අපගේ ශරීරය ගොඩනැගී ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන පදාර්ථයන්ගෙන් බව අප හැමෝම දන්නා කරැණක් වේ. ඒ අනුව හස්ත රේඛා ශාස්ත්‍රයේද මෙම පදාර්ථයන්ගෙන් සැදුණු මිනිසාගේ ගති ලක්ෂණ අදුනා ගැනීමට , වැඩි නැඹුරැබවක් දක්වන්නේ කුමන ගතිගුණවලටද යන්න පිලිබදව විග්රහ කෙරෙන කරැණු කිහිපයක් ගැන අප අද කථා කරමු.
ආපෝ ධාතුවට අයත් අල්ලක් ඇති අයගේ ගතිගුණ ,
තේජෝ ධාතුවට අයත් අල්ලක් ඇතිඅයගේ ගතිගුණ ,
මෙම අල්ල සෘජුකොණාස්ර හැඩයකින් යුක්ත වේ.මෙම අල්ලේ දිග පළලට වඩා වැඩි වේ. මොවුන්ගේ ඇගිලි කොටය .මොවුන් ඉතාමත් කාර්යබහුල ශක්තිමත් පුද්ගලයන් වේ .නිතරම කුමක් හෝ කාර්යයක යෙදේ. නිකරුණේ කාලය ගෙවනු දැකිය නොහැක.මොවුන් ඉතාමත් බුද්ධිමත් මෙන්ම සමාජශීලි කටයුතු වලටද සක්‍රියව දායක වේ.මොවුන්ට ඕනෑම කටයුත්තක් පහසුවෙන් සංවිධානය කරගැනීමට හැකියාවක් ඇත.එසේ වුවද සමහරක් විටෙක ආවේගශීලි කටයුතු කරනු දැකිය හැකිය.ඔහු සතු සියලුම දැනුම හා සම්පත් යොදා කටයුතු කරද , සමහරක් විටෙක කාර්ය අතරතුරදී එමගින් තමාට කරදර වීමටද සිදුවේ .
වායෝ ධාතුවට අයත් අල්ලක් ඇති අයගේ ගතිගුණ,
වායෝ ධාතුවට අයත් අල්ලේ හැඩය හතරැස් හැඩයක් ගන්නා අතර , මෙය පඨවි අත්ලෙන් වෙනස් වන්නේ ඇගිලි දිග නිසාය.ඔබටත් වායෝ අත්ලක් තිබේනම් ඔබ බුද්ධිමත් කෙනෙකු වේ.එමෙන්ම ඔබට ඔබේ අදහස් හොදින් ප්‍රකාශ කිරීමේ හා සන්නිවේදනය කිරීමේ හැකියාවක් ඇත. ඕනෑම දෙයක් පිලිබඳව දීර්ඝව සොයාබැලීමේ හැකියාවක් ඇත. ඉගෙනීමේ කටයුතු වලට ඉතා දක්ෂය. නිතරම තම බුද්ධියට යමක් එක්කර ගැනීමට සිතයි. එනමුත් මොවුන්ගේ මනස නිතර නිතර වෙනත් පැති වලට ගමන් කරයි. මොවුන්ගේ හැගීම් අවබෝධ කරගැනිමට අපහසුය.ඉතා ඉක්මනින් වැටහෙන නුවණක් ඇති නිසා අන් අයට වැටහීමට ප්‍රමාද වන විට කේන්ති යන ස්වරූපයක් දැකිය හැකිය.
පඨවි ධාතුවට අයත් අල්ලක් ඇති අයගේ ගතිගුණ ,
පඨවි ධාතුවට අයත් අල්ලේ හැඩයද හතරැස් හැඩයක් ගන්නා අතර මෙම ධාතුවට අයත් අල්ල හදුනා ගන්නේ එහි විශේෂ හැඩය අනුවය. එනම් අල්ලේ දිග හා පළළ එක සමානව පිහිටා තිබීමයි.එමෙන්ම ඇගිලි අල්ලේ දිගට වඩා කොට වේ.සාමාන්‍යයෙන් මොවුන්ගේ අත්ලේ රේඛා කීපයක් පමණක් දැකිය හැකිය.මොවුන් සමාජයේ අන් පුත්ගලයන්ට වඩා ප්‍රායෝගික පුත්ගලයන් වෙයි.එමෙන්ම ලෞකික සැප සම්පත් කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වයි.ඒවා හොදින් ඉටුකර ගැනීමට සැදී පැහැදී කටයුතු කරයි. මොවුන් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමට හැකි අතර මොවුන් ශරීර ශක්තියෙන් යුක්ත අයද වේ.මොවුන්ට සාමාන්‍යයෙන් වීරයෙක් හෝ කැපී පෙනීමේ ආශාවක් නැත. සමහරක් විට මොවුන් තද හිතුවක්කාරයෙකුද විය හැකිය. මොවුන් සෑම විටම ආරක්ෂාකාරී ප්‍රතිපත්ති අනුගමනය කරයි. අණ පිළිපැදීමට කැමැත්තක් දක්වයි.එකම දෙයක් දීර්ඝකාලීනව කරගෙන යාමට හැකියාවක් ඇත.
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........