Image result for වෙඩින් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය:

250 g රුලන්
250 g චෙරිස්
250 g පුහුල් දෝසි
250 g ඉගුරු දෝසි
250 g චව්චව්
250 g රේසින්
250 g කරන්ට්ස්
250 g කජු
250 g සුල්තන
250 g ස්ට්‍රෝබෙරි ජෑම්
100 g කැන්ඩිඩ් පීල්
250 g බටර්
500 g සීනි
දෙහි ගෙඩියක පොතු
බිත්තර සුදුමද 5, කහමද 10
මී පැනි / ගෝල්ඩන් සිරප් වයින් වීදුරු 1
සුවදකුඩු තේ හැදි 2
බ්‍රැන්ඩි/ විස්කි මේස හැදි 1
වැනිලා මේස හැදි 2
රෝස් එසන්ස් මේස හැදි 2
ආමන්ඩ් එසන්ස් මේස හැදි 1
ආමන්ඩ් පේස්ට් එක සදහා:
කුඩුකරගත් කජු කෝප්ප 1
අයිසින් සීනි කෝප්ප 2
බිත්තර සුදුමද 1
ආමන්ඩ් හෝ රෝස් එසන්ස් තේ හැදි 1


සාදන ක්‍රමය:
කජු හැර අනෙකුත් සියලු පලතුරු කුඩාවට කපා, එසන්ස්, ජෑම්, සුවද කුඩු බ්‍රැන්ඩි,මීපැනි දමා සුලන් නොවදින සේ.සතියක් පමන වසා තබන්න. කජු පොගන නිසා පසුවට එකතු කරන්න.බේක් කරන දිනයේ,රුලන්
යාන්තමින් කබලේ බැද බටර් දමා දියකර පසෙකින් තබන්න. බිත්තර සුදු මද හොදින් බීට් කරන්න. කහමද , සීනි සමග හොදින් බීට් කර පලතුරු මිශ්‍රනයට දමා ඊලගට රුලන්, බටර් මිශ්‍රනයද, අවසානයට බිත්තර සුදු මදද, කජු ද දමා පත්තර පිටු 8ක් එලා ඔයිල් පේපර් එකක් දමා ගත් ට්‍රේ එකක 180 පැය 2ක් පමන.බේක් කරන්න. සතියක් පමන පැනි බහින්නට එම ට්‍රේ එකේම තබන්න.
ආමන්ඩ් පේස්ට් එක සදන්න, අයිසින් කෝප්ප 2ට කජු කො.1 සහ එසන්ස් දමා බිත්තර සුදු මද ටික ටික එක්කරමින් අතෙ නො ඇලෙන ලෙස අනාගෙන ලන්ච් ෂීට් එකක් මත රෝල් කර කේක් එක මත තබා අවශ‍ය ප්‍රමාණයේ කෑලි කපා ගන්න.

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.


පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

197727

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව