31 March 2016


අපි පෑන් එදිනෙදා නිතර නිතර භාවිතයට ගන්නවා. අපට ඒවා නැතිවම බැරි තරම්ය . ඒවගේම ඒවා එක එක ප්‍රමාණයෙන් සහ නොයෙකුල් මිල ගණන් වලට විකිණෙනවා.


මේ අපි කියන්න යන්නේ පෑන් සම්බන්ධ වෙනස්ම දෙයක් ගැනයි. ඒ පෑන් කොපුවෙහි ඉහළ කොටසේ ඇති පුංචි සිදුර ගැනයි . සමහර විට අපි පුංචි පුංචි දේවල් ජීවිතයේදී අමතක කරනවා. අන්න ඒ වගේ මේ ගැනත් ඔබ නොදැන සිටින්නට පුළුවන්.

බැලූ බැල්මට පෑන් කොපුවේ සිදුර නිර්මාණය කර තිබෙන්නේ අලංකාර කිරීම සඳහා බවයි.නමුත් එහි සැබෑ අරමුණ ඊට වඩා බොහෝ වැදගත් එකක්. පුංචිකාලේ අපි පෑන් කොපු සෙල්ලමට වගේ හපනවනේ. ඉතිං මේවගේ පෑන් කොපු හපද්දි ඒවා ගිලුනම ඔබේ ජිවිතයට පවා හානි සිදුවන්න ඉඩ තිබෙනවා. එහෙම වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ හුස්ම අවහිර වීමයි.

ඉතින් මේ වගේ හදිසි අවස්ථාවක ඇති වන ජිවිත අවදානම අවම කරගැනීමේ උපායක් විදියට තමයි පෑන් කොපුව උඩ සිදුරක් නිර්මාණය කර තිබෙන්නේ. මේ සිදුර හරහා යම්කිසි කාලයක් අදාළ ප්‍රතිකාර ස්වසනය සිදුකිරීමට හැකිවෙනවා. මෙවැනි පුංචි දෙයකදි වුණත් ඔබේ ජීවිතය ආරක්ෂා වන හැටි බලන්න.

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.


පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

197111

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව