ටිකක් සැර රසකට කැමති නම් මෙන්න මේ බත ඔබට හොඳටම ගැලපෙනවා. මේ තායි ක්‍රමයට සකසන seafood බතක්. උණක් හෙම්බිරිස්සාවක් හැදිලා කෑම එපා වෙලා ඉන්න වෙලාවක මේ බත් එක අපූරුයි කියල අත්දැකීමෙන්ම කියන්න පුළුවන්.චිලි පේස්ට් ටිකක් එලවළු චොප්සියක් බැදගත් බිත්තරයක් එක්ක මේ බත් එක ඉතා රසවත්.

අවශ්‍ය දේවල්.


↣ පිරිසිදු කරගත් ඉස්සන්,මාළු,සහ දැල්ලන් එකතුව ග්‍රෑම් 400

↣ තක්කලි ගෙඩි 2ක්
↣ සේර අඟල් 3ක පමණ කැබැල්ලක්
↣ කරබු නැටි, කරදමුංගු 5 බැගින්
↣ සීනි ස්වල්පයක්
↣ විනාකිරි තේ හැන්දක්
↣ මිරිස් කුඩු තේ හැන්දක්
↣ ගම්මිරිස් කුඩු තේ හැන්දක්
↣ දෙහි හෝ ලෙමන් ගෙඩියක්
↣ පොඩියට කපාගත් රතු සහ කහ බෙල් පෙපර් කප් 1\2
↣ කපාගත් ලූනු ගෙඩියක්
↣ සිහින්ව කපාගත් කැරට්
↣ සිහින්ව කපාගත් ලූනු කොල
↣ තලාගත් ඉඟුරු, සුදු ලූනු
↣ සේර පොඩි කැබැල්ලක් එක් කර තම්බාගත් හාල් කප් 4 බත්

සාදාගන්නා ආකාරය.

↣ තක්කලි ගෙඩි දෙක තම්බා පොතු හැර අබරාගන්න.
↣ එයට විනාකිරි,සේර,සීනි, ලුණු ,කරාබු නැටි,කරදමුංගු,මිරිස් සහ 
ගම්මිරිස් කුඩු සමඟ වතුර කප් 1\4ක් එක් කර හොඳින් උතුරවා ගන්න.
↣ මෙම සාදාගත් සෝස් එකෙන් කරාබු නැටි,කරදමුංගු,සේර කොටස් ඉවත් කර දෙහි හෝ ලෙමන් ගෙඩියක ලෙල්ල සිහින්ව ගාගෙන එක් කරගන්න.
↣ ඉස්සන්,මාළු සහ දැල්ලන් ලුනු ගම්මිරිස් අතගා ගැඹුරු තෙලේ බැදගන්න.
↣ තෙල් ස්වල්පයක් රත් වෙන්න තබා එයට ලූනු, ඉඟුරු, සුදු ලූනු සහ කැරට් එක් කර තෙම්පරාදු කරගන්න.
↣ එයට සාදාගත් සෝස් එක ,බෙල් පෙපර් සහ රස අනුව ලුණු එක් කර බැදගත් මාළු වර්ග ටික එක් කර හොඳින් කලවම් කරගන්න.
පසුව මෙම මිශ්‍රණයට පිසගත් බත් එක් කර අවසානයට ලූනු කොල ටික මිශ්‍ර කරගන්න

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.


පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

197929

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව