25 February 2016

          ආහාර පාන තිබෙන්නේ කෑමට බීමට පමණද ?.නිවෙස පිරිසිදු කරන්නන් සමහර කෑම බීම යොදාගන්න පුලුවන්.
බලන්න මේ පිරිසිදු කිරීමේ ක්‍රම මොනතරම් සාර්ථකද කියලා.
1 තක්කාලි සෝස් .
                        තඹ සහ පිත්තල ,ඉහුම් පිහුම් උපකරණ පිරිසිදු කිරීමට කදිමයි.රෙදි කැබැල්ලක තක්කාලි සෝස් දමා අතුල්ලන්න.
2.පාන්.
          දූවිලි වැදුණු තෙල් සායම් සිතුවම් පිස දැමීමට කදිමයි.
3.තේ හා ඔලිව් තෙල්.
         දැව භාණ්ඩ  පිරිසිදු කිරිමට තේ බෑග් කදිමයි.මෘදු රෙදි කෑල්ලක තේ වතුර පොඟවා පිස දමන්න.පසුව ඔලිව් තෙල් වලින් ඔප දමන්න.
4.බේකිං සෝඩා .
                         මළ නොබැඳෙන වානේ බඳුන් පිරිසිදු කිරිමට කදිමයි.
5.තිරිඟු පිටි.
                   කාපට් වල තෙල් කුණු ඉවත් කිරීමට යොදාගත හැකියි.
6.ලුණු .
           භාජන වල කෝපි කහට යැවීමට කදිමයි.විනාකිරි සහ වතුර ස්වල්පයක් මිශ්‍ර කර අතුල්ලා ඔබත් වෙනස අත්දකින්න.තඹ පිත්තල බඳුන්, සින්ක් පිරිසිදු කිරීමටත් එය කදිමයි. පසුව පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.
7.නරක් වෙච්ච කිරි.
                              තීන්ත පැල්ලම් ඉවත් කිරිමට යොදාගත හැක .
8.ලෙමන් සහ විනාකිරි .
                                  බඳුන් මතුපිට කහට පැල්ලම් යැවීමට යොදාගනී.
9.කෝපි කුඩු .
                   කුස්සියේ සින්ක් එකෙක් දැනෙන දුර්ගන්ධය නැති කිරීමට කෝපි කුඩු ස්වල්පයක් දමා උනු වතුර වත් කරන්න.
10.කරාබු නැටි .
                         පුස් බැඳුණු බිත්ති කරබු නැටි තැලූ ජලයෙන් අතුල්ලන්න. පුස් නොබැඳේ.

                         

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව