23 September 2016



  
පතුල් පැලෙනවා කියන්නෙ අපට අඩිය තියන්න බැරි තත්ත්වයක් නොවෙයි. එය නිසි ලෙස පිරිසුදුව තබා ගතහොත් එදිනෙදා කටයුතු කරගෙන යා හැකි වෙනවා. ඒ ගැන නොසැලකිලිමත් වී පැලුණු තැන්වල කුණු ඇතුලු වූ විට ඒවා පැසවා නොයෙක් ආසාදන විය හැකියි. එවිට වේදනාවක් ඇතිවීමට පුළුවන්. ඒ තත්ත්වය උග්‍ර වු විට කකුල අඩිය තියන්නවත් බැහැ. මෙවැනි ආසාදන තත්ත්ව උත්සන්න වන්නට නොදී පැලුණු කකුළ නිතර ම පිරිසුදු ව තබාගැනීමට වගබලා ගත යුතු වෙනවා.


පැලුණු තැන්වල ආසාදනය වී ලේ එන්නත් පුළුවන්. මෙවැනි තත්ත්ව විෂාදිකා නමින් හඳුන්වනවා. විෂ බීජ ඇතුළු වීමේ ප්‍රවනතාව වැඩි නිසා කකුලට පාවහන් පැළඳ සිටීම ඉතාමත් යෝග්‍යයි. ඒ වගේ ම අපිරිසුදු වතුර, රෙදි සෝදන වතුර නොපෑගිය යුතු වෙනවා. ඒ වගේ ම කකුලෙ ඇති වතුර ගතිය ඉවත් කළ යුතුයි. තෙතමනය රැඳුනු තැන් විෂබීජ ඇතුළුවීමට පහසු වෙනවා. ඒ කියන්නෙ ආසාදනය වැඩි විය හැකි වීමයි. එවිට පතුලින් එන වේදනාව අඩිය තියනවිට වැඩි වෙනවා.

ප්‍රතිකර්ම ගැන සඳහන් කළොත්?

පතුල් පැලීමකදී රෝගීන්ට බොන්නට දෙන බෙහෙත් වට්ටෝරු තියෙනවා. ඒවායින් සමහරක් පහත දැක්වේ.

* රසකිඳ නෙල්ලි වතුර පත 8 දමා 1ට සිඳ මී පැණි දමා පත 1/2 බැගින් මී පැණි සමඟ උදේ සවස සති 2 ක් පමණ බොන්න දෙන්න.

* වියලි නෙල්ලි කලං 12 වතුර පත 8 1ට සිඳ එයට මාදං පොතු චූර්ණය දමා බොන්න. මෙයත් සති 1 හෝ 2 ක් සෑහේ.

* රණවරා පංචාංගයම ( මල්, කොළ, මුල්, ගෙඩි , පොතු) නෙල්ලි, රසකිඳ හීන් නෙරෙංචි, නීරමුල්ලිය කලං 1 මදට 8 බැගින් වතුර පත 8 1ට සිඳ මී පැණි සමඟ බොන්න සති 1 පමණ සෑහේ.

* සාමාන්‍යයෙන් නෙල්ලි රසකිඳ තම්බලා බොන්න. එය නිරෝගි දිවියකට කදිම ලෙස උපයෝගි වෙනවා. නීරමුල්ලිය තනිකර තම්බා බීම තුලින් ඇඟ නිවන බව අප දන්නවා. ඒ වගේ ඉරමුසු, රණවරා සහ නීරමුල්ලිය සහ පොල්පලා තම්බා බීම තුලින්ද සහනයක් ලබා ගැනීමට හැකිවනවාසේ ම සෞඛ්‍යට ද හිතකර වන්නේය. ඔබගේ දවසේ තේ පානය වෙනුවට ඉහත සඳහන් කළ දෑ තම්බා බීම ගුණදායක වෙනවා.

පතුල් පැලුණු විට දී සිදු කරන ආලේපන

* වරා කිරි, දළුක් කිරී, මී ඉටි, සහිඳ ලුණු තලතෙල් 1ට අඹරා පතුල් පැලී ඇති තැන් පිරිසිදු කර එහි ආලේප කරන්න.

* ඉඹුල් කොළ යුෂ තලතෙල් සමඟ මිශ්‍ර කර ආලේපනය සුදුසුයි.

* තලතෙල්, මි ඉටි, සහිඳ ලුණු කලං 3 බැගින් ගෙන දළුක් කිරි, වරා කිරි, එළකිරි කළඳ බැගින් දමා එකට අඹරා ගාන්න.

* කටු කරඬු සහ මුල අමුකහ ලුණු දමා කොටා තල තෙල්වලින් මලවා රාත්‍රියට පතුල්වල බැඳීම සුදුසුයි.

පතුලේ තලතෙල් හෝ ගිතෙල් ආලේප කර හොඳින් පිරිමදින්න. ඉන්පසු රසකිඳ කොළ කටු කරඬු කොළ, නික කොළ, පාවට්ටා කොළ ගොරකා අමු කහ ලුණු ඒවා වතුර දමා තම්බා එහි වාෂ්පය විනාඩි 15 - 20 ක් විතර ඇල්ලීම. පසුව එම වතුරින් ම හොඳට කකුල් සෝදා තල තෙල් හෝ එළඟිතෙල් එහි ආලේප කිරීම.

දුම් ඇල්ලීම ද පතුල් පැලීමට හොඳ අත්දුටු ප්‍රතිකාර ක්‍රමයකි.
* බෙලි මුල් නාරං කහ ගුරුල්ල මුල්, කුඩුමිරිස් මුල් කදුරු මද, හුණු , අත්තික්කා පොතු මේවා තම්බා ඉන් එන දුම ඇල්ලීම.

* වතුර සහිත පොල් ගෙඩියකට එය සිදුරු කර කැකුළු හාල් ටිකක් දමා මුඩියකින් වසා දින කිහිපයකට පසුව එය ගෙන අඹරා පතුල්වල ආලේපය සුදුසුයි.

* හල් දුම්මල සහිඳලුණු උක් හකුරු මී පැණි, ගගුල්, සිවම්ගුරු සමව ගෙන සිනිඳු ව අඹරා එළඟිතෙල් වැඩි ප්‍රමාණයක් දමා අඹරා එය ළිප තබා රත්කර පසුව එන පල්පය හුලං නොඑන වීදුරු බෝතලයක අහුරා එය පතුලේ ආලේප කරන්න.

* පතුල උණු වතුරින් සෝදා තෙත ඉවත්කර පසු පිරිසිදු එළඟිතෙල් ආලේප කර හෝ ඒ සඳහා පියවරක් වතුරින් සෝදාගත් එළඟිතෙල් එහි ආලේපය හොඳයි.

* පතුල් පැලීම වළක්වා ගන්නට ගිනියම් ආහාර ගැනීම නොකළ යුතු වෙනවා. විශේෂයෙන් වතුර පානය කිරිම සුදුසුයි. එළවළු පලතුරු කෑම ශරීරයට ගුණයි. බොහෝ විට කාන්තාවන්ගේ පතුල් පැලීම සුලබ දෙයක්. ඉහත ප්‍රතිකාර විධි ප්‍රයෝජනයට ගෙන එහි ස්වභාවය ඔබත් අත්විඳ බලන්න.

 උපුටා ගත්තේ   ඡීවක වෙද අසපුව   facebook පිටුවෙන් .

0 ප්‍රතිචාර :

Post a Comment

ඔබේ අදහසට ඉඩ.........

රථ වාහන වැරදි කිහිපයක් සඳහා අවම දඩය රු.25,000ක් දක්වා ඉහළ දැමීම?
සාධාරණය.
අසාධාරණය.
විකල්පයක් නැත.
අදාළ නොවේ.

Printfriendly



පසුගිය ලිපි

පරිශීලකයන් ගණන.

Calculator


Translate site

සඳහම් දනව්ව.












ෆේස් බුක් පිටුව