තරබාරු බව ,ඒ වගේම ගර්භනී බව වැනි හේතු වලින් ඇදීමට ලක්වන සම නිසා සිරුරේ ඇදීමේ සලකුණු දැක ගන්නට ලැබෙනවා. මෙවැනි සලකුණු බොහෝ විට උදරය ,කලවා, තට්ටම,හා උරහිස ප්‍රදේශවල හටගන්නවා.
ඇත්තෙන්ම මෙය රෝගී තත්ත්වයක් නොවුනත් බොහෝ අය මේ දෙස බලන්නේ ප්‍රිය මනාප සිතකින් නොවේ.අපේ සිරුර විශාල වීම හා කෙටි කාලයක් තුළ හැකිලීමකට ලක්වීම නිසා මෙම ඇදීමේ සලකුණු හටගන්නවා.විශේෂයෙන්ම තම රුව පිලිබඳ උනන්දු වන කාන්තාවන්ට මේ වගේ තත්ත්වයකින් බොහෝ විට ඇතිවන්නේ සිත් වේදනාවක්.මා මෙම ලිපියෙන් අනාවරණය කරන්නේ එබඳු ඇදීමේ සලකුණු ස්වාභාවික ප්‍රතිකර්ම වලින් දුරු කරගත හැකි ආකාර කීපයක් පිලිබඳවයි.
කෝමාරිකා,
කෝමාරිකා වල අඩංගු වැදගත් පෝෂක හා සංඝටක සමෙහි සලකුණු දුරු කිරීම සදහා බෙහෙවින් උපකාරී වෙනවා.ඔබ කෝමාරිකා යුෂ කෝප්ප කාලකට විටමින් ඊ කරල් දහයක් හා විටමින් ඒ කැප්සූල් පහක අඩංගු තෙල් මිශ්‍රකර ගන්න.පසුව මෙම මිශ්‍රණය හොඳින් කලවම් කර අවශ්‍ය ස්ථානයේ ආලේප කරන්න.මේ මිශ්‍රණය සෑම දිනකම ගල්වන්න.ටික දිනක් යනවිට ඔබට පෙනේවි ඔබගේ ඉරිතැලුන සම යහපත් අතට හැරෙමින් පවතින බව.
සීනි,
සීනි මගින් සමෙහි ඉරිතැලුන ස්වභාවය නැතිකරගත හැකි ආකාරය වන්නේ ,සීනි තේ හැන්දකට ආමන්ඩ් තෙල් ස්වල්පයක් හා ලෙමන් යුෂ ස්වල්පයක් දමා හොඳින් මිශ්‍රකර ඔබගේ ශරීරයේ ඉරිතැලී ඇති ස්ථානවල හොඳින් ආලේප කිරීමයි.සෑම දිනකම මේසේ කිරීමෙන් වෙනස ඔබටම දැකගත හැකි වේවි.
ඔලිව් තෙල් ,
උනුසුම් කරනලද ඔබේ සමෙහි ඉරිතැලුන ස්ථානවල ආලේප කිරීමෙන් ශරීරයේ ලේ ගමනාගමනය ඉතා හොඳින් පවත්වා ගැනීමට හැකි වනවා පමනක් නොව ඇදීමේ සළකුණු ඉතා ඉක්මනින් ඉවත් කරගත හැකි වනවා.ඒ වගේම එහි අඩංගු විටමින් ඒ,ඩී හා ඊ ශරීරයට උරාගැනීමක්ද සිදු වනවා.
අර්තාපල් යුෂ ,
විටමින් සහ ඛනිජ ලවණ වලින් පොහොසත් අර්තාපල් යුෂ ශරීරයේ ඇති සියුම් සෛල ප්‍රකෘතිමත් කිරීමට ඉවහල් වනවා.පෙති කපාගත් අර්තාපල් වලින් සියුම්ව ඔබගේ ඔබගේ ඉරිතැලුන ස්ථානවල විනාඩි කීපයක් පිරිමදින්න.පසුව විනාඩි කීපයක් තබා සිසිල් ජලයෙන් පිරිසිදු කරන්න.
තවද හැකිතරම් ජලය පානය කිරීමෙන්ද මේ තත්ත්වය යම්තාක් දුරට මගහරවා ගත හැකිවනවා.ජලය ලීටර් පහක්වත් දිනකට පානය කල යුතුය.ජලය පානය කිරීමෙන් සමෙහි තෙතමනය ආරක්ෂා වනවා වගේම සම මෘදු වීමද සිදු වනවා.නමුත් කෝපි ,තේ,සෝඩා වර්ග පානය කිරීමෙන් වැලකී සිටීම වඩාත් යෝග්‍යයි.
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........