18 December 2015



      බුදුවරයෙක් ලොව පහළ වන්නේ ඉතාමත් කළතුරකින් එය ඉතාමත් දුර්ලභ කාරණාවක්.එය කෙතරම් දුර්ලභ කරුණක් දැයි පෙන්වා දෙන්නට ගත්ත උත්සාහයක් තමයි මේ බ්ලොග් ලිපිය.
මෙහි සඳහන් කරුණු ත්‍රිපිටක සූත්‍ර ඇසුරෙන් සහ විවිධ ධර්මදේශනා ඇසුරෙන් මා තබාගත් සටහන් උපයෝගී කරගෙනයි  මෙය සකස් කලේ.යම් යම් කරුනු නිවැරදි විය යුතු නම් මා දැනුවත් කරන්න.

           බුදුවරුන් පහල වන කාලය මනිනු ලබන්නේ අවුරුදු වලින් නොව කල්ප වලින්ය. කල්පයක් කියන්නේ සැතපුම්16x16x16 දිග පළළ උස සහිත සමචතුරස්‍ර පෙට්ටියකට අබ ඇට පුරවා ඒ එක අබ ඇටයක් අවුරුදු100කට වතාවක් අරන් දැමීමෙන් ඒ පෙට්ටිය හිස් වන්නට යන කාලය =කල්ප 01යි. ( මේක උපමාවක්. පෙට්ටිය හිස් වුණත් කල්පය ගෙවිල ඉවර වෙන්නෙ නෑ කියලයි අහල තියෙන්නෙ. කල්පයක් කියන්නෙ අවුරුදු ගාණ කියන්න බැරි තරම් දිග කාලයක් කියන එකට තමයි ඔය උපමාව.
තව උපමාවක් තියෙනවා, මහාමේරු පර්වතය සිනිඳු පට සළුවකින් අවුරුදු 100කට එක වතාවක් පිරිමැද්දම කවද හරි කාලෙකදි මහාමේරු පර්වතය ගෙවිල ඉවර වෙනව. ඒත් කල්පයනම් ගෙවිල ඉවර වෙන්නෙ නෑ කියල ). ඊලඟට සදහන් වන්නේ අන්තක්කල්ප ගැන අන්තක්කල්පය කියන්නේ මිනිස් ආයුෂ අවුරුදු 10 සිට අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා එය ක්‍රමයෙන් ආයුෂ අවුරුදු  කෝටි...ලක්ෂ..සියයය වෙලා නැවත අවුරුදු 10 දක්වා පැමිනෙන කාලය අන්තක්කල්පයයි. අන්තක්කල්ප64= අසංක්‍යෙයිය කල්ප 01යි. අසංඛේ‍යය කල්පයක් අවුරුදු වලින් දක්වනවා නම් එය සටහන් කරන්නට හැක්කේ අවුරුදු 1 බිංදු 140යි. මේ අසංඛ්‍යය කල්පයේම දැනට අන්තක්කල්ප 03ක් ගෙවිලා හමාරයි.ඒ කාලය තුල කකුසඳ,කෝනාගම,කාශ්‍යප, ගෞතම කියන සතර බුදුවරයානන් වහන්සේලා පහළ වෙලා අවසන්.මතු බුදුවන මෛත්‍රී බුදුන් ගෙන් අණතුරුව ඉතිරි අන්තක්කල්ප පනස් නවයටම(59) බුදු කෙනෙක් මෙලොව පහළ වන්නේ නැහැ. අපගේ බෝධිසත්ත්වයන් වහන්සේ 20අසංඛ්‍යය කල්ප ලක්ෂයක් පාරමී පුරන විට ඒ අතරතුර ලොව පහළවූ බුදුරජානන් වහන්සේලා 5ලක්ෂ 12027නමක් දැක තිබෙනවා.

           මෙයට සාරාසංඛ කල්ප ලක්ෂයකට පෙරාතුව තන්හංකර, සරණංකර,මේධාංකර,දීපංකර නම් බුදුරජාණන් වහන්සේලා හතර නමක් එකම කල්පයක පහළ වී තිබුනා. ඉන්පසුව මහාකල්ප අසංඛ්‍යයක් බුද්ධ ශුන්‍ය කාල වශයෙන් සඳහන්. ඊට පසු කල්පයේ කොණ්ඩඤ්ඤ නම් බුදුවරයා ලොව පහළවෙනවා. උන්වහන්සේගේ පරිනිර්වානයෙන් පසුව නැවත මහා කල්ප අසංඛ්‍යයක් බුද්ධ ශුන්‍ය කාල වෙනවා. ඒ ඇවෑමෙන් නැවත මහා කල්ප අසංඛ්‍යයක් බුද්ධ ශුන්‍ය කාල වෙනවා. ඊට පසුව අනෝමදස්සී.පදුම,නාරද,යන බුදුවරුන් එක් කල්පයකදී පහළ වෙනවා.ඒ ඇවෑමෙන් නැවත මහා කල්ප අසංඛ්‍යයක් බුද්ධ ශුන්‍ය කාල වෙනවා. ඉන්පසුව පදුමුත්තර සර්වඥයන් වහන්සේ පහළවෙනවා.උන්වහන්සේගේ ආයුකාලය අවුරුදු ලක්ෂයයි. එතැන් සිට මහාකල්ප 70000 බුද්ධ ශුන්‍ය කාල වෙනවා. ඉන්පසුව එකම කල්පයේදී සුමේධ සහ සුජාත නම් බුදුවරු පහළවෙනවා. උන්වහන්සේලාගේ ආයුෂ අවුරුදු 90000යි.
 ඉන්පසුව මහාකල්ප 28200කට පසුව පියදස්සි,අත්ථදස්සි,ධම්මදස්සි නම් බුදුවරු තුන්නම පහළවෙනවා.පියදස්සි බුදුන්ගේ ආයුෂ අවුරුදු 90000යි.      අත්ථදස්සි,ධම්මදස්සි බුදුවරුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයයි.   ඉන්පසුව මහාකල්ප 1706ක් බුද්ධ ශුන්‍ය කාලයයි.        ඊලඟට සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙනවා. උන්වහන්සේගේ ආයුෂ අවුරුදු ලක්ෂයයි.ඉන්පසුව මහාකල්ප 2ක් බුද්ධ ශුන්‍ය කාලයක් වෙනවා පසුව තිස්ස සහ ඵුස්ස නම් බුදුවරුන් එකම කල්පයකදී ලොව පහළවෙනවා.එයින් තිස්ස බුදුරජාණන් වහන්සේගේ ආයුකාලය අවුරුදු ලක්ෂයක් වන අතර ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ ආයුකාලය අවුරුදු90000 වෙනවා.උන්වහන්සේලාගෙන් අනතුරුව කල්පයකට පසුව විපස්සී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙනවා. උන්වහන්සේගේ ආයුකාලය අවුරුදු80000යි. ඉන් අණතුරුව මහාකල්ප 60ක් බුද්ධ ශන්‍ය කාල වෙනවා. ඉන් පසුව සිඛී වෙස්සභූ නම් බුදුරජාණන් වහන්සේලා ලොව පහළ වෙනවා. සිඛී බුදුරජානන් වහන්සේගේ ආයුකාලය අවුරුදු 70000යි.වෙස්සභූ බුදුන්ගේ ආයුකාලය අවුරුදු 60000යි. උන්වහන්සේලාගෙන් පසුව ආ මහාකල්ප 30ක් බුද්ධ ශුන්‍ය කාලය වෙනවා. ඉන්පසුව එළැඹි මේ භද්‍රකල්පයේදී කකුසඳ,කෝණාගමන,කාශ්‍යප,ගෞතම නම් බුදුවරයාණන් වහන්සේලා පහළවෙනවා.අනාගතයේදී මෛත්‍රී නමින් බුදුවරයෙක් පහළවීමට නියමිතයි.කකුසඳ බුදුන්ගේ ආයු ප්‍රමාණය අවුරුදු 40000යි. කෝනාගමන බුදුන්ගේ ආයු ප්‍රමාණය අවුරුදු 30000. කාශ්‍යප බුදුන්ගේ ආයු ප්‍රමාණය අවුරුදු 20000 ගෞතම බුදුන්ගේ බුදුන්ගේ ආයු ප්‍රමාණය අවුරුදු 80යි. අනාගත මෛත්‍රී බුදුන්ගේ ආයු ප්‍රමාණය අවුරුදු 80000යි.

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව