23 October 2015



 ලිබියාවේදී මියගිය හතලිස් දෙවසරක් එම රට පාලනය කළ නායකයා වන කර්නල් මුවම්මර් ගඩාෆි ගැන කුඩා සටහනක් තැබීමට මට සිතුනි. මන්ද ඔහුගේ ජීවිතය තුලින් අපට ලබාගත හැකි ආදර්ශයන් බොහෝය.
එඩේර ගෝත්‍රයක ගොවි පවුලක ලාබාල දරුවා ලෙස උපත ලද ඔහු ලිබියාවෙහි සාමාන්‍ය පාසැළක ඉලෙනුම ලබා නීති උපාධිය දිනා ගැනීම දක්වා ඉහළට ගියේ ය. පාසැල් වියෙහි දී ම විප්ලවකාරී අදහසින් වෙළි ගිය ගඩාෆි නීතිය හැදැරීමෙන් අනතුරුව යුද හමුදාවට බැදී බ්‍රිතාන්‍යයේ වැඩිදුර පුහුණුව ද ලැබීමට සමත් විය. 1959 සැප්තැම්බර් 1 දා සිය පාසැල් සමයේ විප්ලවකාරි සගයන්ද හවුල්කර ගනිමින් කපිතාන් ගඩාෆි එකළ රට කරවූ ඉර්දිස් රජු බලයෙන් පහ කළේ ය.එමගින් විසි නමවැනි වියෙහිදීම ගඩාෆි ලිබියාවේ නායකයා බවට පත් විය.

ඉතා තරුණ අවදියේදී කිසිදු ලේ සෙලවීමකින් තොරව විප්ලවකාරී ලෙස මුළු මහත් ලිබියාවේම අසහාය නායකයා වන්නට තරම් දෙවියන් මුවම්මර් ගඩාෆි කෙරෙහි අනුග්‍රහශීලී විය. ඒ බව මැනවින් තේරුම් ගත් ඔහුද තමන් පිළිබඳව අධි තක්සේරුවකට නොගොස් උප ලුතිනන් තනතුරේ සිට කර්නල් ධුරය දක්වා පමණක් තමන්ව උසස් කර ගත්තේය. අපේ රටේ නම් එක්කෝ ජෙනරාල් ධූරය දක්වාම උසස් වීමක් ලබා ගනු හෝ එසේත් නොමැති නම් එතැන් පටන් හමුදාවේ නිල නාමය භාවිතා නොකර සිටිනු ඇති. එහෙත් බටහිරවාදී හමුදා තනතුරු පට්ටම් පිළිබඳ සංකල්පය පයිසයකටවත් ගණන් නොගත් ගඩාෆි තමන් කර්නල් ධූරයෙන් පමණක් හදුන්වා ගති.
එමෙන්ම ඔහු විදෙස් රට වලට යන විට තම ගෝත්‍රික සලකුනක් වන කුඩාරමද රැගෙන යන්නට අමතක නොකරන ලදී. බොහෝ විට විදෙස් රාජ්‍යය නායකයන්ද මෙම කුඩාරමට විත් ගඩාෆි සමග සංවාදයේ යෙදෙනු ඔබ දකින්නට ඇත.
ගඩාෆි බලයට පැමිණීමට බොහෝ විට හේතුවුයේ එවකට සිටි රජු බටහිර ගැති ලෙස කටයුතු කිරීමයි. නමුත් ගඩාෆි බලයට පැමිණි පසු බටහිර අධිරාජ්‍යවාදීන්ට එය හිසරදයක් විය. එය නිකම්ම නිකම් හිසරදයක් නොව ඉරුවරාදයක්  මෙන් විය. මන්දයත් මෙම හිසරදය වසර 42ක්ම අඛන්ඩව පැවතීමයි.
ඔහු ඒකාධිපතියෙක් වුවද රටේ ජනතාවට ඉමහත් ලෙස සුබසෙත සැලසුවෙකි. ඔහු ජනතාව වෙත ලබාදුන් වරප්‍රසාදයන් කිහිපයක් පහත දක්වමි.

1. ඔහු ලිබියාවේ වැසියන්ට නොමිලේ විදුලිය ලබා දුනි. විදුලිය සදහා කිසිදු බිලක් අය නොකරන         ලදී.
2. ලිබියානු ජාතික බැංකුවකින් ණයක් ගන්නා විට කිසිදු පොලියක් අය නොකරන ලදී.
3. ලිබියාව තුල සෑම වැසියෙක්ටම නිවසක් යනු අයිතිවාසිකමකි. ලිබියාවේ සෑම වැසියෙක්ටම             නිවසක් දෙනතුරු තම දෙමව්පියන්ට නිවසක් නොදෙමියි ඔහු සපථ කරන ලදී.
4. විවාහ වන නව යුවලක් සදහා රජයෙන් ඩිනාර් 60,000 ක පාරිතෝෂික මුදලක් ලබා දෙන ලදී.         ඔවුන්ට එයින් නිවසක් මිලට ගත හැක.
5.අධ්‍යාපනය සහ සෞඛ්‍යයද එහි නොමිලේම සැපයෙන අතර ඔහු ලිබියාව භාරගැනීමට පෙර එහි      සාක්ෂරතාවය වුයේ 25% කි. දැන් එය 83% ක් බව සංඛ්‍යාලේඛන වලින් දැක්වේ. එමෙන්ම එහි      වැසියන්ගෙන් 25%ක්ම උපාධිධාරීන් බවද පැවසේ.
6.අප රටේ පොහොර සහනාධාරය ලබා දෙනවාක් මෙන් එරට වැසියෙක් සිය රැකියාව ලෙස වගා         කිරීම තෝරා ගන්නේ නම් ගොවිතැනට භූමියක්, අසලින්ම නිවසක්, බීජ උපකරණ වැනි සියල්ල       රජය මගින් නොමිලේම ලබා දීම කරනු ලබයි.
7. විදෙස් ගතව අධ්‍යාපනය ලබන්නට කැමති ලිබියානු ශිෂ්‍යයන්ට ලිබියන් රජය මගින් ඇමරිකානු       ඩොලර් 2300ක ශිෂ්‍යාධාරයක් ලබා දෙයි.
8. වැසියන් තමන්ගේම වාහනයක් පාවිච්චි කිරීම දිරිගැන්වු ලිබියන් රජය එහි මිලෙන් අඩක් රජය         මගින් ලබාදේ.
9. එහි පෙට්‍රල් මිල ඉතාමත් අවම වන අතර ලීටරයක මිල ඇ.ඩො 0.14 ක් පමණ වේ. 10. මේ             සහනාධාර සියල්ල ලබා දුන්නද ලිබියාව ලොව කිසිදු රටකට ණය නොමැති රටකි. එමෙන්ම           ලිබියාව සතු විදෙස් සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 150 කි.
11. ලිබියානු උපාධිධාරී තරුණයෙක් තමන්ට සුදුසු රැකියාවක් හිමිවන තෙක් උපාධියට හිමි වැටුපට     සමාන දීමනාවක් රජයෙන් ලබාදේ.
12. ලිබියවේ තෙල් වල අයිතිය රජයට මුත් තෙල් විකුණා ලැබෙන සෑම මුදලකින්ම කොටසක් සෑම      වැසියෙකුගේම බැංකු ගිණුම් වල තැන්පත් කෙරේ.
13. බිහිවන සෑම දරුවෙකු උදෙසාම රජය මගින් ඇමරිකානු ඩොලර් 5000ක දීමනාවක් රජය              මගින් මවපියන්ට ලබාදේ.
14. ආහාර වර්ග වල මිලද ඉතා අවම වන අතර පාන් ගෙඩියක මිල ඇමරිකානු ඩොලර් සත 15 කි.
15.කාන්තාරගත දේශයක් වුවද ලොව විශාලතම වාරිකර්මාන්ත ලිබියාවේ ස්ථාපිත කල ගඩාෆි රට තුල ජලය සුලභ කරන ලදි.
ඒකාධිපතියෙක් වුවද මෙවන් ජනහිතකාමියෙක් සිය රටවැසියන්ගෙන් ප්‍රථික්ෂේප වුයේ මන්දැයි ඔබ දැන් මගෙන් ප්‍රශ්න කරනු ඇත. ඔහු මෙතරම් හොඳ දේ කලද ඔහුගෙන් යම් යම් වැරදිද සිදුවී ඇත.කෙසේ නමුත් ලිබියානු වැසියන්ගෙන් ඔහු අසන එකම ප්‍රශ්නය වන්නේ "මම නුබලාට කර වැරැද්ද කුමක්ද ." යන්නයි .මේ සදහා ලිබියානු වැසියන්ට උත්තරයක් තිබේද ?මුස්ලිම් වරයෙක් වශයෙන් මියගිය පුද්ගලයෙකු වන ඔහුගේ නුගුන කීමට අවසර නැත. මන්ද ඉස්ලාමයට අනුව මියගිය කෙනෙකුගේ නුගුන පැවසීම තහනම්ය.
කෙසේ වුවද ඒකාධිපතිවාදය ඉස්ලාමය විසින් ඉතා නිර්ධය ලෙස ප්‍රථික්ෂේප කරන පාලන තන්ත්‍රයකි. ඔහුගේ ජීවිතයේ තිබෙන යහපත් ආදර්ශයන් ගෙන අපද ගෙඩ නැගෙමු.


0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව