අවශ්‍ය ද්‍රව්‍ය.
➧සුදුලූණූ ගෙඩි 4 (බික් ලොකු නම් වඩාත් සුදුසුයි)
➧ලොකු ලූණූ ගෙඩි 4
➧කෑලි මිරිස් ටිකක්
➧ගම්මිරිස් ස්වල්පයක්
➧කරපිංචා කිනිති 5 , 6
➧උම්බලකඩ 50 g
➧රස අනුව ලුණු
➧සෝයි සෝස්
සාදන ක්‍රමය.
➧සුදුලූණූ ගෙඩිවල මතුපිටින් ඇති පොත්ත ඉවත් නොකර සෝදා ගන්න...කැමති නම් බික් වෙන් කර ගන්න...ගෙඩිය පිටින්ම වුවද ගත හැක. වතුර බේරා පිසදා ගන්න. එය පසකින් තබා ගන්න...ලොකු ලූණූ ගෙඩි ටික සිහින්ව ලියා ගන්න....
➧කරපිංචා ටික ගැඹුරැ තෙලේ ක්‍රිස්පි වනතෙක් බැද ගන්න...දැන් ලූණූ රන්වන් පාට සහ ක්‍රිස්පි ගතියට එනතෙක් ගැඹුරැ තෙලේ බැද ගන්න...තෙල් බේරා ගන්න...දැන් සුදුලූණූ ටික පොත්ත සමඟම එම තෙල්වලම විනාඩියක් හෝ දෙකක් පමණ බැඳ ගන්න...
➧සුදුලූණූ වල ප්‍රමාණය අනුව කාලය වෙනස් වන නිසා කල්පනාකාරී විය යුතුයි....
➧පැතලි සෝස් පෑන් වැනි බඳුනකට තෙල් ඉතාමත් ස්වල්පයක් දමා මඳගින්නේ රත්වන විට එයට කෑලි මිරිස් සමඟ උම්බලකඩ දමා විනාඩියක් රත් කර ගන්න....
➧එයට බැද ගත් ලූණූ කරපිංචා සහ සුදුලූණූ ටික දමා රස අනුව ගම්මිරිස් , ලුණු සහ සෝස් දමා පරිස්සමින් කලවම් කර ඉක්මණින් ලිපෙන් ඉවත් කර ගන්න...
➧කරපිංචා වෙනුවට කතුරැ මුරැංගා කොළ ආදේශ කල හැකි අතර බැද ගත් රට කජු හෝ කජු මද එක් කර ගත හැක....
➧කැමති අයට බික් වෙන් කර පොත්ත ඉවත් කර ගන්නත් පුළුවන්...මේ තරම් ආලවට්ටම් නැතුවත් සුදුලූණූ නිකම්ම තෙලේ බැදලත් රසයි. දැන් පිරිමි ඇත්තෝ බයිට් එකට නිතරම ගන්න දෙයක්..
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........