මාළු ග්රෑම්750 ක් (හෝ බල/කෙලවල්ලා මාළු)
ගොරකා පේස්ට් මේස හැඳි 1ක්
ලොකු සුදුලුනු බික් 5,6ක්
කරපිංචා ටිකක්
අමුමිරිස් කරල් 2ක්
බී ලුණු ටිකක්
ගම්මිරිස් කුඩු තේහැඳි 1ක්
ලුණු කුඩු ස්වල්පයක්
සාදා ගන්නා අයුරු.
මාළු ටික කුට්ටි කපා හොඳින් සෝදා පැත්තකින් තබන්න.ඉතිරි ද්‍රවය සියල්ලම බ්ලෙන්ඩෙර් එකට දමා වතුර කෝප්ප 3/4ක් දමා හොඳින් ක්‍රීම් වෙනකල් බ්ලෙන්ඩ් කරන්න.ගොරක කෑලි ගෙන ඒව උණුවතුරෙන් තම්බා ගන්න.බ්ලෙන්ඩර් කරගත් මිශ්‍රණය භාජනයකට දමා හරිම රස ගානට ලුණු ගම්මිරිස් දමන්න.කැමති නම් මිරිස් කුඩු ,තුනපහ කුඩු, කහ කුඩුත් බොහොම ස්වල්ප වශයෙන් එකතු කරන්න.එවිට හොඳට පාටට තියෙනව. ඉන්පසු මාළු කෑල්ලෙන් කෑල්ල අරගෙන මේ මිශ්‍රණය දවටමින් මැටි අතිලියේ හෙමිහිට අතුරා ගන්න.ඉතිරි මිශ්‍රණය තියෙනවා නම් අන්තිමට උඩින් දමන්න. ඉන්පසු ලිපේ තබා පියනින් වසා අඩු ගින්දරේ හෙමින් හෙමින් උයන්න.ඉතිරුවට පස්සේ පියන ඇරලා තවත් අඩු ගින්දරේ ඉස්ම හින්දෙන තෙක් උයන්න. එහෙම හදන්න . හරිම රසයි. කල් තියන්නත් පුළුවන්.
වැදගත්.
බී ලුණු හා සුදුලුනු නොදැමීමෙන් ඇඹුල් තියල් තවත් කල් තබා ගත හැක.
0 ප්‍රතිචාර :
Post a Comment
ඔබේ අදහසට ඉඩ.........