ඔබ කාර්යබහුල නිතර ගමන් බිමන් යන පුද්ගලයෙක්නම් ඔබටත් මේ ප්‍රශ්නය පැණ නැගිලා ඇති.
ඒ තමයි නිවසෙන් පිට සිටින විට රෙදි සෝදාගැනීමේදී ඇතිවන ගැටළු. රෙදි සෝදන යන්ත්‍රයක් නොමැතිනම් හරියට පිරිසිදු කරගන්න බොහෝ වෙලාවක් ගත වීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙම ගැටලුව ප්‍රයෝගිකව අත්විදි ජර්මන් ජාතික කාන්තාවක් මෙයට විසඳුමක් ඉදිරිපත් කර තිබෙනා. ඒ සාක්කුවේ ගෙන යන්න පුළුවන් කුඩා සබන් කැටයක ප්‍රමාණයේ රෙදි සෝදන යන්ත්‍රයක් නිපදවීමෙන්.
නමින් Lena Solis වන ඇය ව්‍යාපාරික කාන්තාවක්. ඇයට බොහෝවිට නිවසෙන් පිට ව්‍යාපාරික කටයුතු සඳහා යාමේදී ඇතිවු මේ ගැටලුවට පිලියමක් ලෙස Dolfi නමින් මෙම කුඩා රෙදි සෝදන යන්ත්‍රය හඳුන්වා දී තිබෙනවා. මෙම කුඩා රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියා කරන්නේ ultrasonic තාක්ෂණයෙන්. ultrasonic තාක්ෂනය මෙවැනි කාරණාවක් සඳහා යොදාගත ප්‍රථම අවස්ථාව මෙය වන අතර එය ඉදිරියේදී සාමාන්‍ය රෙදි සෝදන යන්ත්‍ර වලින් ඇඳුම් වලට සිදුවන හානිය අවමකිරීම සඳහා යොදාගත හැකිබව බොහෝ පිරිස් පවසනවා.
මෙම සබන් කැටයක් වැනි උපකරණය මහින් කොහොමද රෙදි සොදන්නේ කියල ඔබ සිතනවා ඇති. එය සිදුකරන්නේ මෙහෙමයි. සාමාන්‍ය පරිදි රෙදි සහිත බේසමට වතුර පුරවා එයට රෙදි සෝදන කුඩු දීමෙන් පසුව මෙම Dolfi උපකරණයට plug කොට බේසමට දමන්න. එවිට එමගින් ජනනය වන ultrasonic තරංග මගින් රෙදි වල ඇති සියලුම කුණු හා දුහුවිලි ඉවත් කරනු ඇත. මෙම කාර්යට සාමාන්යෙන් මිනිත්තු 30ක් ප්‍රමාණවත්. ඉන්පසුව සාමාන්‍ය ලෙස සෝදා වේලා ගන්න පුළුවන්. රෙදි අතුල්ලමින් කුණු ඉවත් කිරීමට ගතවන කාලය මින් ඉතුරු කරනගන්න පුළුවන්. මෙම උපකරණ දැනට kikstarter program එකක් වශයෙන් පවතින අතර ඇමෙරිකානු ඩොලර් 100,000 ඉලක්කයෙන් 48% පමණ ඔවුන් දැන් උපයාගෙන තිබෙනවා. මෙම ඉලක්කය සම්පුර්ණ වූ පසු ඔවුන් මෙය වෙළඳ පොලට ඉදිරිපත් කිරීමට සුදානම්.
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........