කවුද කාලා නැත්තෙ කිඹුලා බනිස්. චූං පාන් එකෙත් තියෙන්නෙ. මමනම් හරිම ආසයි කන්න. හූනො බනිස් එකක් නැතුව නියම කිඹුලා බනිස් එකෙක් කෑවනම් බඩ පිරෙනව එකෙන්ම. ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ කිඹුලා බනිස් හදන විදිහ.

අවශ්‍ය දේවල්.

➧700g පිටි
➧100g සුදු සීනි
➧10g යීස්ට්
➧35g කිරි පිටි
➧50g බටර්
➧350ml උනු වතුර
➧ලොකු බිත්තර 2
➧ලුනු පොඩ්ඩක්
➧ලොකු ඇට සීනි
➧තේ කහට ටිකක්

සාදාගන්නා ආකාරය.

➧උනු වතුර වලට කිරි පිටි දාලා කිරි එක හදලා පැත්තකින් තියනන්න.(විනාඩි 10)
➧යීස්ට් වලට ලා උනු වතුර පොඩ්ඩක්, සීනි චුට්ටක් දාලා හොදින් කලවම් කර පැත්තකින් තියන්න (විනාඩි 10)
➧මික්සින් බෝල් එකක් ගෙන පිටි, පිපුනු යීස්ට් දමා කලවම් කරන්න
➧බටර් දාන්න. කලවම් කරන්න.
➧ලුනු, බිත්තර කලවම් කරන්න.මිශ්‍ර කරන්න.
➧සුදු සීනි දාන්න, කලවම් කරන්න.
➧කලින් සාදා ගත් කිරි එක දාන්න. ඉතා හොදින් කලවම් කරන්න.
➧විනාඩි 10 විතර ගියාම පිටි මෝලිය ගොඩක් ඝනකම් ව එනවා.
➧මෙම මිශ්‍රනය තෙල් තැවරූ බදුනක දමා තෙත රෙදි කෑල්ලකින් වසා රස්නය ඇති තැනක පැයක් පමන තියන්න.
➧පැයකට පසු පිටි මෝලිය 2 ගුනයක් වෙලා තියෙන්න ඕන.
➧දැන් තුනී ලෑල්ලකට පිටි ටිකක් දාලා මිශ්‍රනය 3ට බෙදා ගෙන වෙන වෙනම රෝලර් එකක් ආධාරයෙන් තුනී කර ගන්න.
➧ත්‍රිකෝන කපා දිග පැත්තේ සිට අතින් රෝල් කරන්න.
➧ට්‍රේ එකක් ගෙන මේවා ඈතින් ඈත තබා පැයක් නැවත රස්නය ඇති තැනක තියන්න.
➧පැයකින් පසුව නැවත පොඩ්ඩක් පිම්බිලා තියනවා පෙනේවී.
➧ඉතා ඝනකමට සදා ගත් තේ කහට (උනු වතුර අඩුවෙන් දාලා) ටිකක් පින්සලෙන් අරන් කිඹුලා බනිස් උඩ ගාන්න (කැමති නම් බිත්තර කහ මද ගාන්න, නැති නම් ඇල් වතුර ගාන්න.)
➧උඩට දැන් ලොකු ඇට සීනි ටිකක් වැඩිපුර දාන්න.අවන් එකේ 320°F විනාඩි 30ක් බේක් කර ගන්න.

පල්ලෙ තියෙන පොටෝ ටිකත් බලන්නකෝ.



මේ තියෙන්නේ හදාගත්ත පිටි මෝලිය.



 මිශ්‍රනය තෙල් තැවරූ බදුනක දමා තෙත රෙදි කෑල්ලකින් වසා රස්නය ඇති තැනක පැයක් පමන තිබ්බා. ඔන්න පිපිලා (පිටි මෝලිය 2 ගුනයක් වෙලා තියෙන්න ඕන).



තුනී ලෑල්ලකට පිටි ටිකක් දාලා මිශ්‍රනය 3ට බෙදා ගෙන මුලින්ම ටිකක් තුනී කරගත්තා



ඒ තුනී කරගත්ත එක රෝලර් එකක් ආධාරයෙන් මේ වගේ තුනී කරගෙන ත්‍රිකෝන කපා ගත්තා.



ඒ ත්‍රිකෝන මෙන්න මේ වගේ රෝල් කරගන්න.



මේ වගේ.



මේ තියෙන්නේ එහෙම හදාගත්ත ඒවා පැයකට පස්සෙ. ඔයාලා මුලු එහෙම ලස්සනට හදාගන්න.



තේ කහට ටිකක් පින්සලෙන් අරන් කිඹුලා බනිස් උඩ ගාන්න. (කැමති නම් බිත්තර කහ මද ගාන්න, නැති නම් ඇල් වතුර ගාන්න.). ඊට පස්සෙ ලොකු සීහි කැට උඩින් ඉගලා අවන් එකට දැම්මා.



මේ තියෙන්නේ එහෙම බේක් කාරලා හදාගත්ත අපේ කිබුලා බනිස්. රසම රසයි.

මුල් ලිපිය අවශ්‍යනම් මෙතනින් බලන්න පුලුවන්.

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව