26 February 2016

   

    කුරුලෑ ඇති වීම මානසික වදයක් කර ගන්න තරුණයින් හා තරුණියන් සමාජය තුල සිටි.ඒ නිසා කුරුලෑ පිලිබදව කතා කරන්නට අපි සිතමු.

   කුරුළෑ නැති කිරීමට කලාදුරු අල පිරිසිදු ඇල්වතුරෙන් අඹරලා ගාන්න. මේක අත් බේතක්. කුරුලෑ මූණපූරාම තියෙනව නම් ඉතින් මූණපූරාම ගාන්න. හැබැයි මේ බේත බොහොම පිරිසිදුව සකස් කරගන්න ඕනෑ. අපිරිසිදුව කළොත් නම් කුරුළෑ තිබ්බටත් වැඩිය මතුවෙනවා. ඒක අමතක කරන්නත් එපා.. කුරුළෑ මූණෙ හැමතැනම නැතුව තැන් තැන්වල විතරක් තියෙනව නම් ඒ තැන්වල විතරක් ගෑවම ඇති. මූණපූරාම ගාන්න ඕනි නෑ...

   ආපසූ සෝදනවිට පැය බාගයක් විතර තියලා ඇල්වතුරෙන්ම සෝදන්න. සතියකට දෙවරක් විතර මාසයක් මේ ප්‍රතිකාරය කරන්න. තෙල් සහිත, උෂ්ණ අධික කෑම ගැනීමෙන් වළකින්න. තක්කාලි අච්චාරු, අන්නාසි, දෙල්, බල මාළු, හරක් මස් වගේ ආහාර උෂ්ණයි. මලබද්ධයටත් කුරුළෑ එනවා. පලතුරු එළවළු වැඩියෙන් කන්න. වතුර වැඩියෙන් බොන්න.

  තව බේතක් කියන්නම්... අමූකහ, කොහොඹ දළු අඹරලා ක්‍රීම් එකක් වගේ ගාන්නත් පූළුවන්. සතියකට දෙවරක් මාසයක් විතර මේ ප්‍රතිකාරය කළාම ඇති. සමහරු කියනව මේ බේත කළාම දැවිල්ලක් එනවා කියල. එහෙම නම් කොහොඹ කොළයි, අමූකහයි කොටලා වණ්ඩූවෙන් තම්බලා තවන්න ඕනි. මද උණූසූමින් තවන්නත් මතක තියාගන්න. මේ අත්බේත්වලින් සූවයක් නැත්නම් ඉතින් වෛද්‍යවරයෙක් ළඟට යන්න වෙනවා. සමහරුන්ට බඩ විරේක කරලා බේත් දෙන්නම ඕනි. ඒ අයට බාහිර ආලේපන කළාට හරියන්නෙ නෑ...

   තවද රුවැති ලදුන් සදහා ප්‍රසිද්ධ රටවල් වූ ග්‍රීසිය,ඊජිප්තුව ආදී රටවල කාන්තාවන් අතීතයේ සිට පැවත ආ බෙහෙත් වර්ග කුරුලෑ සදහා ප්‍රතිකාරයක් ලෙස යොදා ගනු ලබනවා.එලෙස ගන්නා බෙහෙත් කිහිපයක් ඔබේ දැන ගැනීම සදහා පහතින් දක්වා ඇත.


කුරුලෑ වලට ඉන්දියානු අත් බෙහෙත්

  කඩල පිටි මේස හැදී 2 ට මී කිරි හා කහ කුඩු එකතු කරගෙන මිශ්‍රණයක් සදා එය මුහුණෙහි ආලේප කිරීමෙන් ඉන්දියානු කාන්තාවන් කුරුලෑ මර්දනය කර ගන්නිමට පෙළඹී තිබෙනවා.කහවල ඇති ඕෂධීය ගුණයෙන් කුරුලෑ නැතිවී යන බව ඔවුන්ගේ මතයයි.

ග්‍රීක අත් බෙහෙත්


   ග්‍රීක කාන්තාවන් අතර ප්‍රචලිත අත් බෙහෙතක් වන්නේ ඇපල් ගෙඩියකින් භාගයක් පොඩි කර එයට මී පැණි තේ හැදී 4ක් එකතු කර එය කුරුලෑ වල අලේප කිරීමයි.මෙසේ අලේප කර එය විනාඩි 15 ට පසු පිරිසිදු ජලයෙන් සෝදා හැරිය යුතුයි.

ඊජිප්තු අත් බෙහෙත්


   ඊජිප්තුවේ පාරම්පරික අත් බෙහෙත් වන මෙය කුරුලෑ සදහා ඉක්මණින් සුව වන බව කාන්තාවන් පවසයි.මෙහිදී දෙහි ගෙඩි 1 ක් යුෂ හා ග්ලිසරින් තේ හැදී 1 ක් උණු වතුරට දමා එය තරමක් නිවුණු පසු එළකිරි කෝප්ප 1/4 ක් එකතු කිරීම සිදු කරනවා.මෙය මුහුණේ ගලවා වියලුනු පසු මද උණුසුම් වතුරෙන් සෝදා ඉවත් කිරීම කල යුතුයි.

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව