කවුද අකමැති චොකලට් බේරෙන රසම රස ඩෝනට් කන්න. ඉස්සර මම ක්ලාස් ඉවර වෙලා බීච් එකට යද්දි අනිවාර්යෙන්ම ඇරන් යන එකක් තමා ඩෝනට් එකක්. මට ඒ කාලෙ තිබුන සෑහෙන්න ප්‍රශ්ණයක් තමා මේ ඩෝනට් එක දිය වෙන් නැතුව කඩේ ඉදලා බීච් එකට ඇරන් යන එක :) බීච් එකට ගිහිල්ලා බලද්දි චොකලට් ටික හත් පොලේ ගෑවිලා.. :) හයියෝ !! ඊට පස්සෙ ඉතිං වටපිට බලලා එහෙම...

අවශ්‍ය දේවල්:

➦පාන් පිටි 200g
➦යීස්ට් 5g
➦බිත්තර 1
➦සීනී තේ හැදි 1
➦බටර් මේස හැදි 1
➦මද රස්නේ කිරි 100 ml
➦ලුනු

සාදාගන්නා ආකාරය:

➥මුලින්ම පිටි භාජනයකට දමා එයට යීස්ට්, සීනි, බටර්, දමා කලවම් කර ගන්න.
➥එයට ගසා ගත් බිත්තරය, ලුනු එකතු කරන්න.
➥දැන් එයට මද රස්නේ කිරි ටික ටික එකතු කරමින් අනා ගන්න. අතේ නොඇලෙන පදම එන තෙක් විනාඩි 10 ක් විතර.
➥ඩෝ එක (ඒ අනාගත්ත එක) පැයක් පමන පිපෙන්න‍ට තබා ගන්න. පසුව එය පිටි ඉස ගත් මතුපිටක තබා රෝලින් පින් එකකින් හෝ අතින් තුනී කර ගන්න. ( අගල් 1/2 විතර ගනකමට)
➥පසුව තුනී කර ගත් ඩෝ එක මත වීදුරැවකින් හෝ ඩෝනට් කටර් එකකින් රවුම් කපා ගන්න. ඒ මැද පොඩි රවුමක් කපා ගන්න. ( මම පොඩි බෝතල් මුඩියක් ගත්තේ)
➥ඒ කපා ගත් ටික පැය 1/2 විතර පිපෙන්නට තබා ගැඹුරැ තෙලේ බැද ගන්න. ( මද රස්නෙන්)
➥පසුව දියකර ගත් චොකලට් මත ඩෝනට් දමා හැඩ කර ගන්න. (චොකලට් ඩබල් බොයිල් කරලා තමා දාන්න වෙන්නේ. අපි මේ ක්‍රමය ගැන අපේ මේ "ඉවුම් පිහුම්" ඇප් එකේ කලින් කතා කරලා තියෙනවා. "කේක් වර්ග / අයිසින් වර්ග" යටතේ තියෙන ලිපි බලන්නකෝ. චොකලට් පව්ඩර් වලට කිරි ටිකක්, බටර් ටිකක්, අයිසින් සීනි ටිකක් දාලා කලවම් කරලා ගන්නත් පුලුවන්)
➥ඊට පස්සෙ උඩින් Sprinkles ටිකක් ඉස ගන්න (ඔය පාට පාට චූටි බෝල දාලා තියෙන්නෙ ඩෝනට් එක උඩ. අන්න ඒවා )

තේරුනෙ නෑ වගේනම් පල්ලෙ තියෙන පොටෝ ටිකත් බලන්නකෝ:



තුනී කරගත්ත ඩෝ එක කපාගත්තෙ මෙහෙමයි



මෙහෙම පිපෙයි ටිකක් තිබ්බට පස්සෙ



පිපුනට පස්සෙ බදින්න



මේ තියෙන්නෙ ඊට පස්සෙ පෙනුම. මේක උඩින් තමා අපි චොකලට් දාගන්නෙ.



ඔන්න හරි. ඔන්න මම නම් දැන් කන්න තමා හදන්නේ...

වැදගත්:

ඩෝනට් එක මැදින් කපලා අයිසින් ටිකක් ගාන්නත් පුලුවන්. බැදපු එක නිව්නට පස්සෙ පිහියෙන් පලා ගන්න. ඊලඟට බටර් අයිසින්, සීනි, වැනිල ටිකක් හා කිරි චුට්ටක් දාලා ක්‍රීම් එකක් හදලා මැදින් ගාන්න.

ලිපිය ලිව්වේ: Kaushi Meghawarna මහත්මිය

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව