අවශ්‍ය දෙවල්.

බේරි නොකර උයා ගත් බත් කොප්ප 3 (ඔයාලාට අවශ්‍ය පමණ     ගන්න)

කොටු කපා ගත්ත සමාන්‍ය සයිස් කැරට් ගෙඩි 1
පොඩියට කපා ගත්ත බෝන්චි කරල් 7 - 8
කොටු කපා ගත්ත තක්කාලි ගෙඩි 2-3
පොඩියට කපා ගත්ත ලුනු ගෙඩි 1
පොඩියට කපා ගත්ත ලුනු කොල ටිකක්
ඉගුරු සුදුලුනු පේස්ට් තේහැදි 1
රස අනුව ලුණු
ගම්මිරිස් කුඩු ටිකක්
කහ කුඩු ටිකක්
අවශ්‍ය නම් බැද ගත් මස් ටිකක්.

සාදා ගන්නා අයුරු.

  මුලින් බත් බේරි නොකර උයා ගන්න.පසුව භාජනයක් ලිප තබා එකට තෙල් ටිකක් දමා රත් වුනාට පසු ඉගුරු සුදුලුනු පේස්ට් එක දමා රන්වන් පාට වනතුරු බැද ගන්න. පසුව කපා ගත් ලුනු ටිකත් එක් කර හොදින් රන්වන් පාට වනතුරු බැද  කපා ගත්ත කැරට් බෝන්චි ටික එක් කර ගන්න.රස අනුව ලුණු , කහ ටිකක් හා ගම්මිරිස් කුඩු එක් කර හොදින් මිශ්‍ර කර ගන්න.පසුව තක්කාලි ටිකද එක් කර ටික වේලාවක් තියන්න. කැමති නම් බැදපු මස් එක් කර ගන්න. අන්තිමට බත් ටික එක් කර හොදින් කලවම් කරන අතර කපා ගත්ත ලුනු කොල ටිකද එක් කර ගන්න.

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව