ඔබ රෙදිපිළි සාප්පුවකින් නිමි ඇදුමක් මිලට ගත්තාම ඒ ඇදුම තමන්ගේ ඇගට ගැලපෙනවාද කියලා අනිවාර්යයෙන් ඇඳල බලනවා. රෙදිපිළි සාප්පු වල හැම එකකම වගේ ඒ කටයුත්ත කරන්න වෙනමම කාමර තිබෙනවා.මේ කාමර ඇතුලේ කාන්තාවන් ඇදුම් මාරු කරද්දී වෙලඳසැලේම සමහරු ඒ දිහා බලනවා කියලා සැකයක් සමාජ ගතවෙලා තිබෙනවා.යම් යම් අවස්ථා වල ඒවගේ සිද්ධි අතටම අහුවෙලත් තිබෙනවා.
දැන් දැන් මේ වැඩේට කාමරයේ සවිකරල තිබෙන මූන බලන කණ්නාඩිත් පාවිච්චි කරන අවස්ථා තිබෙනවා.මේ සදහා භාවිතා කරන්නේ බැලූ බැල්මට සාමාන්‍ය කණ්නාඩි වගේ පෙනෙන විශේෂිත කණ්නාඩියක්. මේ කණ්නඩිය හඳුන්වන්නේ two way mirror කියලයි. රූම් එකේ මේ වර්ගයේ කණ්නාඩි සවිකර ඇතිවිට ඔබට ඔබේ රූපය පෙනෙනවා වගේම අනිත් පැත්තෙ ඉඳගෙන හොරෙන් බලන කෙනාටත් ඔබ කාමරයේ ඇඳුම් මාරු කරන හැටි හොඳට පේනවා.සාමාන්‍ය මූණ බලන කණ්නාඩියක් සහ two way mirror එකක් හොඳින් අඳුනගන්න පුලුවන්.සාමාන්‍ය මූණ බලන කණ්නාඩියට ඇඟිල්ල ළංකර විට ඇඟිල්ල සහ ඇඟිල්ලේ ප්‍රතිබිම්බය අතර සුළු ඉඩක් දැකිය හැකිය.නමුත් two way mirror එකකදී ඇඟිල්ල සහ ඇඟිල්ලේ ප්‍රතිබිම්බය එකිනෙකට හොඳින් ගැටෙන අයුරු දැකිය හැකිය.
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........