25 February 2017


  ආදරයක් ජීවිතයට ලැබුනු පළමු දවසේ ඔබේ සිතට දැනුනු කුල්මත් හැඟීම ඔබට මතකද? ඔබට වෙන කිසීම දෙයක් හිතට නොනැගෙන තරමටම ඒ සිතුවිල්ල ඔබේ සිත වෙලා ගෙන තිබුනා. ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ කියලා ඔබට දැනෙන්න ඇති. අද දවසේ ඉසුරුමත් ජීවිතයක් පිළිබඳ හැඟීම ඔබේ සිතට දැනුනාම, ආදරය දැනුනු තරමටම ඔබේ සිත පිබිදෙනවාද? පිළිතුර ඔවු නම් ඔබ පළමු පරීක්ෂණයෙන් සමත්. හැබැයි ඔබට ඒ පිළිබඳ උත්තරය ඒ තරමටම ශක්තිමත් නැත්නම් අපි තත්වය අදම වෙනස් කරගනිමු. ඔබට ජීවිතය ඉසුරුමත් කරන්න තියෙන ඕනෑකම නිකම්ම පැතුමකින් ඔබ්බට ගිය ලොකු අභිප්‍රායක් ඇති වෙන්න ඕනි.. සිහිනයක් විතරක් තියෙන අය සිහිනෙත් එක්ක ජීවිත් වෙලා සිහින බිඳ වැටෙන බව කියනවා. ඒත් ආකර්ෂණ නීතිය ජය ගන්න ඔබට ලොකු ඕනෑ කමක් තියෙන්න ඕනි.


  මේ ඕනෑ කම කොයි තරම් වෙන්න ඕනද කියලා තේරුම් ගන්න පුළුවන් ලස්සන කතාවක් තියෙනවා. දවසක් තරුණයෙක් සොක්‍රටිස් මුන ගැහෙන්න ගියා ප්‍රශ්නයක් විසඳා ගන්න. ඔහුගේ ප්‍රශ්නය උනේ ජීවිතය සාර්තක කරගන්නේ කොහොමද කියලා අහන්න. සොක්‍රටිස් පිළිතුරක් වෙනුවට තරුණයාට පසු දින උදේ ගඟ ළඟට එන්න නියම කළා. තරුණයාත් කුතුහලයෙන් ගෙදර ගිහින් පසුදා උදේන්ම ගඟ ළඟට ආවා. ඒ වෙනවිටත් සොක්‍රටිස් ඇවිත්. තරුණයා මුල් ප්‍රශ්නයම නැවත ඇසුවා. සොක්‍රටිස් තරුණයාගෙන් ඇසුවා දියුනු වෙන්න කොච්චර ඕනැ කමක් තියනවාද කියලා. තරුණයා පිළිතුරු දුන්නා ලොකු ඔනෑ කමක් තියනවා කියලා. සොක්‍රටිස් නැවතත් අහනවා කොච්චර ලොකු ඕනැ කමක්ද කියලා. තරුණයාට ඒ ගැන හොඳ වැටහීමක් තිබුනේ නැ. සොක්‍රටිස් තරුණයාට ගඟ මැදට යන්න කියා තරුණයාගේ පස්සෙන් ගඟට බැස්සා.

  තරුණයාගේ නහය ළඟට වතුර තියෙන තරම් ගඟ මැදට ගියාම, සොක්‍රටීස් එක වරම තරුණයා බෙල්ලෙන් අල්ලා වතුරේ එබුවා. ඔක්සිජන් නැතුව නිල් පාට වුන තරුණයා තම උපරිම ශක්තිය යොදවලා දේහධාරී සොක්‍රටිස් පෙරළගෙන වතුරෙන් ගොඩට ආවා. සොක්‍රටීස් හති දමමින් සිටි තරුණයා නිවුන පසු පැනයක් ඇසුවා. වතුරේ යට ඉන්න විට ඔහුගේ උවමනාව මොකක්ද කියලා. තරුණයා කීවේ ඔහුට හුස්ම ගන්න උවමනා උන බවයි. සොක්‍රටිස් ඇහුවා නැවතත් කොච්චර ඕනෑ කමක් තිබුනාද කියලා හුස්ම ගන්න. තරුණයා කීවේ එපමණ ඕනෑ කමක් කවදාකවත් ඇති වෙලා නෑ කියලා. සොක්‍රටිස් තරුණයාට කියා දුන්නා ජීවිතේ ඉසුරුමත් කරගන්න නම් වතුරේ ගිලිලා මැරෙන්න යන කෙනෙකුට හුස්ම ඕනි තරම් ඕනි කමක් සිතේ ඇති කර ගන්න ඕනි කියලා.

