26 July 2016

           

   මෑතකදී ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන මණ්‌ඩලය විසින් පුවත්පත්වල පළකර තිබූ වාර්තාවකින් කියෑවුණේ මෙරට වැසියන් දිනකට පොල් වතුර ලීටර් 50,000 ක්‌. සින්ක්‌ එකට හළන බවයි. අප කොයිතරම් පොල් ගසට අකාරුණික වීද යන්න තේරුම් ගැනීමට, එකී කාරණාව පමණක්‌ වුව ප්‍රමාණවත් වනු ඇත.එබැවින් එකී කාරණාව ද මතකයේ තබා ගෙනම, පොල් ,තැඹිලි, කුරුම්බා, වතුර පිළිබඳ පෙර අපරදිග විද්‍යාඥයින් විසින් කර ඇති පර්යේෂණ වල තතු විත්ති වලින් හෙළිදරව් කෙරෙනා මාහැඟි ගුණය මෙන්ම සෞඛ්‍ය ප්‍රතිලාභ ද විමසා බලමු.

    පොල් වතුර මේ ලොව ඇති සුපිරිසුදුම පානයයි. මාස 9 ක්‌ පුරා ජෛව පිරිසුදුවීමේ ක්‍රියාවලියට ලක්‌වී නිපදවන පොල් වතුර, ජීවානු හරිතය.එහි සංයුතිය අපගේ සෛල ප්ලස්‌මාවේ, රුධිරයේ අයනික සංයුතියට බෙහෙවින්ම සමාන වන බව විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබේ.මෙහි සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්‌ලොරයිඩ්, මැග්නීසියම් අයන මෙන්ම, සුළු වශයෙන් ඇති ස්‌වභාවික සීනි නිසාවෙන්, අයනිකතාවය අතින් විශිෂ්ට ගුණ දක්‌වයි.එමෙන්ම පොල් වතුර ආහාරමය තන්තු වලින්ද පොහොසත්ය. මැංගනීස්‌, අයඩීන්, සල්ෆර්, සින්ක්‌, සෙලෙනියම්, කැල්සියම්, පොස්‌පරස්‌, යකඩ හා විටමින් සී. බී. හා ඊ. ද ඇත. තවද මෙහි අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල, කාබනික අම්ල, එන්සයිම වර්ග, ප්‍රතිඔක්‌ෂිකාරක, පයිටොකෙමිල්ස්‌ වර්ග, ශාක හෝමොන වර්ග මෙන්ම හදවතට හිතකර මේදයද අන්තර්ගත වේ.





හෘදයාබධ හා අධික රුධිර පීඩනය වැළැක්‌වීම.
වකුගඩු රැකගන්නට සහ මුත්‍රාශයේ ගල් දිය කිරීමට.
   වකුගඩු තුළ රැඳෙන විවිධ විෂ පදාර්ථයන් නිසාවෙන් වකුගඩු වලට සිදුවන හානි වැළැක්‌වීම හා ස විස නිසාවෙන් සිදු වන වකුගඩු නරක්‌වීම පාලනය කිරීමද පොල් වතුර ප්‍රයෝජනවත් වනු ඇත.පොල් වතුර හොඳ මුත්‍ර කාරකයක්‌ද වෙයි. මුත්‍ර හොඳින් පහවීමටත් මුත්‍ර මාර්ග යේ ඇතිවන අසාදන සුව වීමටත් පොල් වතුර හොඳ ඖෂධයක්‌ ලෙස සැලකේ.

වස විස වලින් හා දරුණු විස බීජ වලින් ආරක්‍ෂා වීමට.

   පොල්, කුරුම්බා සහ තැඹිලි වතුරෙහි අඩංගු වෙන මොනොලෝරීන් සතුව ව්‍යාධිජනක බැක්‌ටීරියා, වෛරස්‌ හා ප්‍රොටාසෝවා මෙන්ම, තද ලිපිඩ ආවරණයක්‌ සහිත හර්පීස්‌ සයිටොමෙගලෝ වෛරස්‌ වර්ග වැනි දරුණු ප්‍රතිශ්‍යාකාරක වෛරස්‌ වර්ගත් විනාශ කිරීමේ ප්‍ර්‍රබල හැකියාවක්‌ සතු වන බව පැවසෙනවා. එමෙන්ම මොනොලෝරීන් සතු විශිෂ්ට ක්‍රියාකාරිත්වය නිසාවෙන් අපගේ ප්‍රතිශක්‌තිකරණය පද්ධතිය දියුණු කෙරෙන නිසාවෙන්, රෝග වලින් අපව ආරක්‍ෂා කෙරෙන බවත් සොයාගෙන ඇත.

යෞවනත්වයේ, දීර්ඝායුෂ ලැබීමේ උල්පත සයිටොකයිනීන් අඩංගු වීම.

   සයිටොකයිනින් යනු ශාක හෝර්මෝනයන් වෙයි. මෙම හෝර්මෝන වර්ග ශාකය වයසට යැම, වර්ධනය, විකසනය හා සංවර්ධනය පාලනය කිරීමට ඉවහල් වේ.මෙම සයිටොකයිනින් වලින් පොහොසත් ආහාර සුලභව ලබා ගැනීම, දීර්ඝායුෂ විඳීම සහ වයසට යැමේදී මතු වන සංකූලතා අවම වීමටත්, යෞවන පෙනුම වැඩි කාලයක්‌ රැක ගැනීමටත් ඉවහල් වේ.පොල්වතුර වනාහී මෙම ශාක හෝර්මෝනයන්ගෙන් පරිපූර්ණ ආහාරයකි.

පිළිකා පාලනය කිරීමේ ගුණය.
   පෙරකී සයිටොකයිනින් මගින් වයසට යැම පාලනය කිරීමට අමතරව, නිරෝගී සෛල විභාජනය යහපත්ව පවත්වා ගෙන යමින් පිළිකාමය සෛල විනාශ කිරීමටත් පිළිකා ඇතිවීමට හේතු වන නිදහස්‌ මුක්‌ත කණ්‌ඩක විනාශ කරන ප්‍රතිඔක්‌සිකාරක වලින්ද පොහොසත් බව සොයා ගෙන ඇත. පිළිකා ඇතිවීමට හේතු වන නිදහස්‌ මුක්‌ත කණ්‌ඩක විනාශ කරන ප්‍රතිඔක්‌සිකාරක වලින්ද පොහොසත් බව සොයා ගෙන ඇත.

බර අඩු කර ගැනීමට කදිම පානයකි.

පොල් වතුරෙහි තිබෙන වෙනත් ගුණයන්.....   

පොල් වතුරෙහි සින්ක්‌ හා සෙලෙනියම් වැනි ඛණිජ ලවන වර්ග තිබෙන බැවින් ලිංගික සරු භාවයටත් මද සරුභාවය දුරු කිරීමටත් පොල් වතුර ගුණදායක බව පැවසෙනවා.

පොල් වතුරෙහි තිබෙන විශිෂ්ට අයනික ගුණය නිසාවෙන් ඔබ ලබා ගන්නා ඖෂධ වර්ග ලෙහෙසියෙන්ම සිරුරට උරා ගැනීමටත් පොල් වතුර සහය දක්‌වන බව සොයා ගෙන ඇත.

    මහලු උදවියට හා ඝන ආහාර දිරවීමට අපහසු රෝගීන්ට ලබා දිය හැකි විශිෂ්ට පෝෂණීය පානයකි.

පොල් වතුර එළ කිරි වලට වඩා පෝෂණ තත්ත්වයෙන් විශිෂ්ට වන අතර, විටමින් සංයුතියෙන් දොඩම් යුෂයටත් වඩා විශිෂ්ඨ වෙයි.

මවු කිරි වල තිබෙන ලෝරික්‌ අම්ලය පොල් වතුරෙහි ද තිබෙන නිසා සකස්‌ කළ ළදරු කිරි පිටි වර්ග වලට වඩා පොල් වතුර විටමින් සංයුතියෙන් ගුණදායක බව පැවසෙනවා.

වමනය යැම නතර කිරීමේ ගුණයක්‌ සහ ආමාශයේ දැවිල්ල, ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය, ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ, බඩ පුරවා දැමීම්, අජීර්ණය මළ බද්ධය සුව කිරීමේ ගුණයක්‌ පොල් වතුරෙහි තිබෙන බව සොයා ගෙන ඇත.

ඇසට හිතකරය. ඇසේ සුද ඒම සහ ග්ලූකෝමා රෝග තත්ත්වයන් ඇතිවීම වළක්‌වයි.

ළමයින්ගේ පණු රෝග සහ උදරාබාධ සුව කිරීමටත් පොල් වතුර හොඳ ඔසුවක්‌ ලෙස භාවිත කළ හැකිය.

ශරීරය අධිකව වෙහෙසෙන අවස්‌ථාවලදී සහ විජලන තත්ත්වයන්හිදී පොල් වතුර හෝ කුරුම්බා වතුර ලබා දීමෙන් විශිෂ්ට ගුණ ලැබෙන බව පැවසෙනවා.

පැපොල, සරම්ප, සහ ශරීයේ පලු දැමීම සහ ඌෂ්ණ බිබිලි වලින් සුවයක්‌ ලැබීම සඳහා පොල් වතුර බාහිරව ගැල් වීමෙන් සහනයක්‌ ලැබෙන බව පර්යේෂකයන් සොයා ගෙන ඇත.

සම රැලි වැටීම පාලනය කරන අතර, තුවාල සුව වීමටද දායක වෙයි.

පොල් වතුරෙහි තිබෙන විශිෂ්ට ගුණයන් නිසාවෙන් ලොව පුරා වෛද්‍යවරු ගර්භණී මවුවරුන්ට පොල් වතුර, තැඹිලි වතුර පානය කරන්නට උපදෙස්‌ දේ.


     ඉතින් මේ එළැඹ ඇත්තේ, පොල් ගස යට ඉපිද, හෘද රෝග වකුගඩු අබාධ, පිළිකා රෝග වැනි බෝ නොවන රෝග වැළඳී අකාලයේ මියගොස්‌, පොල් ගස්‌ යටම වළදමන්නට කලියෙන්, පොල් වතුරේ ඔසු රහස්‌ මෙන්ම රස රහස්‌ද අපේ ඇත්තන්ට, කියවා පැහැදිලි කර දියයුතු කාලයක්‌ බව මෙහි අවසානයේ ලියා තබමි.෴........



0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව