සංතෘප්ත මේදය සහ අසංතෘප්ත මේදය වශයෙන් මේද සහිත ආහාර ප්‍රධාන ලෙස කොටස් 2 කට බෙදිය හැකිය.
එළකිරි, මීකිරි, බිත්තර කහමදය, එළුමස්, ඌරු මස්, හරක් මස්, පීකුදු, චීස්, බටර්, බේකන්, හැම්, සොසේජස් සංතෘප්ත මේදය බහුල වශයෙන් ඇති ආහාර ය.
අසංතෘප්ත මේදය බහුල ආහාර ලෙස අලුත් එළවළු, පලතුරු, පළා වර්ග මෙන්ම කුඩා මාළු වර්ග, නිව්ඩු සහලේ බත්, සම ඉවත්කොට පිසූ කුකුළු මස්, මේදය රහිත කිරි, බටර්, සෝයා තෙල්, සූර්යකාන්ත තෙල් ආදිය හැඳින්විය හැකිය.
මෙවැනි සංතෘප්ත මේදය බහුල ආහාර වැඩි වශයෙන් පරිභෝජනය නිසා ශරීරයේ කොලෙස්‌ටරෝල් මට්‌ටම ඉහළ නැගීමෙන් හෘදයේ ඇති ධමනි තුළ මේදය තට්‌ටු වශයෙන් තැන්පත් වී, රුධිර ගමනාගමනය අවහිරවී හෘදයාබාධ තත්ත්වයක් හටගනී.
එමෙන්ම කොලෙස්‌ටරෝල් මොළයේ තැන්පත්වීමෙන් අංශභාගය වැනි දරුණු රෝග තත්ත්වයන්ටද මුහුණ දීමට සිදුවිය හැකිය. අක්‌මාව මගින් ශරීරයට අවශ්‍ය 65% ක කොලෙස්‌ටරෝල් ප්‍රමාණයක් නිපදවන අතර 35% ක කොලෙස්‌ටරෝල් ප්‍රමාණයක් අප ගන්නා ආහාර මගින් නිපදවනු ලැබේ.
අධික තරබාරුව, දියවැඩියාව, අධික දුම්පානය, දැඩි මානසික ආතතිය, අධික රුධිර පීඩනය, කය වෙහෙසා වැඩ කටයුතුවල නොයෙදීම වැනි හේතු නිසාද, කාන්තාවන්ගේ ආර්තවහරණය මෙන්ම තමන්ගේ වයස අනුවද මෙම රෝගය වැළඳීමේ ඉඩකඩ වැඩිය.
කොලෙස්ටරෝල් හඳුනාගැනීම.
සාමාන්‍යයෙන් කොලෙස්‌ටරෝල් අධික රෝගියකු වැලමිට පිටුපස, ඇසයට, උඩුඅල්ල, බලනහරය, දණිස් කටු, බල නහරය පරීක්‍ෂාවට ලක් කිරීමෙන් හඳුනාගත හැකියි. එම ස්‌ථානයන්හි කහපාටට හුරු ළප වශයෙන් කොලෙස්‌ටරෝල් තැන්පත් වන බැවිනි.
පැය 14 ක් නිරාහාරව සිට රුධිරගත කොලෙස්‌ටරෝල් ප්‍රමාණය මැන බැලිය හැකිය. රුධිරය මිලි මීටරයක කොලෙස්‌ටරෝල් මිලි ග්‍රෑම් 200 ට වැඩි පුද්ගලයන් අධික කොලෙස්‌ටරෝල් රෝග අවදානමට ලක්‌වූවන් ලෙස නම් කරයි.
ස්වාභාවික ඖෂධීය ප්‍රතිකාර
ජමනාරංවල ඇති ලැවනොයිඩ් නොබිලිටින් වර්ණකය මගින් කොලෙස්‌ටරෝල් පාලනය කරයි.
දිනපතා ආහාරය සමඟ රතුලූනු, සුදුලූනු ආහාරයට ගැනීම
කරපිංචා, ගොරකා, සුදුලූනු අඹරා ආහාරයට ගැනීම
කොල්ලු තම්බා බීම. රසකිඳ කළාඳුරු අල කසාය ගැනීම මෙන්ම ස්‌වභාවික ඖෂධීය ප්‍රතිකාර ලබා ගැනීම මගින් කොලෙස්‌ටරෝල් හෙවත් අධික රුධිරගත මේදය සුවපත් කරගත හැකිය.
පිටවක්කාද කොලෙස්ටරෝල් මර්දනයට හොඳය. එල පිටවක්කා අක්මාවේ කොලෙස්ටරෝල් නිපදවීම අඩු කරවයි. ඉහත සඳහන් ඔෟෂධ සේම ඉඟුරු, කරවිල, කොකුම්, කුඹුක්, අසමෝදගම්, මදුරුතලා, කළුදුරු, කහ වැනි ඔෟෂධීය දෑද රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකර දමයි. තවද දිනකට එක් වතාවක් හෝ ව්‍යායාමයන්හි යෙදෙන්න. කුමක් හෝ ක්‍රීඩාවක යෙදීමද යහපත්ය.
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........