  ඉසුරුමත් ජීවිතයකට ඔබට තිබෙන උවමනාව ඔබේ ඇතුලෙන්ම එන ලොකු ගින්නක් වෙන්න ඕනි. ඇතුලෙන්ම කියලා මම කීවේ ඔබේ හදවතින්ම එන්න ඕනි කියන දෙය සිතා ගෙන. මනසින් ඇති කරගන්න සිතුවිල්ලකට වඩා හදවතින්ම ඕනෑ කමක් ඇතිකරගන්න ඕනි. මනස එහෙම නැත්නම් ඔබේ උඩු හිත තර්කානුකූලව සිතන විට සැකය ඇති වෙනවා. සැකය ඔබ ළඟ තියෙන විට ඔබ උකටලී වෙනවා. ඉච්චාබංග වෙනවා. ඒත් ඔබේ හදවත එහෙමත් නැත්නම් ඔබේ යටිසිත ඔබේ හැඟීම් වලට බලපානවා. ඉසුරුමත් ජීවිතයක ඕනෑ කම ඔබේ යටි සිත බාර ගත්තාම ආකර්ෂණ නීතිය බලපානවා. තවත් වැදගත් දෙයක් තියෙනවා. ඔබේ මනස තර්කයත් ‍යටිසිත හැඟීම් පාළනයත් කරන නිසා තර්කයත් හැඟීම් අතර ගැටුමක් ඇතිවුනාම නිතරම හැඟීම් ජය ගන්නවා. මේ නිසා ඔබේ හැඟීම් කළමණාකරණය ඉසුරුමත් ජීවිතයක පදනම වෙනවා. ඒ වගේම තර්කයත් හැඟීම් අතරත් එකඟ බව ඉසුරු ඔබ කරා ආකර්ෂණය ඉක්මන් කරනවා.

  සිහිනයකට එහා ගිය ලොකු උවමනාවක් ගැන මම නැවත නැවතත් ඔබට මෙහිදී නැවත නැවතත් කියන්නේ ඇයි? සිහිනය මනසේ උපකරණයක් විතරයි. ඔබ සිහිනයක් දැක්කාට මනස එය ළඟා කර ගන්න සුදානම් වෙලා නැ. ඔබ දකින සිහිනය ඔබේ හදවතට දැනිලා නෑ. ඒ නිසා හැම සිහිනයක්ම ඉටු වෙන්නේ නැහැ. සිහිනය සිතැඟියාවක් හා දැඩි අභිලාෂයක් බවට පෙරළුනාම, එය ඔබේ යටි සිතේ පාළනයට නතු උනාම හැඟීම් වෙනස් වෙන්න පටන් ගන්නවා. තවත් ලෙසකින් කියනවානම්, ඔබේ පැතුම, භාවයක් බවට පෙරළෙන විට, එම සිතුවිල්ල භෞතික යතාර්ථයක් බවට පෙරළෙනවා.ඔබ බොහෝ විට දැක ඇති මිනිසුන් පැතුම් පැතුවත් ඒ පැතුම සැබෑවක් කරගන්න කැපවී වැඩකරන්නේ නැතිව ඉන්න බව. ඇයි ඒ වගේ වෙන්නේ. මනසට පැතුමක් ආවත් ඒ පැතුම යටිසිතේ හැඟීමක් ඇති නොකරන තාක් ක්‍රියාත්මක වීමක් ඇතිවෙන්න පෙළඹීමක් ඇති කරන්නේ නැ. ඔබට දෙයක් දිනා ගන්න සිතුවත්, පැතුවත් ඔබේ හදවත එය පිළිගෙන නැත්නම් හෝ ඊට වෙනස් දෙයක් විශ්වාස කරනවානම් ඒ පැතුම ඉටු වෙන්නේ නැහැ. පැතුම් පතන එක විතරක් කරන පුරුද්ද නවත්තලා ඒ වෙනුවෙන් වැඩකරන්න පටන් ගනිමු. ඒ වෙනුවෙන් හැඟීම් වෙනස් කරගන්න පටන් ගනිමු. ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම ඔබේ භාවයන් වෙනස් වෙනවා. පැතුම ඉටු වෙන්න එය ඔබේ අත් දෙකට ලබා ගන්න යන්නේ කාලය පිළිබඳව ප්‍රශ්නයක් විතරයි. ඔබ එය ඉටු කර ගන්නවා මයි.
Print Friendly and PDF

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව