අවශ්‍ය දේවල්.

පාන් පිටි 250g 
(කොප්ප 2)
ලා උණු කිරි 250ml (කොප්ප 1 පමණ)
යීස්ට් 3.5g (තේ හැඳි 1)
බිත්තර 1
සීනි 25g (මේස හැඳි 2)
බටර් 30g (මේස හැඳි 2)
ලුනු තේ හැඳි ¼
පැණි පොල් අවශ්‍ය පමණ (ජෑම් වෙනුවට රසම රස පොල් පැනි දාමු)

සාදාගන්නා ආකාරය.
පැණි පොල් සාදා ගන්නා ආකාරය -

පැණි උණු කර ගෙන හෝ සීනි වලින් පැණි සාදා ගෙන එය බුබුලු දමන විට ගාගත් පොල්, සුවඳ කුඩු (කරදමුංගු, කරාබු නැටි) ටිකක් සහ ලුණු ටිකක් දමා හොඳින් හැදි ගාමින් මලවා ගන්න. මෙය නිවෙන්න තියන්න. මෙයටම කැමති ජෑම් වර්ගයක් සීනි ටිකක් සහ වතුර ටිකක් දමා උනු වන විට පොල් දමා ජෑම් පැණි පොල් හදන්නත් පුලුවන්.
මුලින්ම සීනි කිරි වල දිය කර යීස්ට් දමා කවලම් කර මඳ උණුසුම් තැනක පෙණ වගේ එනතුරු විනාඩි 10 පමණ තබන්න.
දැන් පිටි සහ ලුනු මිශ්‍ර කර එයට කිරි යීස්ට් මිශ්‍රණය, බිත්තරය සහ බටර් වලින් බාගයක් දමා dough එකක් (ගුලියක්) හදාගන්න.
අතින් අනනවා නම් විනාඩි 15ක් knead කරන්න (අදිමින් අනන්න). Stand mixer එකේ නම් medium speed විනාඩි 10ක් knead කරන්න.
මුල් විනාඩි 5 ගිය පසු ඉතිරි බටර් ටිකත් දමා ඉලාස්ටික් ගතිය දැනෙන තුරු knead කරන්න. ඇලෙන ගතිය වැඩි නම් පිටි චුට්ටක් දමා අතේ නොඇලෙන dough එකක් හදා ගන්න.
දැන් dough එක තෙල් තැවරූ බාජනයක දමා තෙත රෙදි කෑල්ලකින් හෝ තෙල් ගෑ ඉටි කොලයකින් වසා උනුසුම් තැනක ප්‍රමාණය දෙගුණයක් වන තුරු තබන්න.
ඉන්පසු පිටි තැවරූ මතුපිටක dough එක දමා අතින් තලමින් වාතය ඉවත් කර ගුලියක් සාදන්න.
එය කෑලි 6කට කඩා රවුම් ගුලි හදන්න. මේවා රොටියක් වගේ අවශ්‍ය තරමට තුනී කරන්න.
එය මැදට පැණි පොල් ටිකක් තබා දෙකට නවා ගෑරුප්පුවකින් දාරය හැඩ කර ගන්න.
මේවා තෙල් කඩදාසියක් දැමූ තැටියක අඟල් 1 පමණ පරතරය ඇතිව තබා තෙල් ගෑ ඉටි කොලයකින් වසා උණුසුම් තැනක ප්‍රමාණය දෙගුණයක් වන තුරු තබන්න.
එය මතුපිට පරිස්සමින් එය මතුපිට කිරි ගාන්න.
200˚C (fan oven 180˚C) රත් වූ oven එකක විනාඩි 15ක් පමණ (උඩ රන්වන් දුඹුරු පාට වන තුරු) බේක් කරන්න.
උඩ රන්වන් පාට වීගෙන එන විට එළියට ගෙන සීනි උඩින් ඉස නැවත බේක් කරන්න (උඩ රන්වන් දුඹුරු පාට වන තුරු).

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව