Print PDF
කුහක ගති සහිත පුද්ගලයා කුහකයෙකු ලෙස නිවැරදිව හඳුනාගැනීමට නම් සූක්‍ෂමවත්, සියුම්වත් ඔහුගේ කල්ක්‍රියාව ඉතා මැනවින් අධ්‍යයනය කළයුතු බවයි. එසේ නිරීක්‍ෂණය නොකළ බොහෝ අයහට කූහකයා ගැන දැනෙන්නේ ඔහු තමාට උදව් උපකාර කරන්නේය කියාය. තමාට දැඩිසේ ආදරය කරන්නේය කියාය. තමාට සිටින එකම ගැලවුම්කාරයා කියාය. තමාගේ මවටත්, පියාටත් වඩා ඇතැම් විට තම බිරිඳටත්, තම සැමියාටත් වඩා හිතාදර පුද්ගලයා ඔහු කියාය. එසේ සිතා කටයුතු කරනු ලබන්නේ කුහකයා තුළ තිබෙන කුහක ගතිවල පවතින සියුම්භාවය නිසාම ය. එය හඳුනාගැනීම අපහසු නිසාය. කුහක සූත්‍රයේ දී කුහකයා එම ගති ලක්‍ෂණ පෙන්නුම් කරන අවස්ථා කිහිපයක් දක්වයි. එනම්, කුහනා ලපනා නේමිත්තිකකා නිජ්පේසිකතා ලාභෙන ලාභං නිජිගිංසනතා යනුවෙන් ය.
කුහක සූත්‍රයෙහි දක්වා ඇති කරුණු තහවුරු කිරීම සඳහා ජාතක අට්ඨකතාවේත් සිංහල ජාතක පොතෙහිත් කරුණු දක්වා තිබේ. කුහක ජාතකයේ පැහැදිලි කරනු ලබන්නේ කුහකකම හා සම්බන්ධ එක්තරා සංසිද්ධියකි. එම ජාතක කතාව දේශනා කිරීමට හේතු කාරණා වූයේ හොර තපස් රකින්නා වූ එක්තරා භික්‍ෂූන් වහන්සේ කෙනෙකුන්ගේ කුහක වත අරඹයා ය. ඒ කතාව මෙසේය.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන් රජකම් කරන කාලයේ එක්තරා කුඩා ගමක් ඇසුරු කරගෙන හොර තපස් රකින ජටාවක් දරන එක්තරා තාපසයෙක් වසන්නේය. එක්තරා ධනවත් තරුණයෙක් එම තාපසයා කෙරෙහි පැහැදීමක් ඇති කරගෙන එම තාපසතුමාට පන්සලක් කරවා පූජා කරවූයේය. හේ දන්පහන් ආදියෙන් අඩුවක් නොකරයි. නිතර නිතර ඇප උපස්ථාන කරනු ලබයි. තරුණ ධනවතාගේ ඇප උපස්ථාන ලබන තාපසයාණන් ද දවසින් දවස තමාගේ ශීල ගුණධර්මවලින් පිරෙන බව තරුණ ධනවතාට පෙනෙයි.
තරුණ ධනවතා අසීමිත ලෙස පහදියි. තාපසයා ද තමන්ට ලැබෙන දානමාන ආදියෙන් සැතපෙමින් තම උතුම් ගුණධර්ම සුරකින බව පෙන්වයි. ඔහු කෙරෙහි පැහැදී සිටි තරුණ ධනවතා මෙම තාපසයා ඉතා සිල්වත් කෙනෙකු යැයි සිතා සොර සතුරන්ට භයින් තමා තුළ තිබූ රත්‍රන් මැණික් සියයක් ඒ තාපසයාණන් වසන පන්සලට ගෙනගොස් එහි නිදන්කොට “ස්වාමීනී මෙතන මෙපමණ වස්තුව තිබේ. එය මැනවින් බලාගනු මැනවැ”යි තාපසයාණන්ට කීය.
“පින්වත, බඩු තැන්පත්කොට තබාගැනීම නම් තාපසවරුන් වන අපට සුදුසු දෙයක් නොවේ. අනුන්ට අයත් වස්තුව පිළිබඳව අපට ලෝභය වැනි හැඟීමක් උපදින්නේ නැත” යනුවෙන් තාපසයාණෝ කීහ. තාපසයාණන්ගේ වචන අසා ධනවත් තරුණයා තාපසයා කෙරෙහි ඇති කරගෙන තිබූ පැහැදීම තවත් වැඩිවී ගියේය. ඒ අනුව සිය වස්තුව සොර සතුරන්ගෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා තමාගේ මුදලින්ම සාදාගත් වෙහෙරෙහි වැඩවසන තමාගෙන් සිව්පසය ලබන තාපසයාට භාරකර යන්නට ගියේය. ඔහු ගියපසු තාපසයා මෙසේ කල්පනා කරයි. “මෙතන තිබෙන රත්‍රන්, මැණික්වල වටිනාකම ඉතා ඉහළයි, මහත් ධනයකි. මෙය අරගතහොත් ජීවිත කාලයටම ඇති. කිසිවෙකුටත් යටත් නොවී යහතින් ජීවත්විය හැකියි” කියා තණ්හා සිතිවිල්ලක් ඇතිකර ගත්හ. ඒ අනුව කිහිප දවසක් ගියපසු කිසිවෙකුටත් නොදැනෙන සේ තිබූ තැනින් එම වස්තුව හොර රහසින් අරගෙන ගොස් වෙන තැනක සඟවා තැබුවේය. වස්තුව වෙනත් තැනක සඟවා තබා පසුදා ඒ ධනවත් තරුණයාගේ නිවසට දානය පිණිස ගිය අවස්ථාවේ දානය වළඳා මෙසේ කීය. “පින්වත, මම බොහෝ දවසක් ඔබගේ ඇප උපස්ථාන ලබා මෙහි වාසය කරමි. දැන් බොහෝ කාලයක් ගතවී ඇත. මෙසේ බොහෝ කාලයක් වාසය කරමින් ගිහි අය සමග මිත්‍රවීම තපස් දිවියේ සාර්ථකත්වයට බාධාවකි. එය තාපසයන්ට කිළුටක් හා සමානය. අපට වැදගත් වන්නේ මිල මුදල් හෝ ඇප උපස්ථාන නොව තපස් ධර්ම රැකීමයි. එම නිසා ඔබ තනාදුන් පන්සල හැර මම වෙනත් තැනකට යන්නට අධිෂ්ඨාන කළෙමි”.
එම ධනවත් තරුණයා තාපසයාගේ උතුම් ගුණධර්ම ගැන වඩාත් ප්‍රසාදයට පත්ව තමාගෙන් ඉටුවිය යුතු උපකාරයක් තිබේ නම් දන්වන්න යැයි කීය. ඔහු එම වෙහෙරේම නතර කර ගැනීමට උත්සාහ ගත්හ. ඒත් නොහැකි වූ පසු ගමේ කෙළවර දක්වා පසුපස ගමන්කොට තාපස දිවියට සුබපතා මග නතර වී ආපසු සිය නිවසට පැණියේ ය.
තාපසයාණෝ දිගටම යන්නට ගියහ. එසේ උපකාර කළ ඒ ධනවත් තරුණයාට තමාගේ නිවැරැදිභාවය තවදුරටත් පෙන්වීම යහපති යැයි සිතා ආපසු එම තරුණයාගේ නිවසට ගියේය.
“කිමෙක්ද ස්වාමීනි ආපසු වැඩියේ” යයි ඇසූවිට මගේ ජටාවේ රැඳී ඔබට අයිති තණකොළ පතක් තිබුණේය. අන්සතු දෙය ගැනීම අප වැනි උතුම් ගුණපිරි තාපසයන්ට සුදුසු නොවේ යයි කීය.
“ස්වාමීනි, මෙබඳු දෙයකින් ඔබට කුමන දෝෂයක් වේද? එය හැරදමා වැඩිය මැනවියි” කීය.
“අනේ මගේ තාපසයාණෝ තමා අතින් සිදුවන පාපයන්ට ඉතාමත් ශෝකසන්තාපයට පත්වන කෙනෙකි. අනුනට අයත් වස්තුවෙන් තණකොළයක් තරම්වත් අරගැනීමට සිතන කෙනෙක් නොවේ” යයි තාපසයාණන් පිළිබඳ ඉතා පැහැද වැඩිය මැනවි ස්වාමීනි කීවේය.
එදා රාත්‍රියේ යාබද ගමට වෙළඳාමේ යන අමුත්තෙක් ධනපති තරුණයාගේ නිවසට පැමිණියේය. රාත්‍රියේ ඔහු එම නිවසේ නවාතැන් ගත්තේය. “රාත්‍රියේ නින්දට පළමුව දෙදෙනා අතර විවිධ දේ කතාබහ විය” තම තාපසයාගේ සීලවන්ත බව සහ සිදුවූ සියලු සිද්ධිදාමය ඒ අමුත්තාට කීවේය. ඒ අසා සිටි බුද්ධිමත් ආගන්තුකයා තාපසයාගේ කපටි බව දැන “සැබෑද ඒ තාපසයා ළඟ තැබූ යම්කිසි වස්තුවක් තිබේ දැයි” හේ විමසීය.
සැබෑය වස්තුව තැබීමි යි හේ කීය.
කොපමණ ධනයක්ද?
මැණික් සියයකි යැයි කීය. එසේ නම් පන්සලට ගොස් ඒ තැබූ වස්තුව එසේම තිබේ දැයි බලන ලෙස කීය. එසේ බැලූවිට ඒ වස්තුව නොමැති බව දැනගත්තේ ය. මේ හොර තාපසයා සියල්ල ගෙනගොස් තිබේ. ඔහු වහාම අල්ලාගෙන ප්‍රශ්න කරන්න යයි කී විට ධනපති තරුණයා එයට පසු බැස්සත්, පෙරළා කියන විට පසුපස ගොස් ඒ තාපසයා අල්ලාගෙන ගුටිබැට දී විමසන විට සත්‍ය සිද්ධිය කීවේය. “මේ තරම් වස්තුව රැගෙන හොරකම් කොට ජටාවේ බැඳුණු තණ පත්‍රය අනුන්ගේ දෙයක් යයි ආපසු ගෙනත් දුන්නා නොවේදැයි කියා මෙබඳු වැරදි නොකරන්න යැයි අවවාද කළේය. සඟවා තිබූ තැනින් සියලු වස්තුව සොයාගනු ලැබූ ආගන්තුක වෙළෙන්දා එදා රෑ නිවසේ නවාතැන් දුන් එම තරුණයාට මිනිසාගේ මනසේ ඇති කුහකවත හා එහි ස්වභාවය කියා දුන්නේය.
බොහෝ මිනිසුන් තුළ මෙබඳු ස්වභාව තිබේ. ඇසුරු කිරීමෙන්ම ඒවා අඳුනාගත යුත්තේ ය.

0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........