27 January 2017

  

 ලොව ඕනෑම තැනක පිහිටි කොළ පැහැති ශාක ගහනය නෙත ගැටෙන ඕනෑම විටෙක අපට පුදුමාකාර නැවුම් හැඟීමක් හදවතට සහ නෙතට දැනෙන අතර මනා ශාක ගහනයක්ද පරිසරයේ පිහිටා තිබීම තුළ කාබන්ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කර ඔක්සිජන් වායුව පිටතට ලබාදීමේ ක්‍රියාවලිය වේගවත්ව සිදුවේ. නමුත් ඇතැම් විට අප බොහොම ආදරයෙන් ගෙවත්තේ සුන්දරත්වයට ඇති කරන ශාක උග්‍ර විෂ සහිත බව අප නොදනී.නමුත් එසේ සිදුවිය හැකි බවට උදාහරණ තිබේ.සමහර ශාක වල විෂ ශරීර ගතවීමෙන් මරණය සිදුවූ අවස්ථාවන්ට උදාහරණ ඕනෑ තරම් තිබේ.
මේ තත්ත්වයට හේතු වන්නේ ඒවායේ අඩංගු ඇතැම් රසායනික ද්‍රව්‍ය වේ.ශාක විෂ වීම වලක්වා ගැනීම සඳහා ශාකය නිවැරදිව හඳුනා ගැනීම ,ගෙවත්තේ විෂ සහිත ශාක වගා නොකිරීම ,කෑමට නුසුදුසු ශාක වර්ග හෝ ශාක කොටස් කෑමට හෝ බෙහෙත් ලෙස භාවිතා කිරීම නොකල යුතුය.

කෙනකු නොදැනුවත්කමින් යම් ශාක විෂක් ශරීර ගත වූ විට කළ හැකි පොදු ප්‍රථමාධාර .

ස්වසන මාර්ගයේ අවහිරතා තිබේ නම් ඒවා ඉවත් කොට පහසුවෙන් ස්වසනය කිරීමට සැලැස්වීම
වමනය කිරීමට සැලැස්වීම
සිහිසුන් බවින් රෝගියා පෙලේ නම් වම් ඇලයට හරවා තැබීම .
වහාම ලඟම ඇති රෝහලට රෝගියා රැගෙන යන්න.පැලෑටි කොටස් සහ වමනය කරන ලද කොටස්ද වෛද්‍යවරයා වෙත රැගෙන යන්න .
සමේ තැවරුණු විසක් නම් සබන් ගා පිරිසිදු ගලන ජලයෙන් සෝදන්න.
ඇසේ ගෑවුන යමක් වේ නම් පිරිසිදු ගලන ජලයෙන් විනාඩි 15ත් 20ත් අතර කාලයක් ඇස හොඳින් සෝදන්න .


ශාක විෂ වීම සිදුවන ආකාරය .
හිතාමතාම දිවි නසාගැනීම සඳහා භාවිතා කිරීම .
ශාක වැරදි ලෙස හඳුනා ගැනිම නිසා සිදුවන හදිසි විෂ වීම
කුඩා ළමුන්ගේ නොදැනුවත්කම හා කුතුහලය නිසා පැලෑටි සැපීම
ආහාර ලෙස භාවිතා කිරීම


අපේ රටේ බහුලව දැකිය හැකි විෂ සහිත ශාක.

01.නියඟලා.(ව්ද්‍යාත්මක නාමය-Gioriosa superba)



   මෙම ශාක වර්ගය කැලෑබද ප්‍රදේශවල දැකිය හැකිය .ශාක පත්‍රයේ අග කෙළවර පහුරක් ලෙස අනුවර්තනය වී ඇති අතර එය ආධාරයෙන් ඉහළ නැගීම සිදු කරයි .පුෂ්පය රතු සහ කහ මිශ්‍ර පෙති වලින් යුක්ත වේ.ශාක කඳ භූ ගතව ඇති අලයකි.මෙහි අලය අර්තාපල් වලට සමාන වේ.

විෂ -

  ශාකයේ සියලුම කොටස් විෂ සහිත වේ.මෙහි ඇති විෂ කාරකය ඇල්කලොයිඩ් කොල්චිසීන් ලෙස හඳුන්වයි.මෙය උග්‍ර විෂ සහිත වේ.මෙමෙ විෂ බහුලව දැකිය හැකි වන්නේ අල වලය.


විෂ විය හැකි මාත්‍රාව.

ළමුන්ට මිලි ග්‍රෑම් 05ත් 08ත් අතර ,වැඩිහිටියන්ට මිළි ග්‍රෑම් 06ත් 20ත් අතර .

02.ඔලිඳ. (විද්‍යාත්මක නාමය -Abrus precatorius)



  දුර්වල කඳක් සහිත වැලකි.පහුරු ආදධාරයෙන් වැල ඉහළ නගී.පත්‍ර සංයුක්තය ඒකාන්තරව පිහිටයි .මල් ළා දම් පැහැ ගනී .ඵලයෙහි කුඩා තද රතු පැහැති බීජ අන්තර්ගතය.බීජ ඵලය කළු පැහැවේ.


විෂ.

  උග්‍ර විෂ සහිත වේ.විෂ කාරකය ඇබ්‍රින් නම් වූ ග්ලයිකො ප්‍රෝටීන සහ ඇබ්‍රික් අම්ලය නම් වූ ග්ලුකොයිඩය වේ.බීජ,ශාක මුල්,පත්‍ර සියල්ලම විෂ සහිත වේ. බීජ වල බීජාවරණය නොකැඩී ගිලීමක් සිදු වූ විට හානියක් නොමැත.බීජාවරණය තුවාල වන ලෙස සපා කෑම හෝ බීජයේ පැල්මක් සිදු උවහොත් ඇතුලත අඩංගු විෂ ද්‍රව්‍ය එළියට පැමිණීමක් සිදුවන හෙයින් එය අනතුරු දායක වේ.මෙම විෂ ඇස්වල තැවරීමෙන් ඇස්වල දැවිල්ල සහ අන්ධ භාවය ඇතිවීමට හේතු වේ. සමෙහි ස්පර්ශ වීමෙන් සමේ අසාත්මිකතාවයන් ඇතිවේ.බීජ වල ඇති ආකර්ෂණීය පැහැය නිසා කුඩා දරුවන් මේවා සපා කෑමට පෙලඹේ. බීජ දෙකක් හෝ තුනක් ශරීර ගතවූ විට එහි ඇති රසායනික ද්‍රව්‍ය අවශෝෂණය වීමෙන් දරුවන් මරණයට පත් විය හැකිය .එසේ වූ අවස්ථා තිබේ. එනිසා මෙවැනි දේ කුඩා දරුවන්ට අත නොගැටෙන ලෙසින් තැබීම මවු පියන්ගේ වගකීමයි.


03.කනේරු (විද්‍යාත්මක නාමය-Thevetia peruviana)


  ගෙවතුවල වැටවල් ආශ්‍රිතව අලංකාරයට වවනු ලබන බහුලව දක්නට ලැබෙන පඳුරකි. සිහින් දිගටි පත්‍ර සර්පිලාකාරව පිහිටයි. පුෂ්පය තද කහ පැහැතිව පුනීලාකාර වේ. ඵලය එයටම ආවේණික වූ පළල් ත්‍රිකෝණාකාර හෝ අණ්ඩාකාර හැඩයකින් හා ඉහළට එසවුණු දාර වළින් යුක්ත වේ. එහි වර්ණය කොළ හෝ කහ පැහැයේ සිට කළු පැහැය දක්වා දැකිය හැකි අතර මේරූ විට හැකිළී යයි.


විෂ .

  ශාකයේ සියලුම කොටස් විෂ සහිත වේ.තිවේටින් වැනි විවිධ ,හෘදයට ඉතා විෂ සහිත අඩංගු ග්ලුකොයිඩ් ,බීජ මදයේ ඇති කිරි සහිත සාරයේ අඩංගු හෙයින් බීජ මදය විශේෂයෙන් විෂ සහිත වේ. මෙම විෂ හෘදයේ ක්‍රියාකාරිත්වය අඩාල කිරීමට බලපෑම් ඇති කරයි.

04.එඬරු.(විද්‍යාත්මක නාමය -Castor oil plant).



  ගෙවතුවල සහ පාරවල් අසල බහුලව දැකිය හැකි මෘදු කඳක් සහිත පඳුරු ශාකයකි.විශාලය ,පළල්ය .පත්‍ර දාරය දත් වැනි වූ සැළකිය යුතු ප්‍රමාණයේ කඩතොලු වළින් යුක්ත වේ.ඵලය කොළ හෝ රතු පැහැති වේ. රෝම සහිත වේ.එක් ඵලයක ඉලිප්සියාකාර බීජ 3 බැගින් පිහිටා ඇත.මේවායේ සාමාන්‍යයෙන් අළු හෝ දුඹුරු පැහැ තිත් වැටී ඇත.

විෂ .

  රයිසින් ලෙස හඳුන්වන විෂ කාරක ඇල්බියුමිනය ශාකයේ සෑම කොටසකම ඇත .බීජ සපා කෑම හෝ ගිලීයාමෙන් විෂවීම සිදුවිය හැකිය. එඬරු තෙල් විෂ සහිත නොවන අතර තෙල් ලබා ගැනීමෙන් පසු ඉතිරි වන මඩේ කොටස විෂ සහිත වේ. බීජ 2ක් හෝ 3ක් ගිලීයාමෙන් මරණය සිදුවිය හැකිය.

05.අත්තන (විද්‍යාත්මක නාමය-Thorne apple).


  විශාලව වැඩෙන වල් පැලැටියකි. පත්‍රය ඕවාලාකාරය.පත්‍ර දාරය අපිළිවෙලට පිහිටි කඩතොලු වලින් යුක්තව ඇත. පුෂ්පය සුදට හුරු දම් පාටක් ගනී. එය පුනීලාකාරය. ඵලය ඕවාලාකාරය. ඵලාවරණය තියුණු රෝම පිහිටා ඇත. කුඩා වකුගඩු හැඩති තද දුඹුරු පැහැ බීජ රාශියක් ඵලය තුල ඇත.

විෂ .

  ට්‍රොජෙන් ඇල්කලොයිඩ් සමූහයක් අන්තර්ගතය. මේවා පත්‍ර මල් සහ ගෙඩි වල අඩංගු වේ. විෂ මධ්‍යම ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරයි. සිතාමතා සියදිවි නසා ගැනීම් හා හදිසි ගිලීම් නිසා මරණය සිදුවූ අවස්තා වාර්තා වී ඇත.මෙම හදිසි විෂ වීම් ආහාරයට සුදුසු ශාකයක් යැයි සිතීමෙන් හෝ ඖෂධීය ශාකයක් යැයි සිතා ශරීර ගතවූ අවස්ථා වල දීද විෂ වී ඇත.
Print Friendly and PDF

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව