චීස් රසට ගොඩාක් කැමති අයට තමයි මේ පාස්තා එක. දැන් මේක හදන්න ගන්න දේවල් වල නම් දැකලා එහෙම බය වෙනවා නෙමේ ඕන්. නම් දන්නේ නැති වුනාට මේ චීස් වර්ග ලංකාවේ අපිට හොදට හුරු පුරුදු චීස්. හැමදාම එකම විදිහට පස්තා කනකොට එපා වෙනවනෙ. මේ චීස් ටික කඩෙන් ගන්න පුලුවන්නම්, මේ විදිහට පාස්තා එක පාරක් හරි හදලා රස බලන්නකෝ.. මේකටම වයිට් සෝස් පාස්තා (White sauce pasta) කියලත් කියනවා.
අවශ්‍ය දේවල්:
තම්බා ගත් පාස්තා 400g (කැමති හැඩයකින්)
සාදා ගන්නා ආකාරය:
මුලින්ම භාජනයක් සාමාන්‍ය ගින්දරේ ලිප තබා ගෙන එයට බටර් ටික දමා ගන්න.බටර් හොඳින් දිය වූ පසුව එයට පාන් පිටි ටික එකතු කර ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න.පසුව ගින්දර අඩු කර එයට නැවුම් කිරි එක් කර ගෙන කැටි නොගැසෙන සේ හොඳින් හැදි ගාමින් අඩු ගින්දරේ කලවම් කරන්න.ඉන් අසුව චීස් වර්ග සියල්ල එකතු කර චීස් හොඳින් දිය වන තුරු පිස ගන්න.චීස් සෝස් එක නටා ගෙන එන විට එයට රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර ලිපෙන් බා ගන්න.දැන් තම්බා ගත් පාස්තා වලට චීස් සෝස් එක දමා කලවම් කර ගන්න. නැතහොත් තම්බා ගත් පාස්තා උඩින් චීස් සෝ එක දමා ගන්න.අවසානයේ දී එයට උඩින් චොප් කර ගත් කොත්තමල්ලි කොළ ඉස ගෙන උණුවෙන්ම රස විදින්න.
වැදගත්:
ඔබ කැමති නම් මෙයට එළවළු, මස්, මාළු වැනි ඕනෑම දෙයක් එකතු කර ගන්න පුළුවන්.කැමති නම් කෑලි මිරිස් ටිකකුත් එකතු කරන්න පුළුවන්.මෙහි තිබෙන සියලුම චීස් වර්ග ආපිකෝ (Arpico), ෆුඩ්සිටි (Food City) ආදී සුපිරි වෙළඳ සැල් මඟින් ලබා ගත හැකියි.පාස්තා තැම්බීමේදී නටන උණු වතුරට ලුණු ටිකක් සහ තෙල් ටිකක් දමා පාස්තා එකතු කරන්න.ඔබ ගන්නා පාස්තා වර්ගය අනුව එය තැම්බීමට ගත වන වෙලාව වෙනස් වන අතර තැම්බීමට ගත වන කාලය පාස්තා පැකට් එකේ සඳහන් කර ඇත.
පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ:
අවශ්‍ය දේවල්:
තම්බා ගත් පාස්තා 400g (කැමති හැඩයකින්)
පාන් පිටි 40g
නැවුම් කිරි (fresh milk) 500ml
බටර් මේස හැදි 3-4ක්
ස්විස් චීස් (Swiss cheese) 150g
හැපී කව් චීස් (Happy Cow cheese) කෑලි 4-5ක්
චෙඩර් චීස් (Cheddar cheese) 100g
ලුණු (රස අනුව)
ගම්මිරිස් කුඩු (රස අනුව)
චොප් කර ගත් කොත්තමල්ලි කොළ ටිකක්
සාදා ගන්නා ආකාරය:
මුලින්ම භාජනයක් සාමාන්‍ය ගින්දරේ ලිප තබා ගෙන එයට බටර් ටික දමා ගන්න.බටර් හොඳින් දිය වූ පසුව එයට පාන් පිටි ටික එකතු කර ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න.පසුව ගින්දර අඩු කර එයට නැවුම් කිරි එක් කර ගෙන කැටි නොගැසෙන සේ හොඳින් හැදි ගාමින් අඩු ගින්දරේ කලවම් කරන්න.ඉන් අසුව චීස් වර්ග සියල්ල එකතු කර චීස් හොඳින් දිය වන තුරු පිස ගන්න.චීස් සෝස් එක නටා ගෙන එන විට එයට රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු එකතු කර ලිපෙන් බා ගන්න.දැන් තම්බා ගත් පාස්තා වලට චීස් සෝස් එක දමා කලවම් කර ගන්න. නැතහොත් තම්බා ගත් පාස්තා උඩින් චීස් සෝ එක දමා ගන්න.අවසානයේ දී එයට උඩින් චොප් කර ගත් කොත්තමල්ලි කොළ ඉස ගෙන උණුවෙන්ම රස විදින්න.
වැදගත්:
ඔබ කැමති නම් මෙයට එළවළු, මස්, මාළු වැනි ඕනෑම දෙයක් එකතු කර ගන්න පුළුවන්.කැමති නම් කෑලි මිරිස් ටිකකුත් එකතු කරන්න පුළුවන්.මෙහි තිබෙන සියලුම චීස් වර්ග ආපිකෝ (Arpico), ෆුඩ්සිටි (Food City) ආදී සුපිරි වෙළඳ සැල් මඟින් ලබා ගත හැකියි.පාස්තා තැම්බීමේදී නටන උණු වතුරට ලුණු ටිකක් සහ තෙල් ටිකක් දමා පාස්තා එකතු කරන්න.ඔබ ගන්නා පාස්තා වර්ගය අනුව එය තැම්බීමට ගත වන වෙලාව වෙනස් වන අතර තැම්බීමට ගත වන කාලය පාස්තා පැකට් එකේ සඳහන් කර ඇත.
චෙඩර් චීස් (Cheddar cheese) කිව්වට දන්නේ නැති වුනාට ක්‍රාෆ්ට් (Kraft) චීස් දන්නවා නේ, ක්‍රාෆ්ට් චීස් කියන්නේ චෙඩර් චීස් වර්ගයක්ම තමයි. ක්‍රාෆ්ට් චීස් ටින් වල වගේම පැකට් කරලත් තියෙනවා දැකලා ඇති නේ..
පල්ලෙ පොටෝ ටිකත් බලන්නකෝ:
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........