කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ
පෙර කරන ලද පින් ඇත්තෝ මෙලොව ජනිත වන විට පින් නැමති සෙවනැල්ල මෙහි ගෙන එති යි යන බුදු වදන සපත කරමින් වරකාපොල කුකුල්පනේ ගම් පියසේ සහෝදරියන් තිදෙ‍නෙකුට සහ සහෝදරයන් පස් දෙනෙකුට කනිටුව ජී.ආර්.මුදියන්සේ සහ ජී.කේ.බේබිනෝනා දෙගුරුන්ට දාව 1973.06.08 වැනි දින මෙලොව එළිය දුටු සුමිත් ජයලාල් කුමරුවා මව්පිය සෙවනේ වැඩෙද්දී මූලික අධ්‍යාපනය ලැබුවේ තල්ලියද්ද කනිෂ්ඨ විද්‍යාලයෙන් ය. පාසැල් අධ්‍යාපනය අට වන ශ්‍රේණියෙන් හමාර කළ සුමිත් වයස අවුරුදු දාහතරෙ දී ප්‍රවෘර්ජා භූමියට පත් විය. සතරකෝරළ මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මිනුවන්ගමුවේ ඤාණානන්ද නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යෙයක් ලෙස 1987.11.05 වැනි දින කෑගල්ල හෙට්ටිමුල්ල විද්‍යාවාස මහ පිරිවෙණේ දී තවත් කුල දරුවන් තිදෙනෙකු සමඟ මේ උතුම් පැවිදි පින්කම සිදු විය.  
















0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව