18 December 2015



           රුදිරයේ හිමොග්ලොබින් මට්‍ටමට යහපතක් බලපෑමක් ඇතිකිරීමේ හැකියාවක් නිවිති වලට ඇති නිසා
රුදිරය අඩුකම කියන රෝගී තත්වයෙන් පෙලෙන රෝගීන්ට නිවිති දිව ඔසුවකි. නමුත් මොලයේ සෛල වලට යහපත් බලපෑමක් ඇති කිරීමේ හැකියාවක් නිවිති වලට ඇති බව ඔබ දැන සිටියාද .......?   දිනකට වතාවක් හෝ දෙවතාවක් නිවිති හෝ බොකුටු ගෝවා  ආහාරයට ගත් පුද්ගලයන්, පලා වර්ග හෝ නිවිති  වර්ග ආහාරයට  නොගන්නා පුද්ගලයන්ට වඩා මානසික ශක්තිය ඉහළ බව චිකාගෝ විශ්වවිද්‍යාලයේ කරන ලද පර්යේෂණයකින් හෙලිවී තිබෙනවා . පුද්ගලයාගේ අධ්‍යාපන මට්ටම කුමක් උවත්, කුමන ජාන නැඹුරුතාවක් තිබුණත් , කුමන ආකාරයේ ජීවන රටාවක් ගතකරත්,  ඒවා කිසිවකින් මෙයට බලපෑමක් නොවන අතර  මෙම පර්යේෂණයේ ප්‍රතිඵල සියලුම දෙනාට එකසේ අදාල වනවා .
                                එම පර්යේෂණයේදී  විවිධ  මට්ටමේ පුද්ගලයන් 1000 දෙනෙක් විශ්ලේෂණයට යොදාගෙන තිබෙනවා .නිවිති වැනි පලා වර්ග ,එළවළු වර්ග ආහාරයට ගත් පුද්ගලයන්ගේ මොලය අනෙකුත් පුද්ගලයන්ට වඩා අවුරුදු 11කින් පමණ තරුණවී ඇති බව එහිදී වැඩිදුරටත් සනාථවී තිබුණා .එහිදී නිවිති වැනි කොළ වර්ග එළවළු වර්ග ආහාරයට එක්කර ගැනීමෙන් මොලයේ සෛල වඩාත් හොඳින් හා වඩාත් වේගවත්ව අලුත්වැඩියා වන බව තමයි එම පර්යේෂණයෙන් තහවුරු වී තිබෙන්නේ . එමනිසා මෙවන් විශ්මිත ගුණ ඇති නිවිති වැනි කොළ වර්ග ,එළවළු වර්ග ,ඔබේ එදිනෙදා ආහාරයට එකතුකර ගන්නට ඔබ මතක තබාගත යුතු වැදගත් කාරනාවකි.

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව