ළපටි පතෝල, ඒ වගේම මී කිරි එකට දාලා සලාදයක් හදාගන්න විදිහ තමයි දැන් කියලා දෙන්න යන්නෙ. මී කිරි නැත්නම්, ප්ලේන් යෝගට් යොදාගන්න පුලුවන් ඔයාලට මේකට.
අවශ්‍ය දේවල්.
➽ළපටි පතෝල 300g
➽මුදවපු මී කිරි අඬු කෝප්ප ½
➽සිහින්ව ලියා ගත් රතු ලූණු 100g
➽සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 6-7ක්
➽කබලේ බැද ගත් සූදුරු තේ හැදි ¼
➽සිහින් පෙති කපා ගත් සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩි 1
➽ගම්මිරිස් කුඩු (රස අනුව)
➽ලුණු (රස අනුව)
➽දෙහි යුෂ (රස අනුව)
➽වියළි මිදි / මුද්දරස්පලම් 30g (කැමති නම් පමණක්)
සාදා ගන්නා ආකාරය.
➽මුලින්ම ළපටි පතෝල ටික හොඳින් සෝදා පිරිසිදු කර ගෙන හීනියට කපා ගන්න.
සාදා ගන්නා ආකාරය.
➽මුලින්ම ළපටි පතෝල ටික හොඳින් සෝදා පිරිසිදු කර ගෙන හීනියට කපා ගන්න.
➽දැන් එයට රතු ලූණු, අමු මිරිස් හා තක්කාලි ටික දමා ගෙන පොඩි නොවන සේ කලවම් කරන්න.
➽පසුව මී කිරි වලට සුදුරු ටික, රස අනුව ලුණු, රස අනුව ගම්මිරිස් කුඩු සහ රස අනුව දෙහි යුෂ එකතු කර ගන්න.
➽ඊට පස්සේ මී කිරි මිශ්‍රණය පතෝල මිශ්‍රණයට හොඳින් කලවම් කර ගන්න.
➽ඉන් පසුව වියළි මිදි මුද්දරස්පලම් ටික උඩින් ඉස ගෙන පිළිගන් වන්න.
වැදගත්:
➽කැමති නම් වියළි මිදි / මුද්දරස්පලම් එකතු කර ගන්නේ නැතුව වුණත් සකස් කර ගන්න පුළුවන්.
වැදගත්:
➽කැමති නම් වියළි මිදි / මුද්දරස්පලම් එකතු කර ගන්නේ නැතුව වුණත් සකස් කර ගන්න පුළුවන්.
➽මී කිරි නැත්නම් ඒ වෙනුවට ප්ලේන් යෝගට් (Plain yogurt) පාවිච්චි කර ගත් හැකියි.
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........