14 November 2015

     



     ඔබ එදිනෙදා ආහාරයට ගන්නා පළතුරු සහ එළවළු වල, මුද්‍රිත ඉලක්කම් කීපයක් හා බාර්කෝඩ් සහිත ස්ටිකර් හෝ ලේබල් අලවා තිබෙනු ඔබ කොතෙකුත් දැක ඇත. එහෙත් ඔබ දැන සිටියාද එම අලවා තිබූ ස්ටිකර් වල සැබෑ තේරුම කුමක්ද කියා. මම අද ඔයාලට කියලා දෙන්නම් එහි තේරුම.

 මෙම ස්ටිකරයේ සදහන් කර ඇති  අංකයට, PLU අංකය හෙවත් 'produce look up numbers' නමින් හදුන්වනවා. මෙම මුද්‍රිත කේතය මගින් ඔබට, එය වගාකල ආකාරය පවසනවා. එනම් ඵල  කාබනික පොහොර , රසායනික පොහොර, දිලීර නාශක, වල් නාශක  සමග වර්ධනය හෝ නිෂ්පාදනය ජානමය වශයෙන්  වෙනස් කරන ලද්දේ නම් PLU අංකය කියවීමෙන් ඔබට කියන්න පුළුවන්.මෙම අංක අතරින් මුල්ම අංකයෙන් එය වගාකල ආකාරයද, අනෙක් අංකයන්ගෙන් පළතුර එළවළු වර්ගය අයත් කාන්ඩ අංකයද සොයාගත හැක. 

               අංක 4ක් සහිතPLU අංකයේ ,මුල් අංකය 3න් හෝ 4න් ආරම්භ වෙයි නම් ( 3### හෝ 4### ) සාම්ප්‍රදායික හා ආවේණික ක්‍රමවේද (conventionally grown) උපයෝගී කරගෙන ඇත.එනම් රසායනික පොහොර ,දිලීර නාශක ,වල්නාශක, භාවිතා කර වගාකර ඇතිබවයි.
         
              අංක 5ක් සහිත PLU අංකයේ ,මුල් අංකය 8න් ආරම්භ වෙයි නම්  (8####) ජානමය වෙනස්කම් (genetically modifed)  කර ඇත. එනම් ජාන නිර්මාණ තාක්ෂණය භාවිතා කර විවිධ වේනස්කිරීම් වලට භාජනය කර ඇත.

 අංක 5ක් සහිත PLU අංකයේ, මුල් අංකය 9න් ආරම්භ වෙයි නම් (9####),කාබනික ද්‍රව්‍යය (organically grown)  උපයෝගී කරගෙන වැඩුණු බෝග වෙයි.ඒවාට රසායනික පිලියම් කර  නැති අතර ජානමය වශයෙන් වෙනස්කිරීම් කර  නැත. ඒවා වෙළදපලේ ඇති සෞඛ්‍යයට හිතකරම වඩාත් පෝෂ්‍යදායක ආහාර වනවා.


               මුල් අංකය  අංක 0න්  පටන්ගතහොත් සුදුසුකම් නොලත් ආහාරයක් බව පවසනවා. (0###) (0####).
මෙම පද්ධතිය නිෂ්පාදන ප්‍රමිති  සඳහා ජාත්‍යන්තර සම්මේලනය, නිෂ්පාදන අලෙවි සංගමය විසින් පරිපාලනය කරනු ලබනවා. 

        
         

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව