්දම, වංශ පොරොන්දම, දේවතා පොරොන්දම සහ ආයුෂ පොරොන්දම යන පොරොන්දම්.
නිවෙසක් එහි නිවැසියන්ට සුබවීමට නම්, ඉහත පොරොන්දම් වලින් 50%කට වැඩියෙන් සුබ විය යුතුයි. ගැලපිය යුතුයි.
මෙහිදී වැදගත් වන කරුණක් තිබෙනවා. ඒ, ඒකදශ පොරොන්දම යටතේ නිවෙසක් නිර්මාණය කරන විට එය සතරැස් කොටුවක ආකාරයේ නිවෙසක් විය යුතුය යන්නයි.
එය එසේ වුවත් ආය වර්ගීකරණය යටතේ නිවෙසක් කොටස්, කොටස් ලෙස විවිධ හැඩතල ඇතිවන ආකාරයෙන් සාදාගත හැකියි.
ඔබ වාස්තු ශිල්පයට අනුව විවිධ හැඩතල ඇති නිවෙසක් සාදාගැනීමට කැමැත්තෙන් සිටීනම් ඔබට ආය වර්ගීකරණය භාවිතා කළ හැකියි.
යම් නිවෙසක දිග ඔ පළල (ක්ෂේත‍්‍ර ඵලය) අටෙන් ගුණකර දොළහෙන් බෙදීමෙන් ලැබෙන ශේෂය “ආය” නමින් හැඳින්වෙනවා. මෙම ආය සංඛ්‍යාව අනුව එම නිවෙස ධ්වජ, ශ්වාත(ශුනක), ගජ, ධූම, වෘෂභ, කාක, සිංහ, මර වශයෙන් නම් කෙරෙනවා.
ධ්වජ – කීර්තියද, ධූම- ශෝකයද, සිංහ-ජය ද, ශුනක-වෛරය ද, වෘෂභ – ධනය ද, මර – දිළිඳු බවද, ගජ - සැප ද, කාක - රෝග ආදියද ළඟාකර දෙන බව ඉපැරැණි වාස්තු ශිල්පයේ දැක්වෙනවා.
මෙයින් ධ්වජ, සිංහ, වෘෂභ, හස්ති යන ආය වර්ගයන් සහිත නිවාස මනුෂ්‍ය වාසයට සුදුසු නිවාස ලෙස දක්වා තිබෙනවා. ගෘහ ආය වර්ගීකරණය සඳහා ගෘහයට අයත්වන ගෘහ පිණ්ඩය සැළකිය යුතුයි.
මෙහිදී ගෘහ පිණ්ඩය ලබාගත යුත්තේ අත්තිවාරමේ පිටින් පිට දිග මැනීමෙන්. එහෙත් ගෘහයෙන් පිටට පනින ලද ආලින්ද, ගරාජයන්, පෝටිකෝ ආදිය සළකන්නේ නෑ.
ආය වර්ගීකරණය යටතේ, නිවෙසක් සැලසුම් කිරීමේදී පාද සටහනට අනුව නිවෙස නිර්මාණය කරන්නේ නෑ. මෙහිදී ගෘහහිමියාගේ රැකියාව අනුව ගෘහය සැලසුම් කරනවා.
ාස්තු ශිල්පීය ක‍්‍රම අනුව වඩාත්ම සුදුසු වන්නේ පාදසටහන පිළිබඳව සළකා ඒකදශ පොරොන්දම මඟින් නිවෙස නිර්මාණය කිරීමයි. ආය වර්ගීකරණය යටතේ නිර්මාණය කළ නිවෙසක් පාද සටහන සමඟ ගැලපීමට කෙසේවත් උත්සාහ නොකළ යුතුයි.
ඒක දශ පොරොන්දම යටතේ නිවෙසක ගෘහ පිණ්ඩය හෙවත් නිවෙසේ ක්ෂේත‍්‍රඵලය ඉතා වැදගත්. (ගෘහ පිණ්ඩය ලෙස සළකන්නේ ගෘහයට අදාළ බිම් ප‍්‍රමාණය පමණයි.
එයට ගරාජය පිටතට විහිදී යන වැරෙන්ඩාව ආදිය අයත් වන්නේ නෑ.) සෙන්ටිමීටර් හෝ අඟල් වලින් නිවෙස සැළසුම් කළද, නිවෙසේ ගෘහ පිණ්ඩය වඩු රියන්වලින් ගත යුතුයි.
එම සංඛ්‍යාව අනිවාර්යයෙන්ම ඔත්තේ සංඛ්‍යාවක් විය යුතුයි. (සකි‍්‍රය වඩු රියන අඟල් 31යි).
ඒකදශ පොරොන්දම අයත් පොරොන්දම් එකොළහ ගැලපීම සඳහා ගෘහ පිණ්ඩය නියමිත සංඛ්‍යාවලින් බෙදා ගුණ කරනවා. එහිදී ඒකදශ පොරොන්දමට අයත් පොරොන්දම් එකොළහේ සුබ අසුබ ලැබෙනවා.
මෙහි දක්වා ඇති රූපසටහන් දෙක දෙස බලන්න. මෙම රූප සටහන් දෙකෙහිම දිග සමාන වුවත්, පළල අඟල් 2කින් වෙනස් වී තිබෙනවා. එම අඟල් දෙකේ වෙනස නිසා වර්ග අඩි ප‍්‍රමාණය වෙනස්වී තිබෙනවා.
එම හේතුව නිසා මෙම නිවෙසේ නැකත වෙනස් වී තිබෙනවා. අඟල් දෙකක වෙනසේ අවසන් ඵලය වුණේ නිවෙසේ නැකැත ‘මෛතී‍්‍ර’ නැකත ‘වධ’ නැකත ලෙස වෙනස්වීමයි)මෛතී‍්‍ර නිවෙස ‘වධ’ නිවෙසක් බවට පත්වීමයි.
එය ඉතාම අසුබයි. අපට මෙයින් පැහැදිලි වන්නේ නිවෙස ඉදිකරන විට මේසන් බාස් වරුන්ගේ අත්වැරැද්දෙන් නිවෙසේ දිග පළල අඟලක් හෝ දෙකක් වෙනස් වූවොත් අපට ලැබෙන්නේ වාස්තු දෝෂ සහිත නිවෙසක්ය යන්නයි. ඒ පිළිබඳව නිවෙස් හිමියන් සැළකිලිමත්වීම වැදගත්.
වාස්තු ශිල්පයට අනුව නිවෙසක් ඉදිකර ගැනීමේදී ඇතැමෙකුට මතුවන තවත් ගැටලුවක් තිබෙනවා. ඒ කේන්දර පිටපත් නොමැතිවීමයි. මෙයටත් විසඳුමක් සොයාගත හැකියි) ඒ, නාම අක්ෂර ගැලපීමෙන්.
එහිදී නිවෙස් හිමියාගේ ජන්ම නැකත ඔහුගේ නමෙන් සොයාගන්නවා. එමඟින් නමේ මුල අකුරට අයත් නැකත සොයාගත හැකියි
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........