ඔන්න දැන් කියලා දෙන්න යන්නෙ අළු කෙසෙල් බේක් කරල චිප්ස් හදාගන්න විදිහ. බලන්නකෝ එහෙනම් හදන්නෙ කොහොමද කියලා.

අවශ්‍ය දේවල්:

➧අළු කෙසෙල් ගෙඩි 2ක්
➧තෙල් ස්වල්පයක්
➧ලුණු කුඩු
➧කහ කුඩු
➧ගම්මිරිස් කුඩු හෝ මිරිස් කුඩු

සාදා ගන්නා ආකාරය.
➧අළු කෙසෙල් ගෙන පොතු හැර සිහින් පෙති කපා ගෙන ලුණු ස්වල්පයක් හා කහ ස්වල්පයක් දමා ගත් වතුරෙන් සෝදා ගන්න.
➧දැන් බේකින් ට්‍රේ එකක් හෝ අවන් එකට දැමිය හැකි සුදුසු තැටියක් වැනි යමක් ගෙන එයට තෙල් කඩදාසියක් හෝ බේකින් පෙපර් 1ක් (baking paper) අතුරා ගෙන තෙල් ගා ගන්න.
➧දැන් එහි එකිනෙක අතර මදක් ඉඩ සිටින සේ අළු කෙසෙල් පෙති අතුරා ගෙන සෑම අළු කෙසෙල් පෙත්තකටම තෙල් ස්වල්පයක් උඩින් ගා ගන්න.
➧පසුව ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු / මිරිස් කුඩු එය උඩින් ඉස ගන්න.
➧කලින් 200°C/400°F ට රත් කර ගත් උඳුනක (අවන් එකක) විනාඩි 10-15ක් බේක් කර ගන්න.

වැදගත්.

 පැණි රසට කැමති අයෙක්ට ගම්මිරිස් කුඩු/ මිරිස් කුඩු ඉස නොගෙන බේක් කිරීමෙන් අනතුරුව කැමති පැණි වර්ගයක් දමා ගත හැකිය.

හදලා ඉවරවුනහම කර කර ගාලා කන්න තමයි තියෙන්නෙ ඉතිං

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව