04 March 2016







  හිස්හොරි ගැන කතාකරන විට මෙය කාන්තාවන්ට පමණක් නොව පිරිමි පාර්ශවයට ද ඇතිවී තිබෙන පොදු ගැටළුවකි. හිස පිරීමේදී සුදු පැහැයට කැඩීයාම හිස්හොරි ලෙස හැඳින්විය හැකියි. නමුත් මෙයින් සිදුවන්නේ හිස්කබලේ මැරුණු සෛල ඉවත්වී යාමයි.

හිස්‌ හොරි ඇතිවීමට හේතු?
  හිස්‌ හොරි ඇතිවීමට හේතු බොහොමයක්‌ බලපානවා.හිස්‌ කබලේ ස්‌වාභාවික තෙල් ගතිය ඉවත් වීමෙන් හිස්‌හොරි හැදෙනවා.එහෙම වෙන්නේ අනවශ්‍ය ලෙසින් ශැම්පු සහ සබන් භාවිතය නිසා. ඒ වගේම කොලෝන් වර්ග අනවශ්‍ය ලෙසින් හිස ගැල්වීමේදීත් හිස්‌ හොරි ඇතිවෙනවා. ඒකට හේතුව දැන් ඔබ දන්නා පරිදි හිස්‌ කබලේ ස්‌වභාවික තෙල් ගතිය ඉවත්වීමයි. හිසකෙස්‌වල පමණක්‌ ගැල්වීමට තිබෙන කන්ඩිෂනර් හිස්‌ කබලේ තැප්පත් වීම නිසාත් හිස්‌ හොරි ඇතිවෙන බව ඔබ දැනගත යුතු කාරණාවක්‌.

  පරම්පරාව අනුව හෝමෝන වෙනස්‌වීම තුළ හිස්‌ හොරි ඇතිවන අවස්‌ථා තිබෙනවා. හිස්‌ හොරි කියන දිලීරය ආසාදනය වීම තුළ බෝවීම මගින් හිස්‌හොරි ඇතිවීම බොහෝවිට සිදුවෙනවා. කුමන තත්ත්වය යටතේ වුව හිස්‌හොරි ඇතිවී නම් ඒවා මුහුණට වැටීමේදී මුහුණ මත කුඩා බිබිලි ඇතිවීම වළක්‌වන්නට බැහැ.


හිස්‌හොරි සඳහා ප්‍රතිකාර:




  හිස්‌ හොරි සුව කර ගැනීම සඳහා ඖෂධ වර්ග රැසක්‌ ඇත. ඉන් එක් ඖෂධීය ප්‍රතිකාරයක් පහත සඳහන් වේ.

  පේර කොළ, අබ කොළ, අසමෝදගම් කොළ, ආඩතෝඩ කොළ (පාවට්‌ටා) නික කොළ, කොහොඹ කොළ ස්‌වල්පයක්‌, අමුකහ, ගොඩපර, දෙහිගැට සහ උළුහාල් නිසි පමණට ගෙන හොඳින් පිරිසිදු ජලය බඳුනක තම්බා ගන්න. එම තම්බාගත් ඖෂධීය ජලයෙන් දිය නෑමට පැය භාගයකට පෙර හිස හොඳින් සෝදා හරින්න. කොහොඹ කොළ වැඩිපුර දැමීම නොකළ යුතුය. ඉන් හිස කැසීම අධික විය හැකිය.


  මෙය සතියකට දින 3 ක්‌ පමණ නිසි වෛද්‍ය උපදෙස්‌ මත සිදු කිරීමෙන් හිස්‌ හොරි සුව කළ හැකිය. මීට අමතරව පානය කිරීම සඳහාද ඖෂධ වර්ග ඇත. ඒවා වෛද්‍ය උපදෙස්‌ මත ලබාගත යුතුය.හිස්‌හොරි අවම කර ගැනීම සඳහා දිනපතා ස්‌නානය කරන්න. පනා, බ්‍රෂ්, තුවා, කොට්‌ට උර නිතරම සෝදා පිරිසිදුව තබා පාවිච්චි කරන්න.

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව