එළුමස් යොදාගෙන අරාබිකරයේ හදන මේ බතට ඔබට කැමති මස් වර්ගයක් යොදාගන්න පුළුවන්. බිරියානි ගණයටම වැටෙන මේ බතට මිංචි සම්බෝලයක්, අන්නසි සලාදයක්, බිත්තර, කජු හෝ ග්‍රීන් පීස් කරියක් හදා ගත්තම හොඳටම ඇති.
අවශ්‍ය දේවල්.
⟾ සෝදා කපා ලුණු ගම්මිරිස් අතගාගත් මස් 1 Kg
⟾ තම්බාගත් කඩල කප් 1
⟾ මුද්දරස්පලම් කප් 1\2
⟾ බැදගත් කජු හෝ රට කජු කප් 1\2
⟾ අඹරාගත් ඉඟුරු සුදු ලූනු තේ හැන්දක්
⟾ කරදමුංගු,කරාබු නැටි,කුරුඳු පොතු
⟾ කහ තේ හැඳි 1\2
⟾ කපාගත් තක්කලි සහ ලූනු ගෙඩිය බැගින්
⟾ හකුරු තේ හැඳි 2
⟾ ගිතෙල්(Ghee) / බටර් හෝ තෙල් ( වඩා රස වීමට Ghee වඩාත් සුදුසුයි )
⟾ සෝදාගත් හාල් කප් 4ක් (බාස්මතී හෝ කීරි සම්බා වැනි සහල් වර්ගයක් වඩාත් සුදුසුයි.)
සාදාගන්නා ආකාරය.
⟾ පොත්ත හැර නොගත් සුදුලූනු බිකක් දමා බත් ටික බාගෙට තම්බා ගන්න.
⟾ ගී ටිකක් රත් වෙන්නට හැර එයට කපාගත් ලූනු,ඉඟුරු,සුදු ලූනු,කහ,තක්කලි සහ කරදමුංගු,කරාබු නැටි,කුරුඳු පොතු සහ රස අනුව ලුණු දමා තෙම්පරාදු කරගන්න.
⟾ එයටම කපාගත් මස් දමා කලවම් කර මස් වැසෙන ප්‍රමාණයට වතුර දමා සාමන්‍ය ගින්දරේ උයාගන්න.
⟾ මස් ඉදුනු පසු පිලිවෙලින් බාගෙට උයාගත් බත්, තම්බාගත් කඩල, බැදගත් කජු, මුද්දරස්පලම් සහ හකුරු එයට උඩින් එක් කර පියනකින් වසා මද ගින්නේ බත ඉදෙන තුරු පිසගන්න.
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........