මේ තොරතුර වැදගත් වෙන්නේ ගොඩක්ම අන්තර්ජාලය තුල සිංහල භාවිතා කරන අයටයි.මේක සිංහල බ්ලොග් ලියන අයටත් ගොඩක් වැදගත් දෙයක් වෙයි.
ඒ නිසාම බ්ලොග් එකේ පලකරන්නයි හිතුවේ. මේක ගූගල් භාශා පරිවර්තන සේවයට අළුතෙන් එක් වී ඇති සිංහල භාශා පරිවර්තන සේවාව ගැනයි. ගූගල් භාශා පරිවර්තන වෙබ් ලින්ක් එකට පිවිසෙන ඔබට "Detect Language " යන ටැබ් එකට ගොස් ඒ තුල " Sinhala" යනුවෙන් සිංහල භාශාව සඳහන් වනවා පහසුවෙන් සොයාගන්න පුලුවන්. එය " Click " කළ විට මුලින් ඇති "Text box " එකට "සි" ලෙස පහතින් අකුරක් එක් වේ. එය ලඟින්ම ඇති ඊ හිස ක්ලික් කළ විට සිංහල යතුරු පුවරුව සොයාගන්න පුලුවන්. මේ මගින් අපට පහසුවෙන් සිංහල වචන ටයිප් කර අනෙක් "Text box " එකේ පරිවර්තනය බලාගන්න පුළුවන්. මේතන කොටන්න.
ඇන්ඩ්‍රොයිඩ් දුරකථන පාවිච්චි කරන් අය මෙතනින් බාගන්න.
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........